Featured

දැන් මේක කැදහැලියක්… අපේ හාමුදුරුවනේ

තවදුරටත් මේ ආණ්ඩුවට මේ විදියට යන්න බෑ හාමුදුරුවනේ…… අපි රටේ මිනිස්සු එක්ක ඉන්නේ…ඒ මිනිස්සු යන යන තැන අපිට බණිනවා…කියනවා …රටට වෙලා තියේන දේ කියලා….. අනේ මං දන්නේ නෑ හාමුදුරුවනේ අපේ ආණ්ඩුවට මොකක් වෙලාද කියලා යනුවෙන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් හමුවේ අද පාපෝච්චාරණය කර තිබේ.

අද බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයයේ භික්ෂුන් වහන්සේලා 1100කට චින ජාතිකයන් විසින් පිරිනැමු දානමය පිංකමට එක්වෙමින් විජයදාස රාජපක්‌ෂ අමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ මෙම ප්‍රකාශය කල බව එහි සිටි අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

” මටනම් දැන් මේ විදියට ඇමතිකම් කරලා එපා වෙලා…..ඉස්සේලාම රට ගැන හිතන්න ඔනෑ….රටේ මිනිස්සු ගැන හිතන්න ඔනෑ…දැන් මේක කැදහැලියක් ඉස්සර වගේ උගත් බුද්ධිමතු මිනිස්සු අද අපේ පක්ෂයෙන්ත් නෑ…මේ ජරා දේශපාලනයේත් නෑ…..”

ඇල්ලේ ගුණවංශ නාහිමියන් රාජපක්ෂ මහතාගේ කතාව සාවධානව අසා සිටි අතර “අපේ හාමුදුරුවෝ මොනවාද කරන්න හිතාගේන ඉන්නේ යනුවෙන් ” අමාත්‍යවරයා යොමුකල පැණයට “බලමු අපේ මහත්තයෝ…” යනුවෙන් පමණක් පිළිතුරු දි තිබේ.

Rajapaksha_Ghimi (1) Rajapaksha_Ghimi (2) Rajapaksha_Ghimi (3)

 

Top