Featured

දිනදහදාහේ ර‍ට්ටු හිනස්වන වැඩ කරන්න ගියාම ජනතාව ඉදිරියේ අපියි පච වෙන්නේ…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට දින දස දහසක් සපිරීම නිමිත්තෙන් කිලී මහරාජාගේ කොන්ත්‍රාත් ඉ‍ටුකරමින් සිටින ජනාධිපති සම්බන්ධීකරන ලේකම් දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ නීතිඥ ශිරාල් ලක්තිලකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලය විසින් දිවයින පුරා සංවිධානය කල උත්සව සහ පිංකම් මාළාව අසාර්ථක විම හේතුවෙන් ශිරාල්ට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම සිය අප්‍රසාදය පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට දින දස දහසක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන වැඩසටහන ඊයේ කැළණිය රාජ මහා විහාරයේදී පැවැත්විණි.

එම අවස්ථාවට වැඩි පිරිසක් සහභාගී කරවා ගැනීම සදහා ශිරාල් ලක්තිලක විසින් විශාල මුදලක් වැයකර පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කළද ජනපති පවුලේ අය, මැති ඇමතිවරු, ඔවුන්ගේ සමීප හිතවතුන් සහ ආරක්ෂක නිළධාරීනුත් ඇතුළුව සියයක පමණ පිරිසක්වත් සහභාගී කරවා ගැනීමට අපොහොසත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය දැඩි කනස්සල්ල පලකර තිබේ.

ඊයේ කැලණි විහාරයට පැමිණි අවස්ථාවේ එම අවස්ථාවේ විහාරස්ථානයේ සිටි බැතිමතුන් අදාළ වැඩසටහනට සම්බන්ධ කර ගැනිමට උත්සහ කලද ඔහුන්ද එම ඉල්ලිම නොසලකා හරිමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මේ අතර ජනපති දේශපාලනාවතරණ සංවත්සරය මහ ඉහළින් සැමරීම සදහා රට පුරා ප්‍රධාන ආගමික මධ්‍යස්ථානලදී පිංකම්, උත්සව මාළාවක් සංවිධානය කිරීමට ජනපති කාර්යාල නිලධාරීන් සැළසුම් කර ඇති අතර ඒ සදහා රුපියල් කෝටි තිහක වියදම් ඇස්මේන්තුවක් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇත. එය දැකීමෙන් උරණ වී ඇති ජනපතිවරයා එම නිලධාරීන්ට බැණ වැදී ඇති අතර එම මුදල් ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සදහා වෙන් කරන ලෙස දන්වා ඇති බවද දැනගැන්මට ලැබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරීම නිමිතතෙන් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් විශාල ප්‍රමාණයයක් යෝජනා කර සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබුවද ඉන් සියයට දහයක තරම් ප්‍රමාණයක්වත් සිදුව නොමැති බව වාර්තාවේ.

ශ්‍රමදාන, ජනහමු, ජංගම සේවා, ප්‍රජාසත්කාරක සේවා ආදී වැඩ සටහන් ‍රැසක් මෙහිදි යොජනා කෙරී ඇත. එහෙත් බොහෝ නිලධාරීන් මේ කිසිවක් සිදු නොකට එම වැඩසටහන් සිදු කළාය යනුවෙන් අසත්‍ය වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර තිබේ. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලයේ කළ සොයා බැලීමකදි මෙ වාර්තාවල අසත්‍ය බව තහවුරුව තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ සොයා බැලීම් වලදී බොහො ප්‍රාදේශිය ලෙකම් වරු ‘ මේ බොරු වැඩ..,ගමේ සංවර්ධන කටයුතක්වත් නොකර ජනාධිපතිවරයාගේ මේ දිනදහදාහේ ර‍ට්ටු හිනස්වන වැඩ කරන්න ගියාම ජනතාව ඉදිරියේ අපියි පච වෙන්නේ… ආදී වශයෙන් පවසා ඇත. ඒ අනුව මේ නොසලකා හැර තිබේ.

Top