Featured

දුමින්ද වගේ හුජ්ජ කොල්ලෝ කියන කතා ගණන් ගන්න එපා

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකට ජනාධිපතිවරයා බැණ වැදිමේ සිද්ධියක් අද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වස විස නැති එළවළු හා පළතුරු ආදිය අලෙවි කරන පොළට පැමිණි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගනිමින් කථාව කල කෘෂිකර්ම ලේකම් අවසර ගත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි යනුවෙනි.

එම ප්‍රකාශය සමග දුමින්ද සමග ඇයි හොදයිකම් මදකට නතර කර දැමු මෛත්‍රී දින දෙකකට පසුව දුමින්ද දිසානායක ගෙන්වා අම්බානකට බැනවැදි ඇති අතර දුමින්ද විසින් මේ දක්ව කරගෙන ආ පුවත් පත් සියල්ලමද නතරකරන ලෙසට නියෝග කර තිබේ.ගෙවුනු දින කිහිපය තුල එම පුවතට ඉතා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබිම සම්බන්ධයෙන්ද මෛත්‍රී සිය දැඩි අප්‍රසාදය පලකර තිබේ.

“බලනවා අයිසේ …අවුරුද්දකටත් වඩා ගිහින් තවමත් තමුසෙලාගේ මිනිස්සුන්ට මහින්දව අමතක කර ගන්න බෑ…හිටං… ”

තවදුරටත් මහින්ද හෝ එකාබද්ධ විපක්ෂය මර්දණය කිරිමේ කාර්‍යය සිදුකිරිමට මහා ලේකම්වරයා අසමත්නම් එම තනතුර දැරිමෙන් පලක් නැති බවද මෛත්‍රී දුමින්දගේ මුණටම කියා තිබේ.

මේ අතර මෛත්‍රීගේ බැනුම් ඇසිමෙන් කුජිතව ගිය දුමියා ජාතික ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායම විසින් ලබන 17 දා කොළඹදී පැවැත්වීමට නියමිත රැලියට සහභාගි වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකුට පක්‍ෂය අවසර දී නැති බවත් කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිසිම සම්බන්ධයක්‌ නැති බවත් දැනුම් දි තිබේ. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප එකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයෙකු කල විමසිමකදි ඔහු කියා සිටියේ හුජ්ජ කොල්ලෙකු කියන් කතා ගනන් ගැනිමට තරම් මහින්ද පිළේ කිසිදු සටන්කාමියෙකු සුදානම් නැති බවයි.

එදා සග,වෙද,ගුරු,කම්කරු ජනයා ගොඩනැගු ශ්‍රි  ලංකා නිදහස් පක්ෂය වර්තමාන වනවිට චන්ද්‍රිකා,මෛත්‍රී,රනිල්,ඉන්දියාවට අවශ්‍ය පරිදි නටමින් සිටින බවත් දැන් අලුත් ගමනක් යෑමට කාලය උදාවි ඇති බැවින් ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එළැඹෙන 17 වැනිදා පැවැත්වෙන “ජනසටන” විරෝධතා රැලියට රටේ දුක්විදින ජනතාව සමග අලුත් ගමනක් යන්න සුදානම් වන බවද අවධාරණය කළා.

 

Top