මාගේ තිස් වසරක පූර්ණකාලීන දේශපාලන ජීවිතයේ දී මා අත්විඳින එක් නිගමනයක් වන්නේ න්‍යායන්ගේ ඇති දුර්වලතාව නොව භාවිතයේ ඇති අසාමාන්‍ය දුර්වලතාවන්ය. න්‍යායන් අධ්‍යයනය නොකිරිම හෝ ග්‍රහණය කරගැනීමට ඇති බාධා හෝ අනුවණකම් හෝ නොව සත්‍ය වශයෙන්ම ඇත්තේ කුහකත්වය හා උද්දච්චකම් මත ඇති කරගත් න්‍යායාත්මක නොගැලපීම්ය. වරද්දාගත් භාවිතාව ලෙස මම අදහස් කරනුයේ එයයි.
අපි නොකියවන්නෝ හෝ අධ්‍යයනයට නොකැමැත්තෝ නොවෙමු. එහෙත් අප ලද මෙන්ම කරමින් සිටින අධ්‍යයනයන් භාවිතයට ගත යුතු සමාජ ස්ථරය හා භූමිය මේ බොහෝ දෙනා තවමත් නිසිව වටහා ගෙන නැත. අවාසනාව වන්නේ එලෙස නිසිව භූමිය වටහා නොගත් පිරිසක් මත නිෂ්පාදකයින් (Opinions Makers) ලෙස ජනතාව හඳුනාගැනීමයි. එය මාධ්‍ය අරක් ගැනීමක් ලෙසද වටහා ගත හැකිය.
ඇත්දළ ජාවාරම සහ විනාශ කිරීමට අදාළ කතාවක් අතරතුර “ජනරළ“ පත්‍ර යේ පළවූ ලිපියක් ඇස ගැටීමෙන් මෙම යථාව යළි සුළුවෙන් නමුත් කිහිපදෙනෙකුගේවත් අවධානයට යොමු කළ යුතුයැයි යන හැඟීම මට ඇතිවීය.
“….ඇත් දළ පසු පස ඇත්තේ වන ජීවී සංහාරයකි. ධනවාදය තුළ ඇත්තේ වනජීවීන් පමණක් නොව සංස්කෘතීන් පවා අකා මකා දමන සංහාරයක කතාවකි. එය අප මෑතකාලයේ දී ඉරානයේදී, ඇෆ්ගනිස්ථානයේදී හා සිරියාවේදී ද අත්දකිමින් සිටිමු…. ”
“ජනරළ” පතින් කියවූ දේ අතරින් මෙයට අදාළව මා උපුටාගන්නේ එම කොටස ය.
ධනවාදය යන්න පසුපස හා ඊට සමානව අප සමාජය අර්තකථනයන්ට බඳුන් කරගන්නා වදන් රැසකි. ධනේෂ්වරය, ධනපතියා, ධනපති පංතිය ඉන් කිහිපයකි. සමාජවාදයට එරෙහි වන්නෝ පූර්ණ වශයෙන් ධනවාදියෝ ද ? මේ පැනයට පිළිතුරු දීමට පෙර ඒ වෙනුවෙන් උපයෝගී කරගන්නා පංති ස්ථරයන් වටහා ගත යුතුය. ධනවාදය න්‍යායාත්මකව අවබෝධ කරගත් ඇත්තන්ට අමතරව හා සමාජවාදය න්‍යායාත්මකව අවබෝධ කරගත් අයද සිටී. එහෙත් මේ දෙකටම නැතිව මේ අන්ත දෙකටම විරුද්ධවන්නන් ද සිටී. අන්ත දෙකෙන් කුමකට වුව දරුණු විනාශය අත් කර දෙන්නේ මේ තෙවනුව කී අන්තයක ප්‍රබලත්වයයි. භාවිතාව ඇත්තේ එතැනයි.
මූල්‍ය සමාගමකට ණය වී හා උපයන දේ වැය කරමින් බසයක්, ලොරියක්, වෑන් රථයක්, කාරයක් සමඟ ඉඩම් කඩම් ඇතිව ගෙයක් දොරක් යහතින් නිමවාගෙන ජීවත්වන්නෙක් ද සිතා සිටිනුයේ තමන් ධනපතියෙක් කියාය. ඒ අනුව, සමාජවාදියා ඔහුට තමන්ගේ සතුරෙකි. මාක්ස්වාදී යන වදන මේ අයගේ අහලකවත් නැත. ලිබරල්වාදය දන්නේම නැත. මෙය මා සජීවීව ලද අද්දැකීමකි.
මෙම තලයේ දී සමාජවාදී දාර්ශනිකත්වය කෙසේ වෙතත් ඒ වෙනුවෙන් යම් කිසි උනන්දුවක් ඇති මාක්ස්වාදී පුද්ගලයින් පවා ප්‍රතික්ෂේප කරන ග්‍රාමීය ධනපතියන් සිටී. මතයක් සමාජගත කීරීමේ දුෂ්කරතාවන් මෙහිදී නොසලකා සිටිය හැකිද ? නොහැකිය. ඒ වෙනුවෙන් මෙම සමාජවාදී දාර්ශනික ක්‍රියාධරයන් යම් වැඩපිළිවෙළක් දියත් කර ඇද්ද ? නැත යන පිළිතුර තවම දිය හැකිය.
“එසේ නොවේ. අපි පන්ති, සාකච්ඡා, අධ්‍යාපන කව සහ සම්මන්ත්‍රණ මගින් එය සිදුකරමින් සිටින්නෙමු.” යැයි කිසිවෙකුත් තර්ක කළ හැකිය. එහෙත් ඒ තර්ක සියල්ල ගඟට කැපූ ඉනිවන්නේ මැතිවරණ ක්‍රියාවලිය තුල දී ය. යථාව මැනැවින් ප්‍රදර්ශනය වන්නේ ව්‍යවස්ථාදායකයේ නියෝජනය තුළින් ය. මා විසින් මේ වාක්‍ය ඛණ්ඩය දක්වා ගෙන ආ පෙළගැස්ම ම දැන් පෙර කියූ න්‍යායාචාරීන්ට නයාට අඳු කොළ වැනි වී ඇතිවාට සැක නැත.
මට අවශ්‍යද එයයි. දැන් පැහැදිලිය. භාවිතාව ප්‍රශ්න කරන්නේ මෙතැන් සිටය. වචන හරඹවලින් පමණක් අරගලය ජය ගත නොහැකිය. සමස්ත සමාජයෙන් බහුතරය දුක් විඳින්නේ එය හෙවත් මේ දෙසන්නාවූ න්‍යායට වහල් කරගත නොහැකි වූ නිසාය. එහෙත් මේ සත්‍යය පිළි නොගන්නා න්‍යායාචාරීහු තවමත් දෙස් දෙවොල් තබති.
රෝහණ විජේවීර මීට සමගාමී ලුම්පන් පන්තියක් ගැන කතා කළේ ඒ නිසා විය යුතුය.
අද විජේවීර සිටියානම් රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී දර්ශනයට කත් අදින ලුම්පන් නායකයින් දැක කුමකින් කුමක් කරනු ඇද්ද ? අඩුම තරමින් එජාප හෝ ශ්‍රීලනිප හෝ ප්‍රධාන පක්ෂ දෙක වටා දකුණෙන් ගොනුවන ලුම්පන් පන්තියට සහ වර්ගවාදී මානසිකත්වයෙන් කැරට් ගිලින උතුරේ ලුම්පන්ලාට ඉගැන්විය හැකි පාඩම සකසා ගන්නට තවමත් නොහැකිවීම මේ පෙර කියූ න්‍යායාචාරීන්ගේ ඛේදයයි.
“….ධනවාදය තුළ ඇත්තේ සංස්කෘතීන් පවා අකා මකා දමන සංහාරයක කතාවකි. එය අප මෑතකාලයේ දී ශ්‍රී ලංකාවේදී ද අත්දකිමින් සිටිමු…. ”
මෙය නිවැරදිව සමාජගත කරන්නට හැකි වූදාට අපි දිනුම් බව නොපැකිළ කියන්නට හැකි වෙන්නෙමු.
“….ධනවාදය තුළ ඇත්තේ සංස්කෘතීන් පවා අකා මකා දමන සංහාරයක කතාවකි…. ” අවසානය දක්වා අප ග්‍රහණය කර ගත යුතු එයයි.
– ජනිත් විපුලගුණ –
– 2016 පෙබරවාරි 10 –
– දික්වැල්ලේ දී. –