Featured

නදිශා,ජානකී FCID ගමන දුමින්ද,සුදත් නිසා නතර වේ

නදිශා හේමමාලී සහ ජානකී සිරිවර්ධන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් FCID වෙත ප්‍රශ්ණ කිරිම සදහා කැදවා ඇතත් ශ්‍රීලනීප පැරෂුට් මහ ලේකම් දුමින්ද දිසානායක සහ එජාප සන්නිවේදන බළකා ප්‍රධානී රනිල්ගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටින  සුදත් චන්ද්‍රසේකරගේ බලපෑම් මත අදාළ ප්‍රශ්ණ කිරිම සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බව FCID ප්‍රධාණියෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ට්‍රාන්ස් වර්ක් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වූ මූල්‍ය වංචාව රටේ දේශපාලනය තුළ නම් ගැන්වුණේ “ක්‍රිස් ගනුදෙනුව” නමිනි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඒ ඉඩම මහාදේවන් නමැති ඉන්දීය මවු සමාගම යටතේ ඇති ක්‍රිෂ් ට්‍රාන්ස් වර්ක් පෞද්ගලික සමාගමට 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇත්තේ රුපියල් මිලියන හාරදහස් නවසිය පනස් පහකටය. ඉන් රුපියල් මිලියන හාරදහස් දෙසීය අසූපහයි දශම පහක් නාගරික සංවර්ධන අධිකාරියට ඔවුන් මේ වන විට ගෙවා ඇති බව කියැවේ. මේ සමාගමේ අධ්‍යක්ෂවරුන් වනුයේ අමිත් කටියාල්, ආර්. පී. ගුප්තා හා ගීතාංජලි ජානකි සොයිසා සිරිවර්ධනය. කලක් ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ ජානකි සිරිවර්ධන ක්‍රිෂ් ට්‍රාන්ස් වර්ක් පෞද්ගලික සමාගමේ දේශීය ඒජන්තවරිය ලෙසද කටයුතු කර තිබේ.

මිට අමතරව ජාතික රූපවහිනියේ විකාශන කාලයක් සිය නාට්‍යක් සදහා අල්ලස් ලබාදි නාට්‍ය විකාශය කිරිම සදහා හොදම කාලයක් ලබාගැනිම හරහා ජාතික නාලිකාවේ මුදල් අවභාවිතාවේ යෙදවිම සම්බන්ධයෙන් නදිශා හේමමාලීට එරෙහිව ජාතික නාලිකාව ගොනුකර ඇති චොදනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරික්ෂණ මෙහෙයවන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිම සදහා නදිශාට පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාණියෙකු පසුගියදා දාන ගෙදරකදි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර හමුවි ඇති අතර එහිදි අමරවීර FCID ප්‍රධාණියාගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කර ඇත්තේ විමල් විරවංශ අත් අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙනි.ශ්‍රිලනිපයේ මෛත්‍රී පාර්ශ්වයට බරපතලම ගැටලුව විමල් බවත් ඇමතිවරයා අවධාරණය කර තිබේ.පසුව  FCID ප්‍රධාණියා සදහන් කර ඇත්තේ තමන්ට ලැබෙන ඔඩර් අනුව පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කලද තමන්ට කැමති අකාරයට කිසිවෙකුත් අත් අඩංගුවට ගැනිමට හෝ පරික්ෂණ කිරිමට හැකියාවක් නොමැති බවයි.

http://www.lankanewsweb.today/archives/11978

Top