ලෝකයා

නව බලශක්ති සම්පත්වල ගුණාත්මක සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගේ අවධානය

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ඊයේ(29) පැවති නව බලශක්ති සම්පත් තාක්ෂණය හා දේශීය සම්පත් සුරක්ෂිතභාවය සම්බන්ධ 12 වැනි සමූහ අධ්‍ය‍යනයේ මුලසුන දරමින් ෂී ජින්පිං මහතා මේ බව සඳහන් කළේ ය.

චීන ලක්ෂණයන් සහිත නවීකරණය ඔස්සේ ආරක්ෂිත සහ විශ්වසනීය බලශක්ති ප්‍රවේශයක් සහතික කරමින් පිරිසිදු සුන්දර ලෝකයක් නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

චීනය සුළං බලයෙන්, ප්‍රකාශ වෝල්ටීයතා හැකියාවෙන් සහ අනෙකුත් සම්පත්වලින් පොහොසත් බවත්, නව බලශක්ති සම්පත් වර්ධනය කිරීමට විශාල හැකියාවක් ඇති බවත් හෙතෙම පැවසීය. නව බලශක්ති සම්පත් සංවර්ධනය හා චීන ජාතික සම්පත් සුරක්ෂිතභාවය සම්බන්ධීකරණය කර නව බලශක්ති හා සාම්ප්‍රදායික බලශක්ති අතර සම්බන්ධතාවය, රටේ සමස්ත තත්ත්වය සහ අදාළ ක්ෂේත්‍ර, රජය හා වෙළඳපොල, බලශක්ති සංවර්ධනය හා සංරක්ෂණය යන කරුණු නිසි අයුරින් කළමනාකරණය කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම නව බලශක්ති සම්පත් තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ ජාත්‍යන්තර සහයෝගීතාව තහවුරු කළ යුතු ය. ජාත්‍යන්තර බලශක්ති පාලන ප්‍රතිසංස්කරණයට වඩා පුළුල් සහභාගිත්වයක් ලබා දෙමින් සාධාරණ, යුක්තිසහගත සහ සමතුලිත ප්‍රවේශයක් ඔස්සේ පොදු ජයග්‍රහණ ලබා ගත හැකි ගෝලීය බලශක්ති සම්පත් පාලන පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

Top