Anonymous Reporter

නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීම් වහාම නවතනු කොටි නියෝගයක්!

රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලිතව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ අනාවරණය කරයි.

ඒ අනුව උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බවයි  නවදගල පදුමකිත්ති හිමියෝ අවධාරණය කරන්නේ.

කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ ආවධාරනය කර තිබේ.

උතුරු පළාත තුල රාජපක්ෂ මහතා දිනාදුන් නිදහස සාමය අද වන විට බිද වැටෙමින් පවතින බවත් යාපනයට පැමිණෙන වන්දනා නඩවලටද පහර දෙන තත්ත්වයක් උදා වී ඇති බවත් ආරක්ෂාව බරපතල ලෙස බිද වැටෙමින් පවතින බවත් මෙන්ම යාපනයේ සිංහල ව්‍යාපාරිකයන් විවිධ තර්ජනවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් යාපනය නාග විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ මිට පෙරද අනාවරණය කළා.

කියවන්න-නාගදිපේ හාමුදුරුවෝ රනිල්ගේ රෙදි ගලවයි….. උතුරේ මොනවාද වෙන්නේ(Video)

Top