Featured

නීතිඥ වෘත්තීයට වැට බදින වැඩ අනන පොලිස්පති… නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය අස්සේ නටන නාඩගම්!

Published on: May 3, 2020- වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අධිකරණ කටයුතුවලට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධපලකර තිබේ.නිත්‍යානුකූල නොවන අකාරයට ඇදිරිනීතියි පවත්වාගෙන යන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය ඉටුකිරිමට ව්‍යවස්ථාවේන්  බැදී සිටින නීතිඥවරුන්හට ඇදිරි නීති බලපත් ලබා ගැනිමට කියන්නෙ නම් පොලිසියටද පාරේ ගමන් කිරිමට බලපත්‍ර ලබා ගැනිමට වනු ඇත.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් නීතිඥවරුන් පෙන්ව දෙන්නේ තමන්ට සිදුවිය හැකි අප්‍රසන්න ප්‍රතිඵල කෙරෙහි නොසළකා සේවාදායකයන් කෙරෙහි සිය යුතුකම ඉටු කිරීම නීතිඥවරයාගේ බැදීම බව වැඩ බලන පොලිස්පතිවරයා දන්නවාද? යන්න ගැටලුවකි.(1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල 15, 16 සහ 18 රීති..) කොරෝනා වෛරසය හමුවේ සිය ජීවිතය පවා අනතුරේ හෙළා ගනිමින් සිය වෘත්තීය වගකීම ඉටු කිරීමට නීතිඥවරු ඉදිරිපත්වීම වැරදි විය නොහැකිය.

කොරෝනා වෛරසය පාලනයටය කියමින් සිය නිවසේ කාලය ගත කිරීමට හැකියාව තිබියදී ජනතාවට අවශ්‍යම සේවයක් සපයන නීතිඥවරයාට සිය වෘත්තීය වගකීම නීතිගරුකව ස්වාධීනව ඉටුකිරීමට නොදෙන්නේ ඇයි? නීතියේ පිළිසරණ පතා එන අය නීතියේ පාලනයෙන් ඈත් කර අනීතික සමාජයක් ඇති කිරීමටද? යන්න වැඩ බලන පොලිස්පතිවරයාගෙන් විමසිය යුතුය.

සිය සේවාදායකයාට සහාය වීමට අධිකරණයට යන නීතිඥවරයාට ඇදිරි නීති බලපත් ගැනීමට නියම කිරීම සාධාරණ ද? එය සිරගතවී සිටින අයට, අගතියට පත් පාර්ශවයන්ට, වින්දිතයන්ට පොදුවේ ජනතාවට කරන අයුක්තියක් නොවේද? යන්න ප්‍රායෝගිකව විමසිය යුතුය.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දක්වමින්, එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස නීතිඥවරයෙක් දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

විද්‍යුත් තැපෑලෙනි (2020.04.29)

සී. ඩී. වික්‍රමරත්න මහතා
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01,
විද්‍යුත් තැපෑල :- igp@police.lk

ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

1.සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් නීතිඥවරුන්ට සහ සේවාදායකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඇදිරි නීතිය පැනවීම මත ඔබට අහිමි කළ නොහැකිය.

2.ඔබගේ උක්ත ලිපිය මගින් අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට නීතිඥවරුන්ට නියම කිරීම සම්බන්ධ එකග විය නොහැකි අතර එය නීතිඥ වෘත්තීය කටයුතුවලට බාධා කිරීමක් මෙන්ම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙයි.

3.මේ ආකාරයට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේදී නීතිඥවරුන් සීමා කිරීම, කොන්දේසි පැනවීම, විධාන කිරීම සම්බන්ධව විරෝධය දක්වමි.

4.නීතිඥවරුන්ට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට දක්වා ඇති එකී කොන්දේසිය/ විධානය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,

විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

(දුර. 0712063394)

විද්‍යුත් තැපෑල :- arunaunawatuna@gmail.com

පිටපත් –

1.නීතිඥ හරිගුප්තා රෝහනධීර, අධ්‍යක්ෂ ජනරාල්(නීති), ජනාධිපති ලේකම් කාර්යාලය. කොළඹ 01.

විද්‍යුත් තැපෑල :- ps@presidentsoffice.lk

2.සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය. කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- basl.lawnet@gmail.com, basl@basl.lk

3.නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- administration@attorneygeneral.gov.lk

අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීමට අදාල වැඩ බලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපිය….

නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය! සම්බන්ධයෙන් අප පසුගියි 4 වැනිදා අනාවරණය කල අතර මේ එහි උපුටා ගැනිමකි.

මෙම ඇඳිරි නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 262 සහ 264 දක්වා වගන්ති යටතේ පනවා ඇති නමුත් මෙවැනි මොහොතක එම වගන්ති යටතේ ඇඳිරි නීතිය පැනවීමට නීත්‍යනුකූල අයිතියක් නොමැත. එම කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරිමට අපද කටයුතු නොකලේ  සාමාන්‍ය පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකමින් පාරට බැසීමේ අවදානමක් තිබු නිසා නමුත් ආණ්ඩුව එම තත්ත්වය අවභාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන ආකාරයට නීතිය අවභාවිත කරමින් සිටියදි ඇදිරිනීතිය නිත්‍යානුකූල නොවන බව අප ජනතාවගෙන් සැගවිම සදාචාරාත්මක නැත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත යටතේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ හැකි අතර ඒ යටතේ ඇඳිරි නීතිය පැනවිමේ හැකියාව ඔහුට ලැබේ. නැතහොත් මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත.එවන් තත්ත්වයක් යටතේ කුමන ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය පනවනවාද, කුමන පුද්ගලයන්ට පිටට යෑමට හැකියාව ලැබෙනවාද වැනි කාරණා නීත්‍යනුකූලව සඳහන් කල යුතුය.නමුත් මේ දෙකම කිරිමට ගෝඨාභය සමත්ව නෑ.

Top