Featured

නීතිය බල්ලට ගිහින්,මෛත්‍රී-රනිල් නාඩගමකට සුදානම්

යහපාලනය තුල නීතිය ආධිපත්‍ය බිඳ වැටිම හේතුවෙන් අර්බුදයකට මුහුණ හි සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ඇම්බැට්ටයන්ගේ උපදෙස් මත අධිකරණය හමුවට කැදවා රටේ ජනතාවට මැජික් එකක් මෙන් එය පෙන්විමට සුදානම් වන් බව වාර්තා වේ. මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ පලමු ප්‍රජාතන්ත්‍ර විරෝධී පත්කිරිම වු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් යොදාගනිමින් එම මැජික් එක පෙන්විම සුදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුලු 75 දෙනෙකුට නොතිසී නිකුත් කර තිබේ.ඒ නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්.නෝබල් රිසෝසර්ස් පෞද්ගලික සමාගම අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරමින් පැවසුවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් මිලියන 90කට සැපයීමට තමන් ඉදිරිපත් වූ බවයි.

තම සමාගමට ටෙන්ඩරය පිරිනමන ලෙස තාක්ෂණ ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබියදී වැඩි මිලකට ටෙන්ඩරය ඉදිරිපත් කළ වෙනත් සමාගමකට එය ලබා දීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවයි පෙත්සම්කාර සමාගම සඳහන් කරන්නේ.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඇතුලු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නඩුව ලබන දෙසැම්බර් 15 වන දාට විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

එදිනට පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුලු 75 දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.විරෝධතා ඇත්නම් සති තුනක් ඇතුළත ඒවා ගොනු කරන ලෙසයි වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.අමාත්‍යවරයෙකු මට්ටමෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යෑමට හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.ඒ අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමේදී ඉදිරිපත් වූ විරෝධතාවක් සැලකිල්ලට ගනිමින්

Top