Featured

නීලකාස හොරෙක් “ඉරිදා” පුවත්පත ගිලගනී

සෙනසුරාදාට එන බව කියමින් රට පුරා ජනතා ආකර්ෂණය දිනාගත් “ඉරිදා” පුවත්පත අර්බුදයට ලක්කිරිම පසුපස එක්සත් ජාතික පක්ෂයේ නීලකාස හොරෙක් සිටින බව එම පුවත් පතේ සේවකයන් අනාවරණය කර සිටි.ඔහුගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් සෙනසුරාදාට එන ජාතික පුවත් පත පසුගිය සතියේ මුද්‍රණය කිරිම සිදුවුයේ ඉරිදා අලුයම වන් බවයි එම ආයතනයේ සේවකයන් අනාවරණය කළේ. ජාතික සේවක සංගමයේ ලේකම් ධුරය දරමින් එවකට ලේක්හවුස් බෙදාහැරීම් කළමනාකාර ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 420ක මුදලක් වංචා කිරිම හේතුවෙන් වැඩ තහනමකටක ලක්ව සිටින සුනිල් සෙන්දනායක “ඉරිදා” පුවත්පත අර්බුදයට ලක් කිරිම සදහා ඩබල් ගේමක් ගසමින් සිටින බවත් කේළාම් කියමින් දෙපැත්ත කෙටවිමට සහ අනුන්තගේ පවුල්ම ගැන කතා කරමින්න්ගේ තමන්ගේ  පවුලේ සමාජිකයන් අතර ආයතනයේ සියලුම බලය සහ පහසුකම් මෙන්ම ප්‍රතිපාදන බෙදා ගැනිමේ මෙහෙයුමක ඔහු යෙදි සිටින බව අනාවරණය වි තිබේ.

සෙන්දනායක නැමත්තා නීලකාස සොරෙකු මෙන්ම ගේම් ගැසිමටද දක්ෂයෙකි.2010 ජනාධිපතිවරණයෙන් එජාපයේ ඉත්තා වු සරත් ෆොන්සේකා පරාජය වන බව දැනගත් සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වු සෙන්දනායක පසුව 2015 ජනාධිපතිවරණය අවසන් විමත් සමග යලිත් එජාපයට එක්වු ඔහු මේ වනවිටත් රුපියල් ලක්ෂ 420ක මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වු අයෙකු වන අතර සිය දේශපාලන පිළ් මාරුව හරහා පරික්ෂණ කටයුතු යට කර ගැනිමට සමත්ව සිටි.

සුධර්මන් රදෙළියගොඩ සහ සුධර්මන් රදෙළියගොඩ ගේ හිතවතුන් විසින් එහි සමස්ත ක්‍රියාවලියම අකර්මන්‍ය කරමින් සිටින බවට චොදනා එල්ල විමත් සමග ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා වි ඇති අතර එහිදි සුධර්මන් රදෙළියගොඩ කල ප්‍රකාශයක් මත පමණක් පදනම් කර ගනිමින් “සේවයෙන් ඉල්ලා අස්විම පිළිගැනිමයි ” යනුවෙන් හදිසියේම ලිපියක් යැවිමට කටයුතු කිරිමත් ඒ සමගම “ඉරිදා” පුවත්පතේ අලේවි සහ බෙදාහැරීම් අංශයේ සිටි සෙන්දනායක අධ්‍යක්ෂක මණ්ඩලයට රිංගා ගැනිමත් සමග ඔහු කවුරුන්ද යන්න අනාවරණය වි තිබේ.

ඒ අනුව රදෙළියගොඩ පවුල් ගහක් ගැන කතා මැවු නීලකාස හොරෙක් වු සුනිල් සෙන්දනායකගේ පවුල් ගහේ තොරතුරු රැසක් ආයතන සේවකයන් අනාවරණය කර තිබේ.

ඒ අනුව සුනිල් සෙන්දනායක අධ්‍යක්ෂ සාමාන්‍යධිකාරි අලේවි හා බෙදාහැරීම කටයුතු කරන අතර රුපියල් ලක්ෂය ඉක්මවු වැටුපක්ද ලබාගනී.මේ අතර ඔහුගේ පුත්‍රයා වන කසුන් සෙන්දනායක කිසිදු සුදුසුකමක් නොමැතිව තොරතුරු තාක්ෂණ කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඒ වෙනුවෙන් ඔහු ලබා ගන්නා මාසික වැටුප රුපියල් 80000කී. ඒ සෙන්දනායක පවුල් ගසේ මුල්‍ ය.මුල්වලට අමතරව අතු රැසක්ද “ඉරිදා” පුවත්පත අර්බුදයට ලක් කිරිම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.

ඒ අතර ඥාති දියණියක වන ගිණුම් සහකාරී ලෙස කටයුතු කරන මධුරංගිකා රූපසිංහ,පරිගණක සහකරු දනුෂ්ක ප්‍රියංකර (ඥාති පුත්‍රයා),චානක රොෂාන් කාර්යාලය සහයක (සෙන්දනායකගේ බිරිදගේ ඥාති),ලලින්ද ගසනාත් මලවිර ආරච්චි ප්‍රාදේශිය අලෙවිකරු (ඥාති සහෝදරයා),මිහිරු චින්තක ප්‍රාදේශිය කළමනාකරු (සුනිල් සෙන්දනායකගේ බිරිඳගේ ඥාති සහෝදරයා)

මෙයින් ලලින්ද ගසනාත් සහ මිහිරු චින්තක රුපියල් 135000කට අධික වැටුපක් ලබන බවද අනාවරණය වි තිබේ.සියල්ලන්ටම වඩා මේම තනතුරු දැරිම සදහා ඉහත දැක්වු කිසිවෙකුටත් සෙන්දනායකගේ පවුලේ සමාජිකයන් විම හැරෙන්න වෙනත් කිසිදු අධ්‍යාපණික හෝ වෘත්තීය සුදුසුකමක් වත් නොමැති බව වගකිමෙන් යුතුව සදහන් කල හැක.රදෙළියගොඩ පවුල්ගහ නිර්මාණය කිරිම සහ ඔහු ඉලක්ක කර මඩ ප්‍රහාරයන් එල්ල කිරිමට ප්‍රධානම හේතුව සෙන්දනායකගේ පවුලේ සමාජිකයන්ගේ මෙම අධ්‍යාපනික සුදුසුකම් නොමැති විම බවද ආයතන සේවකයන් අනාවරණය කර තිබේ. එනම් “ඉරිදා” පුවත්පතහි හිමිකාරිත්වය දරණ විජිත පබ්ලීකේෂන් ලිමිටඩ් ආයතනය තුල සේවකයන් ස්ථිර කර ඔහුන්ට ලිපියක් ලබාදිම සදහා සුධර්මන් රදෙළියගොඩ මහතා කටයුතු කලබවත් ඒ සදහා සියලුම

සේවකයන්ගේ සුදුසුකම් වාර්තා ඇතුලත් ලිපි ගොනු ලබාදෙන ලෙසට පාලනාධිකාරිය නිවේදනය කිරිමත් සමග සුදුසුකම් නොමැතිව පවුල් පිටින් පදිංචි වි සිටි සෙන්දනායකගේ පවුලේ හවුල “ඉරිදා” පුවත්පත තුල අර්බුදයක් මවා පාමින් එකිනෙකාට මඩ ගැසිමේ මෙහෙයුමක් දියත් කල බවද ඔහුන් සදහන් කර තිබේ.

සුධර්මන් රදෙළියගොඩ යැවු අමුතුම තාලේ අස්විම පිළිගැනිමේ ලිපිය 

RADA

Top