Featured

ප්‍රගීත් පෙන්වා බුද්ධි බළකායේ නිළධාරි කොටින්ට පාවාදීම අරඹයි

Published on: Aug 31, 2015- ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර ඝාතනය කිරිමට නියෝග දුන් යහපාලන අමාත්‍ය පාඨළී චම්පික රණවක බව සාක්ෂි සහිතව ඔප්පු වි තිබියදි ඔහු සම්බන්ධයෙන් පරික්ෂණ පසෙක තබා එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරි කොටි ත්‍රස්තවාදීන් ඩයස්පොරාවට අනාවරණය කිරිමේ රහසිගත කුමන්ත්‍රණක් දියත් වෙමින් තිබේන බව වාර්තා වේ.

එක්නැලිගොඩ අතුරුදහන් කර ඝාතනය කිරිමට නියෝග දුන්නා යැයි පවසමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට අද (31) රහස්‌ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වෙත කැඳවන ලද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හයවන හමුදා නිලධාරියා මොහු වේ.

ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙම නිලධාරියා රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර යළි මෙසේ අද පැමිණෙන ලෙස එක්‌නැලිගොඩ විමර්ශනය සිදුකරන රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම විසින් දැනුම් දෙන ලදී.

රහස්‌ පොලිස් විශේෂ කණ්ඩායමක් මෙම ප්‍රශ්න කිරිම සිදුකරන අතර ඔහුන් ප්‍රගීත් ගැන ප්‍රශ්ණ කිරිම කර ඇත්තේ මිනිත්තු කිහිපයක් පමණක් වන අතර අනිකුත් පැය ගණනම ප්‍රශ්ණ කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරිමට දියත් කල මෙහෙයුම් ගැන වේ.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමට නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව අත් අඩංගුවේ පසුවන හමුදා සැකකරුවෙකුගෙන් හෙලි වී ඇතැයි ලංකා ඊ නිව්ස් ගඳරුවන් පච මොලෙන් ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේද මෙම බුද්ධි බළකායේ නිළධාරින් අනාවරණය කරගැනිමට බව දැන් තහවුරු වි තිබේ. නමුත් ප්‍රගීත්ට සිදුවුයේ කුමක්ද යන්න නිවැරදිව දන්නා අය අතර සිටින්නේ ලක්ෂ 30ක මුදලක් ගෙන ප්‍රගීත් පාවාදුන් ඊ නිව්ස් ගඳරුවන් සහ (ප්‍රා)නායක පාඨලී චමිපික රණවක සහ ප්‍රගීත් සමග අවසාන මොහොත දක්වා සිටි ඔහුගේ මිතුරා පමණි……

ප්‍රගීත් ඝාතනය ගැන තොරතුරු රැසක් අප සතුව ඇති බව ඊ නිව්ස් ගඳරුවන් සහ ප්‍රා නායකයා දැනගෙන සිටිම ඇගට ගුණය.

කියවන්න – ප්‍රගීත් ඝාතනය ගැන චම්පිකට එරෙහිව තවත් සාක්ෂි

Top