ශ්‍රී ලංකවේ අධිකරණ පද්ධතිය කෙතරම් දූෂිත වී ඇත්ද යන්න වික්ටර් අයිවන් මාධ්‍යවේදියා විසින් වර්ෂ 2012 දී රචිත“අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය” කෘතිය සමාලෝචනය කිරීමේදී වටහා ගත හැකිය.ප්රජාතන්ත්රවාදය, නිදහස සහ සමානත්මතාවය රටේ සීමිත පිරිසකට පමණක් ලබා දෙන 1815 සිට ඇරඹි අධිකරණ පද්ධතිය දූෂිතයන්ගේ කෙළිඹිමක් වී ඇති ආකාරය එම කෘතිය මගින් සාක්ෂි සහිතව පෙන්වා දී ඇති අතර පුදුමය වන්නේ එම කෘතිය මගින් එළි දරව්කරන දූෂිතයන් තවමත් ලංකාවේ නීතිය සුරකින පුද්ගලයන් වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් වී සිටින බවත් අසන්නට ලැබීමය. එමගින් පෙන්නුම් කරන්නේ නන්දා මාලනී ගයන “කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්” යන්න තවමත් ලංකාවට වලංගු නිර්මාණයක් බවය.
බ්‍රිතාන්‍යයේ දැනුම සහ නීතිය අනුව දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලා වර්ෂ 1960 සිට වර්ෂ 1990 දක්වා වසර 27ක් අදුරැ සිරකුටියක සිරකර තැබුවේ ය. බ්‍රිතාන්‍යයේ දැනුම සහ නීතිය අනුව ඉන්දියාවේ අවිහිංසාවාදී දේශපාලකයකු වූ මොහාන්දාස් ගාන්ධි වර්ෂ 1922, 1930, 1933 සහ 1942 දී සිරකර තැබු බව ලාංකිකයන් අබෝධ කළ යුතුය.
බ්‍රිතාන්‍යයේ දැනුම සහ නීතිය අනුව ලංකාවේ අහිංසක මිනිසුන් පීඩාවට පත් කළ ආකාරය ලෙනඩ් වුල්ෆ් විසින් ලියන ලද The Village in the Jungle කෘතිය (බැද්දෙගම ලෙස සිංහලයට පරිවර්තනය වී කෘතියක් සහ චිත්‍රපටියක් ලෙස එළිදැක් වී ඇත.) පරිශිලනය කිරීමේදී පැහැදිලි කර ගත හැකිය.
වර්ෂ 1815 දී උඩරට ගිවිසුම මගින් ලංකාවේ පාලනය බ්‍රිතාන්‍යයේ iiiවන ජෝර්ජ් රජුට යටත් කර දුන් මොහොතේ සිටම සියලු රටවැසියන් නිදහස යන්න තේරැම් ගනු ලැබූයේ බ්‍රිතාන්‍යයේ දැනුම සහ නීතිය සහ බලය අනුවය.
ලංදේසීන් විසින් සහ ඉංග්‍රීසින් විසින් ලංකාව පාලනය කිරීම සදහා යොදා ගත් නීති ක්‍රම මගින් රටේ බහුතර ජනතාව අසීමිත ලෙස පීඩාවට පත් වූ නමුත් එයට එරෙහිවන ජනතාව මර්ධනය කිරීමෙන් නිහඩ කිරීමට පවතින අධිකාරීන් සමත් විය.
වික්ටර් අයිවන් විසින් වර්ෂ
නීතියේ හස්තයට යම් රටක් හසු කරගත් විට ඒ රට ට කිසිදා නිදහස (Freedom) අත් නොවේ. වර්ෂ 1948 දී බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබා දුන්නද, වර්ෂ 1972 දී ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම මිදුණද බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නීතිය රටට සහ ජනතාවට ගැලපෙන ආකාරයට යොදා ගැනීම මේ දක්වා සිදචු නො වීය.එහි ප්‍රතිඵලය වූයේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම) කථාවේ එන සිලිදුලා, බබුන් ලා,පුංචි මැණිකෙලා, පුංචිරාළලා, හින්නිහා
විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වය හසුරැවනු ලබන පුද්ගලයන්ගේ නිදහස් සිතුවිලි එම රටේ නිදහසට උපරිම ශක්තියක් ඇති කරයි. ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලි
1815 දී උඩරට ගිවිසුම මගින් ලංකාවේ ජනතාව පාලනය කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යන්ට පවරා දීමෙන් පසු අහිමිකරගත් නිදහස නැවත ලබා ගැනීමේ අටියෙන් 1948 පෙබරවාරි 04වැනිදා අප නිදහස ලබා ගත් බව කියති. එසේ වුවත් නීතියේ හස්තයෙන් බ්‍රිතාන්‍යන් සියලු ලාංකිකයන් බැද තබාගෙන ඉන්නා බව ජනතාවගෙන් රවටති. ඒ සදහා දූෂිත විනිසුරැවරැ රොත්තක් අධිකරණයේ නඩත්තු කරමින් තබාගෙන ඇත. මේ දූෂිත විනිසුරැවරැ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල න්යායාචාර්යවරැ වෙමින් පවතින දූෂිත අධිකරණ ක්‍රමය නඩත්තු කරමින් ලාංකිකයන් බටහිර රටවල සැළසුම් අනුව ක්‍රියාකරන්නන් බවට පත් කරගෙන ඇත.
ලංකායෙව් නීති සහ අධිකරණ පද්ධතිය මෙහෙයවන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරීන් හෝ විවෘත විශ්ව විද්‍යාලයේ හෝ නීති විද්‍යලයෙන් බිහිවන නීතීඥවරැ නො වේ. බ්‍රිතාන්‍යයේ මූලික අධ්‍යාපනය ලැබූ (ලංන්ඩන්) නීතිවේදීන්, බ්‍රිතාන්‍ය (ලන්ඩන්) එල් එල් එම් LLM උපාධිධාරීන් හෝ බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) ආචාර්ය PHDඋපාධි ගත් නීතීඥවරැ විසින් ලාකාවේ අධිකරණ සහ නීතිය පාලනය කරයි. නිදහස් අධ්‍යාපන මුල් කරගනිමින් නීතිඥවරැ වූ ලාංකිකයන් අභිබවා බ්‍රිතාන්‍ය (ලංන්ඩන්) නීතිඥවරැන්ප්රමුඛස්
ජනතාව මෙය තේරැම් නෙගැනීමෙන් එහි විපාකය අත් විදින්නට රටේ පුරවැසියන්ට සිදුවූ අතර වික්ටර් අයිවන් රචිත“අධිකරණයේ ස්
මෙම ඊනියා නීති විශාරදයන් දෙපැත්ත බෙදී විවිධ දේශපාලන පක්ෂවල නායකයන් ළගට කිට්ටු වී නීති උපදෙස් දෙන මුවාවෙන් සිදු කරන්නේ ඔවුන්ගේ කපටි උපායයන් සාර්ථක කර ගැනීම එකී දේශපාල අධිකාරීන් වටහා ගත යුතුය. ඒ සදහා හොදම උදාහරණය වන්නේ සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරැවරයාට එරෙහිව දෝෂාභියෝග අත්සන් කර පාර්ලිමේන්තුවේ කථානායකට භාර දුන් මන්ත්රීවරැම පසු කාලයකදී තමන් චෝදනා අත්සන් කළ සරත් නන්ද සිල්වා සරණ යෑමය. සරත් නන්ද සිල්වාගෙන්ම නීති උපදෙස් පැතීමය. (තමන්ට එරෙහිව දෝෂාභියෝග අත්සන් කළ වුන්ට අවංකව උදව් කරයිද යන්න මේ මෝඩ දේශපාලකයන් නොදනිති.) එමෙන්ම හිටපු අගවිනිසුරැ ශිරානි බණ්ඩාරනායක ධූරයෙන් ඉවත් කිරීම සදහා 2013 ජනවාරි 11වන දින පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්ථාවරය සම්පූර්ණයෙන් වෙනස් කරමින් 2015 ජනවාරි 28 දින ඇයව නැවත සේවයේ පිහිටුවීමද සිදු කළේ ය. මේ උදාහරණ මගින් පෙන්වන්නේ බ්‍රිතාන්‍යයේ දැනුම සහ නීතිය මත ක්‍රියාත්මකවන සමාජයක දේශපාලකයන් අභිබවා බ්‍රිතාන්‍ය නීතීඥවරැ අධිකාරිය දරන ආකාරයයි. පුදගලයන්ගේ නිදහස සම්බන්ධව අවසන් තීරණය ගන්නේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය නොවේ. අධිකරණය යි.
ඒ අනුව පුද්ගලයන්ගේ නිදහස සම්බන්ධව අසීමිත අධිකාරියක් අධිකරණය සතුවෙයි. බලයේ සිටින පාලකයන්ගේ රැචි අරැචිකම් මැනවින් කිරා බලමින් ඒ අනුව සිය තීන්දු දිශානති කිරීමට 3වන ලෝකයේ රටවල අධිකරණ ක්‍රියාකරන ආකාරයෙන් ලංකාවේද කටයුතු සිදුවෙයි. සාමාන්‍ය පුද්ගලයකු අධිකරණයේදී ඈනුමක් යැවීම අධිකරණයට අපහාසයක් වී බන්ධනාගාරගත කරද්දී ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්නගේ ජංගම දුරකථනය ගාල්ල මහාධිකරණයේ නඩු කටයුතු අතර නාද වී එයට එරෙහිව නඩුවක් පවා ගොනු වී තිබියදී මහාධිකරණ විනිසුරැ හිරිඹුරේගම වසින් එකී චෝදනාව ඉල්ලා අස්කර ගන්නේ එහෙයිනි. එමෙන්ම වික්ටර් අයිවන්
අවංකව රට ගැන කැක්කුමකින් ක්‍රියා කළ දැයේ දරැවෝ 1971 දී ද, 1988-1989 කාළයේ දී ද ලෙයින් කදුලින් උණ්ඩයෙන් මර්ධනය කළ ආකාරය පිළිබද අටුවා ටිකා අවශ්‍ය නොවේ. එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ කුමාරිහාමී, මද්දුම බණ්ඩාර ඇතුළු අයව කෘර ලෙස ඝාතනය කළා කියන මේ කණ්ඩායම 1971 දීද, 1988-1989 කාළයේ දී ද තරැණ තරැණියන් මහ මග කුරිරැ ලෙස ඝාතනය කිරීම ගැන නිහඩය.
විධායකයේ ධූර දැරෑ ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද යන ජනාධිපතිවරැන්ට නිදහස් අධිකරණ ක්‍රමයක් ලංකාවේ ස්ථාපනය කිරීමට අවස්ථාව නො ලැබුණේ ඉහත බ්‍රිතාන්‍ය (ලන්ඩන්) අනුකරණවාදී නීතිවේදීන්ගේ පවතින නීති ඒකාධිකාරයේ බලපෑමයි. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය රදා පවතිනු ඇත්තේ ද බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදීන් විසින් මෙරට අධිකරණය පාලනය කරන ඒකාධිපති ක්‍රියාන්විතය හදුනාගෙන එය පාලනය කිරීමට දක්වන එඩිතරභාවය මතය.
බලයේ සිටින දේශපාලන අධිකාරීන් සතුටු කරමින් විරැද්ධ දේශපාලන අධිකාරීන් මර්ධනය කිරීම වර්තමාන බිතාන්‍යය යටත් නීති ක්රමයේ සම්ප්රදායයි. VAT සම්බන්ධව සාධනීය තීන්දු දෙන බව පෙනවමින් පසුගිය රජයේ දූෂිතයන් සහ හොරැන් යැයි කියමින් දේශපාලන විරැද්ධවාදීන් එදිනම බන්ධනාගාරගත කරයි. මේ ක්‍රමය මේ අකාරයට පවත්වාගෙන නො ගියහොත් වික්ටර් අයිවන් විසින් රචිත “අ
බලයේ සිටින දේශපාලන අධිකාරීන් පිනවන තීන්දු තීරණ ගැනීමට ලංකාවේ අධිකරණ කටයුතු කරන්නේ එහෙයිනි. නඩුත් හාමුදුරැවන්ගේ නම් බඩුත් හාමුදුරැවන්ගේ නම් අධිකරණ දූෂණ සෙවීම පහසුවෙන් කළ හැකි නො වේ.
අවසානයේ කිව යුත්තේ ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මේ දක්වා නිවහල්, නිදහස් සහ සෛවරී ගමනක් ආරම්භ කර නැති බවත්, බටහිර රටවල අවශ්‍යතා අනුව ලාංකිකයන් මෙහෙය වීම ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ආයතන විසින් සිදු කරනු ලබන බවත් ය. ඒ සදහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්රායෝගක පුහුණුව නිසි පරිදි ලබා දීම සදහා ලංකාවේ අධයාපනය , ආර්ථිකය සහ නීතිය සකස් වී ඇති බවත් ය.
මෙය මැනවින් වටහා ගනිමින් එය නිවැරදි කිරීමට ක්‍රියාකරන දියසෙන් කුමාරයෙකු බිහිවන තෙක් මේ දූෂිත නීති ක්රමයේ අප ජීවත් වෙමුද? ජනතාවගේ වගකීම වන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරැ සෙවීම