Featured

ප්‍රභාකරන්ට වෙඩි තැබු මේජර් ජනරාල් කමල්ගේ “රණමග ඔස්සේ නන්දිකඩාල්” පොතට TNA තහනමක් ඉල්ලයි

ලබන 05 වැනිදා විශ්‍රාම යාමට නියමිත මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් එළි දැක්වීමට නියමිත  “රණමග ඔස්සේ නන්දිකඩාල්” යන ග්‍රන්ථය හරහා තමන්ගේ විමුක්ති අරගලයට හානියක් වන බවත් එය සංහිදියාවට නොගැළපෙන ක්‍රියාවක් බැවින් එම පොත සමාජ ගත විම වැලැක්වීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කලයුතු බව පවසමින් දේමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රී පාල සිරිසේනට FAX පණිවිඩයක් යොමුකර තිබේන බව ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ නියෝජිතයේකු අනාවරණය කර තිබේ.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා “රණමග ඔස්සේ නන්දිකඩාල්”පොත ඔහු විශ්‍රාම යන දිනට පසුදින 06 වැනිදා එළිදැක්වීමට නියමිත අතර පසුගිය දින කිහිපයේම ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේශකයන්ගේ ඇස යොමුව ඇති අතර වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීම ඇතුළු කාරණා කිහිපයක් මේ පොතේ ඇතුළත්ව  තිබිම ඊට ප්‍රධානම හේතුව වි තිබේ.අදාළ පොතේ ඉංග්‍රීසි පිටපත වන Road to Nandikadal – True Story of Defeating Tamil Tiger යනුවෙන් එදිනම එළි දැක්වීමට නියමිත අතර කමල් ගුණරත්න මහතා එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමූ 53 වැනි සේනාංකයට අණදුන් කිර්තිමත් මෙන්ම නිහඩ රණකාමියෙකි.

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමිම සදහා සිය සගයන් මෙහෙය වු කමල් ගුණරත්න ඉලක්ක කර පසුගිය කාලසිමාවේ දෙමළ ඩයස්පොරාව එවකට විපක්ෂයේ සිටි එජාපයේ රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවමින් මඩ ගැසිමේ ව්‍යාපාරයක්ද ක්‍රියාත්ම කල අතර ඊට ප්‍රධානතම හේතුව වි තිබුනේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශ්වාසය දිනා සිටින නිෂ්ශබ්ද නිලධාරියෙකු විමත් එවකට අනාගත හමුදාපති ධූරය සඳහා තරඟයේ දී ආරක්ෂක ලේකම්වරයාගේ ඉහළම තේරීම වනුයේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විමත්ය.

 

Top