Anonymous Reporter

ප්‍රා නායකයා අල්ලනවාද?නැද්ද? වහාම කියනු

එන්.කේ. ඉලංගකෝන් මහතා

පොලිස්පති,

පොලිස් මූළස්ථානය,

කොළඹ.

පොලිස්පතිතුමණි,

සංදීප් සම්පත් මහතා රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධව

වර්ෂ 2016.02.29 වන දින හෝ ඊට ආසන්න දිනක දී රාජගිරිය සරණ මාවත ආසන්නයේ දී (ජනාධිපති විද්‍යාලය අසල දී) සංදීප් සම්පත් යන අයට මෝටර් රථ අනතුරකට ලක්කර රියදුරු පලාගොස් ඇත. එම අවස්ථාවේ දී තුවාල ලත් සංදීප් සම්පත්ගේ මිත‍්‍රයෙකු හා තවත් පිරිසක් විසින් අදාළ මෝටර් රථය ලූහුබැඳ ගොස් එය නැවැත්වූ අවස්ථාවේ දී, එම රථය පදවන ලද රියදුරා වශයෙන් හඳුනාගෙන ඇත්තේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බවට මාධ්‍ය වාර්ථා කර තිබුණි. ඒ අනුව මෙම රිය අනතුරට භාජනය වූ සංදීප් සම්පත් යන අය දැනට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක, ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටී. මොහුට රථ වාහන පනතට අනුව මෙම රියදුරු විසින් අනතුරක් වාර්ථා නොකිරීම, නොසැලකිලිමත් ලෙස ධාවනය, අනතුරක් වලක්වා නොගැනීම යටතට ගැනෙන වැදි සිදු කොට ඇති අතර, තවදුරටත් තම මෝටර් රථයේ ගැටුණු තුවාලකරු රෝහලකට ගෙනයාමකින් තොරව පලායාම හේතු කොටගෙන මනුෂ්‍ය සාරධර්මවලට පටහැනිව ද, සදාචාර විරෝධී ලෙස ද කටයුතු කර ඇත.

තව ද පොලිස් ස්ථානයට ඉදිරිපත් වූ රියදුරු අදාළ අනතුර තමා විසින් සිදු කළ දෙයක් බව දන්වා සිටිය ද, මෙම සිද්ධියට අදාළව මෝටර් රථය පදවාගෙන ගියේ යැයි සැක කරන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවට අයෙකු ඉදිරිපත් වී ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර ඇත. පොලීසිය විසින් ඉතා කඩි මුඩියේ පොලීසිය වෙත ඉදිරිපත් වූ සැකකරු ගරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ඇප මත නිදහස් කර ඇත.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පොලීසිය මගින් සිදු කළේ ද? අදාළ මෝටර් රථය ගමන් කළ මාර්ගයන්හි ක්‍ක්‍ඔඪ දර්ශන පරීක්‍ෂාවට ලක් කළේ ද? මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශ ලබා දෙන්නන් හට පොලීසිය වෙත ප‍්‍රකාශ ලබා දීමට සාධාරණ අවස්ථාවක් ලබා දුන්නේ ද? යන ප‍්‍රශ්න අප හමුවේ ඇති ගැටළුවලින් කිහිපයකි. යුක්තිය ඉටුකිරීම උදෙසා සත්‍ය ලෙසින් වරදකාරී පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය සතු ප‍්‍රමුඛ වගකීමක් බව සිහිපත් කරමින්, නීතිය සැමට එක සේ සළකමින් මෙම අනතුරට පත් තරුණයන්ට සාධාරණයක් ඉටු කර දෙන මෙන් ද සමාජයේ නීතියට ඇති විශ්වාසය වැඩි දියුණු වන ආකාරයට වඩා අපක්‍ෂපාතී විධිමත් පරීක්‍ෂණයක් කරන මෙන් ද ඉල්ලා සිටිමි.

ස්තූතියි

මෙයට – විශ්වාසී

පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමාගේ නම                                      අත්සන

ශෙහාන් සේමසිංහ, පා.ම

කංචන විජේසේකර, පා.ම

ඞී.වී. චානක, පා.ම

Top