Featured

පාර්ලිමේන්තුව නොවැම්බර් වනතුරු වසා දැමේ…. මහින්ද මැදින් පනී බැසිල්ව මැදට දමයි…. බැසිල්ට එරෙහිව ජනාධිපති මන්දිරයෙන්ම ප්‍රහාරයක්!

Published on: Mar 25, 2020 – මහා මැතිවරණය මේ වසරේ නොවැම්බර් දක්වා කල් දැමිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.ගෙවුනු පැය විසිහතර තුල සිදුවු සාකච්ඡා කිහිපයක ප්‍රථිපලයක් ලෙස මෙම තින්දුව ගැනිමට ගෝඨාභය කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනිමට සීමිත කණ්ඩායමක්ද තොරාගෙන තිබේ.

පවතින තත්ත්වය හමුවේ බහුතරයක් සහිත ආණ්ඩුවක් ලබා ගැනිමට නොහැකි විමත්,කොරෝනා වෛරසය රට තුලට පැමිණිමට ප්‍රධාන හේතුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිවැරදිව ක්‍රියාත්මක නොවිම නිස බවත් ජනතාව තරයේ විශ්වාසය කිරිම බහුතරය අහිමි විමට හේතුවක් ලෙස ගෝඨාභය හදුනාගෙන තිබේ.

සියල්ලටම වඩා මැයි වනවිට රටට තුල ඇතිවන දැවැන්ත ආර්ථික අර්බුදයට මුහුණ දිමට නොහැකි බවයි ගෝඨාට උපදෙස් දෙන වියතුන් යැයි කියන කණ්ඩායමේ අදහස වි ඇත්තේ. ඒ අනුව මහා මැතිවරණය හැකි තාක් කල් දැමිම සදහා කටයුතු කලයුතු බවත් කොරෝනා වෛරසය හේතු සාධකයක් කර ගනිමින් එය සිදුකිරිමටද තින්දු කර තිබේ.

රාජපක්ෂලා විසින් මැතිවරනයක් කැඳවීමේ ප්‍රකාශිත අරමුන වන්නේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබාගෙන, විධායක ජනාධිපති මත පනවා ඇති 19 වන සංශෝධනය වැනි ව්‍යවස්ථාමය සීමා කිරීම් කටුගා දැමීම බව නොරහසකි.

ජනාධිපති වු දිනයේ සිටම ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරමින් සිටි ගෝඨා කොරෝනා වෛරසය වසංගතක් විමත් සමග සිය බලතල උපරිමයෙන්ම භාවිතා කිරිමට කටයුතු කල අතර ඊට සහය ලෙස හමුදාපතිවරයා සහ හමුදාවද යොදා ගැනිමට ගෝඨාභය මේ වනවිට කටයූතු කර හමාරය.ඒ අනුව ජනාධිපතිගේ උත්සාහය වන්නේ ඊට සූදානම්වෙමින් මිලිටරීකරනය වැඩිදුර ගැඹුරු කිරීම සඳහා වසංගතය යොදාගැනීම යි.

මහින්ද,බැසිල් දේශපාලනයෙන් ගැලවුන ගෝඨාභය

අගමැතිවරයාගේ නියෝග මත බැසිල්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවිමට වහාම කටයුතු කරන ලෙස කල දැනුම් දිම සම්බන්ධයෙන් ගෝඨාභයගේ මිලිටරී කණ්ඩායම් තරමක් අවුලට පත්ව ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

දිගින් දිගටම තනිවම සහ ඉතාම සමිප කිහිප දෙනෙකු ලබාදෙන උපදෙස් මත පිහිටා ගෝඨාභය කටයුතු කිරිම මහින්දගේ නොසන්සුන්තාවයට හේතු වි තිබේ.ඒ නිසාම බැසිල් යටතට මෙම යාන්ත්‍රනය ගෙන වැදගත් බවයි මහින්දගේ අදහස වි ඇත්තේ.

“කොරෝනාදැන් පැතිරිලා ඉවරයි… එක පාලනය කරන්න ඔනේ…. ඒ වගෙම එය දේශපාලනීකරණය වෙන්න ඔනේ…” මහින්දගේ අදහස ප්‍රකාශ වුනෙ ඔය ආකාරටය.

කෙසේවෙතත් බැසිල් මෙම කාර්ය සාධක බලක ප්‍රධානීයා කිරිම සම්බන්ධයෙන් ගෝඨාභය පාර්ශවය මේ වනවිට සමාජ ජාල හරහා දැවැන්ත මඩ මෙහෙයුමක් දියත් කර තිබේන අතර එය ජනාධිපති කාර්‍යාලයේ සමාජ ජාලා එකකය විසින් හසුරුවන බවද අනාවරණය වි තිබේ.

COVID 19 වසංගතය මැඩපැවැත්වීමට පිහිටුවූ විශේෂ කාර්ය සාධක බලකාය එක දිනයක් රැස් වි නෑ..

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රැස්කල විශේෂ කාර්ය සාධක බලකාය මේ දක්වා එකම දිනයක් හෝ රැස්ව නැති අතර දුරකතනය ඔස්සේ ලබාදෙන නියෝග පමණක් ක්‍රියාත්මක වන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

විශේෂ කාර්ය සාධක බලකාය නිර්මානය විමද මිලීටරීකරණයේම කොටසක් වන අතර කොරෝනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පැවැති පළමු රැස්විමේදො හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක කල ප්‍රකාශයක් මත පදනම්ව එම බලකාය පිහිට වු බවද නොරහසකි,

“මේ ගෙවෙන්නේ මිලිටරියට අයිති කාලයකි. අනෙක් හැමෝ ම පස්ස කැඩිච්ච හිකනැල්ලෝ වගේ නටනවා. මිලිටරිය ප්‍රමුඛත්වය ගත යුතු”-හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක

ක්ෂනික ව එය අනුමත කල ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ වහාම කෝවිඞ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙසත් කොරෝනා වෛරසය වැලැක්වීම සම්බන්ධ හැම දෙයක් ම මධ්‍යස්ථානය හරහා යා යුතු බවත් තමන් දැනටමත් මිලිටරියට පවසා ඇති බවයි.

ඒ අනුව පැය කිහිපයකදි එහි ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරන සද ජනපති නියෝග කර තිබේ.මිට ආමතරව මෙම කාර්ය සාධක බලකාය ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන්ගෙන් පිරී තිබේ.

කොරෝනා වෛරස් අර්බුදය යොදාගනීමින් ජනාධිපති ආඥාදායක බලතල ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාට දැන් ආශාව වි ඇත්තේ තනියම රටේ රජ කිරිමටය.එය මිලීටරී මානසිකත්වයකින් පෙළේන ලෝව ඔනෑම අයකුගේ ස්භාවය බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඒ වන් අයේකුට අපේක්ෂිත බලයක් නොලැබුන හොත් ඔලුවටම වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගැනිමටද දෙවරක් නොසිතනු ඇත.

Loading…


Top