Featured

පාර්ලිමේන්තුව වහන්න හදන කසඩයෝ කවුද? 30 වැනිදායින් පස්සේ ජනතාවට සහන දෙන්නේ රාජපක්ෂලා හොරා කෑ සල්ලි වලින්ද? නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය!

Published on: Apr 4, 2020- කොරෝනා වසංගතයට මුහුණ දිම සදහා පාර්ලිමේන්තුව වහාම කැදවිය යුතු බවට මතුවන සමාජ පණිවිඩය රාජපක්ෂලාගේ ජාතිවාදින් මේ වනවිට යටපත් කිරිමට උත්සහ දරමින් සිටි.ඒ සදහා අට අසමටත් විමල් වැනි ජාතිවාදීන් මෙන්ම නීතිය හැර අනිකුත් කුපාඩි වැඩ දන්නා ගොම්මන්පිල ඇතුලු රාජපක්ෂ හිතවාදි මඩ බලකායන් වැනි කණ්ඩායම් හරහා සමාජ ගත කිරිමටද කටයුතු කරමින් සිටි.

පාර්ලිමේන්තුව යලි කැදවිමට එරෙහිව වහල්ලුන් එක පෙලට රැස් කිරිමට රාජපක්ෂ ගෝත්‍රීක නායකයින් කටයුතු කරනුයේ වසංගතය අස්සේ ජනතා මුදල් කොල්ල කැමේ සිට අධිකරණමය බලය තමන්ට අවශ්‍ය අකාරයට භාවිතා කිරිම දක්වා වු  සියල්ල කර ගැනිමට බව ඉතා පැහැදිලිය.

නමුත් පාර්ලිමේන්තුවේ යලි කැදවිය යුත්තේ ඇයිද යන්න මේ වහලුන්ට තෙරෙන්නේ නැත.තෙරුම් ගැනිමට ඔනෑකම්ක්ද නැත.

මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විමට නොහැකි බැවින් පවතින ගැටලුකාරි තත්ත්වය විසදා ගැනිම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්විමක් ලබා ගැනිමට ජනාධිපතිවරයා කඩිනමින් යෝග්‍ය බව මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයාට මාර්තු 2 වැනිදා දැනුම් දුන් නමුත් ජනාධිපතිවරයා මේ දක්වා එම ලිපියට සaජු ප්‍රතිචාර දක්වා නෑ.

අප්‍රියෙල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර රාජ්‍ය මූල්‍ය ක්‍රියාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.(රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල…. පහතින් බලන්න )

රජයේ මුදල් පාලන බලය පාර්ලිමේන්තුවට හිමි බව පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ට කියා දිමට සිදුවේ නම් එය අභාග්‍යසම්පන්න තත්ත්වයයකි.ඇත්ත ඔහුන් එය නොදැන සිටිම නොව 30 වැනිදායින් පසුව රටේ මුදල් නොමැති විමත් සමග රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ මතින් දේශපාලන කිරිම ඔහුගේ උපාය වි ඇති නිසාය.

අනතුර දැක දැකම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සදහා නාමයෝජනා කැදවනු ලැබුවේ තනියම ගේමක් ගසා 2/3ක ගැනිමට තමන්ට පුලුවන් යැයි ගෝඨා වැනී ගෝත්‍රිකවාදින් කල්පනා කලනිසා වන අතර පලමු කතාවේන්ම හොට බිම ඇනගැනිම්නෙ පසුව උතුරේ සේබළුන් යුද්ධ කරද්දී දකුණට වි පොරටොක් දෙන තරම් ජනාධිපතිකම කිරිම පහසු නැති බව තෙරුම් ගත් බව නොරහසකි. ඒ නිසාම අද ගෝඨාගේ මයික්‍රපෝනය ශවේන්ද්‍රට බාර දි බකන්නිලාගෙන සිටි.

රාජපක්ෂලා සමග එක්ව බිලියන ගණනින් හොරා කෑ ඇතැම් අමන ඇමතිවරුන්  පාර්ලිමේන්තුව වසා දැමිම සදහා ජනතාව අතර මතයක් සෑදිමට උත්සහ කරනුයේ ඉතා බාල වර්ගයේ තර්ක මත පිහිටාය.මන්ත්‍රීවරුන්ගේ වැටුප,වරප්‍රසාද,විශ්‍රාමය වැනි එවන් ලාබ ප්‍රතිචාර වලට විපක්ෂයද වහාම පිලිතුරු දිය යුතුය.

වැටුප,වරප්‍රසාද,විශ්‍රාමය වැනි දෑ නොමැතිව සුළු කාලයකට ජනතාවට සේවය කිරිමට විපක්ෂයේ සිටින කිසිවෙකුත් අකමැති නොවනු ඇත.

නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය

මෙම ඇඳිරි නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 262 සහ 264 දක්වා වගන්ති යටතේ පනවා ඇති නමුත් මෙවැනි මොහොතක එම වගන්ති යටතේ ඇඳිරි නීතිය පැනවීමට නීත්‍යනුකූල අයිතියක් නොමැත. එම කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරිමට අපද කටයුතු නොකලේ  සාමාන්‍ය පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකමින් පාරට බැසීමේ අවදානමක් තිබු නිසා නමුත් ආණ්ඩුව එම තත්ත්වය අවභාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන ආකාරයට නීතිය අවභාවිත කරමින් සිටියදි ඇදිරිනීතිය නිත්‍යානුකූල නොවන බව අප ජනතාවගෙන් සැගවිම සදාචාරාත්මක නැත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත යටතේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ හැකි අතර ඒ යටතේ ඇඳිරි නීතිය පැනවිමේ හැකියාව ඔහුට ලැබේ. නැතහොත් මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත.එවන් තත්ත්වයක් යටතේ කුමන ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය පනවනවාද, කුමන පුද්ගලයන්ට පිටට යෑමට හැකියාව ලැබෙනවාද වැනි කාරණා නීත්‍යනුකූලව සඳහන් කල යුතුය.නමුත් මේ දෙකම කිරිමට ගෝඨාභය සමත්ව නෑ.

GMOA යන්නේ මොන පාරෙද?

මේ කොරෝනා වසංගතයට මුවාවෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂවාදි කදවුරේ මිලිටරීකරණ යාන්ත්‍රනය මෙහෙයවිම සදහා මෙහෙයුම් දියත් කරමින් සිටින බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය දින කිහිපය තුල GMOA සහ ජනාධිපතිවරයා,හමුදාපතිවරයා අතර පැවැති සාකච්ඡා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සිය විරෝධය දැක්විම සමග මෙම අර්බුදය කරලීයට පැමින ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණය බලාපොරොත්තු වන්න.

රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල….

හැඳින්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට යෙදෙන වඩා ජනප්‍රිය යෙදුම ‘අයවැය’ යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික දින දර්ශනයේ, වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම සහ ඉන් අනතුරුව එළඹෙන විවාදය, ඕනෑම වර්ෂයකදී පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන නීති සම්පාදනයන් හා යෝජනා සියල්ලටම වඩා නොවේනම් එවැනි කාර්යයන් බහුතරයට වඩා ප්‍රමුඛත්වය ගනී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම පනත් කෙටුම්පතක් සේම, අයවැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරුව එම කියවීම් වාර තුනේදීම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ.

වෙනත් ඕනෑම කෙටුම්පතක් වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයම අනුගමනය කරනු ලැබුවත් අයවැය යනු සාමාන්‍ය මුදල් කෙටුම්පතක් නොවේ. රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසර වලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කිරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත්, රටටත්, සත්‍යව‍ශයෙන්ම ලෝකයටත්, ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. එම නිසා, බදු ගෙවන සියල්ලන්ටද, වානිජ ව්‍යාපාරවලටද, ආ‍යෝජකයන්ට සහ රජයේ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ටද එය වැදගත් වේ.

රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතලවල පදනම වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii වැනි පරිච්ඡේදයයි.

148 වැනි ව්‍යවස්ථාව

කිසියම් පොදු අධිකාරයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් කිසියම් බද්දක් වරිපනමක් හෝ වෙනත් කිසියම් බදු විශේෂයක් පැනවීමට අදහස් කරන්නේ නම්, එය කළහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීතියක අධිකාරය යටතේ පමණක් බවද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවද මේ ව්‍යවස්ථාව සඳහන් කරයි.

149 වැනි ව්‍යවස්ථාව

නියමිත කාර්යයක් සඳහා‍ නීතියෙන් වෙන් කරනු නොලැබූවාවූද, ජනරජය සතු වූද සියලුම අරමුදල් ඒකාබද්ධ අරමුදලට බැරවේ. අයබදු, තීරුබදු, වරිපනම් හා රජයට ගෙවනු ලබන අනෙකුත් සියලුම ආදායම් හා ලැබීම් නියමිත කාර්යයක් සඳහා දැනටමත් වෙන් කරනු ලැබ නැත්නම්, ඒ සියල්ල ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතුවේ. ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබාගන්නේ කවර කාර්යයන් සඳහාද යන්න පාර්ලිමේන්තුව තීරණය කරයි. එයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, ණය අරමුදලේ ගෙවීම් සහ ඒකාබද්ධ අරමුදලට අදාල වියදම්ය.

150 වැනි ව්‍යවස්ථාව

කිසියම් විශේෂිත රාජ්‍ය සේවයකට කිසියම් මූල්‍ය වර්ෂයක් තුළ වියදම් කිරීම සඳහා විශේෂිත මුදල් ප්‍රමාණයක් ලබා දෙමින් පාර්ලිමේන්තුව යෝජනාවක් හෝ නීතියක් සම්මත කළ විට, රජයට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත හැකිය.

පාර්ලිමේන්තුව බලය ලබාදුන් පසු අවශ්‍ය විශේෂිත මුදල් ප්‍රමාණය ආපසු ලබා ගැනීමට හැකි වන්නේ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක් නිකුත් කරනු ලැබීමෙන් පසුව පමණි.

මෙම සාමාන්‍ය ක්‍රමයට ව්‍යතිරේක දෙකක් 150 ව්‍යවස්ථාවේ (3) සහ (4) ඡේදවල දැක්වේ.

අයවැය මගින් අරමුදල් විසර්ජනය කර නොමැතිව තිබියදී, පාර්ලිමේන්තුව විසුරැවා හරින ලද තත්ත්වයකදී මෙය අදාළ වේ. එවිට, නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 03 ක කාලයක් සඳහා මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සඳහා බලය ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.

පාර්ලිමේන්තුව විසින් එම කාර්යය සඳහා මුදල් අනුමතකර නොමැතිව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නේ නම්, එවිට මැතිවරණ කොමසාරිස්වරයා විමසා, රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබිය හැකිය.

151 වැනි ව්‍යවස්ථාව

හදිසි සහ පුරෝකථනය කළ නොහැකි වියදම් වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවට නීතියෙන් ඉඩකඩ ලැබේ. හදිසි අවස්ථාවට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මුදලක් දැනටමත් විසර්ජනය කර නොමැති බව මුදල් ඇමතිවරයාට හැඟීගියහොත්, එවිට ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන මෙම අරමුදලෙන් යම් අත්තිකාරම් මුදලක් ගෙවීමට බලය පැවරිය හැකිය. ඒ සමගම හැකි ඉක්මනින් එලෙස අත්තිකාරම් ගෙවූ මුදල ප්‍රතිපූර්ණය කිරීමෙහිලා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගත යුතුවේ.

සංචිත

පොදු වෙන්කිරීමකින් හෝ විශේෂ වෙන්කිරීමේ අරමුදලකින් විභජනය නොකළ මුදලක් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට 1944 අංක 16 දරන මූල්‍ය සංචිත පනතින් විධිවිධාන සලස්වා තිබේ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එවැනි අරමුදල්, රජයේ ඒකාබද්ධ අරමුදලට මාරු කළ හැකිය.

154 “ජ” ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවනු ලැබීමෙන් පසු මූල්‍ය කොමිසමේ නිර්දේශ අනුව යමින් එකිනෙක පළාත්වලට පාර්ලිමේන්තුව සිය වාර්ෂික අය-වැයෙන් මුදල් වෙන්කරන ලදී. මහ බැංකුවේ අධිපති, ප්‍රධාන ජන කොට්ඨාස තුනේ නියෝජිතයින් මෙන්ම මූල්‍ය, පරිපාලන, ව්‍යාපාර හෝ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතා ඇති තිදෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වියයුතු බව 154 “ජ” වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

පළාත් පරිපාලනයේ සහ මහා භාණ්ඩාගාරයේ ප්‍රමුඛ නිලධාරින් සමග එක්ව මූල්‍ය කොමිසම පළාත්වල අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කරයි. එහි නිර්දේශ වලට පදනම සකසන මාර්ගෝපදේශ මූලධර්ම එමගින් සකසනු ලබන අතර, ජනගහනය, ඒක පුද්ගල ආදායම, විෂමතා පිටුදැකීම සහ ඒක පුද්ගල ආදායමේ අඩුවීම යනාදී කරුණුද එහිදී විශේෂයෙන් අවධානයට යොමුකළ යුතු යැයි 154 “ජ” (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ.

කොමිසමේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදරිපත් කරනු ලබන අතර ජනාධිපතිවරයා ඒවා පාර්ලිමේන්තුවට දැනුම් දේ. මෙකී නිර්දේශ සැලකිල්ලට ගන්නා රජය “කොමිසම සමඟ සාකච්ඡා කර බලා, පළාත් වල අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමාණවත් වන පරිදි වාර්ෂික අය-වැයෙන් එම මුදල් විසර්ජනය කරයි”.

විසර්ජන පනත් කෙටුම්පත

අය-වැය සැකසීමේ මූලික පියවර පහත දැක්වෙන පරිදි සාරාංශ ගතකළ හැකිය:

පවත්නා වර්ෂයේ මුල් කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය අයවැය චක්‍රලේඛය නිකුත් කරයි. තමා යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු හා ආයතනවල සහාය ඇතිව අමාත්‍යාංශ ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස් කරයි.

මුදල් කොමිෂන් සභාව සිය ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාර පළාත් සභාවන්ට ප්‍රතිපාදන නිර්දේශ කොට ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරයි. මේවා භාණ්ඩාගාරය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.

රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු සකස් කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා පවත්වයි. ඉන්පසු ඒවා අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යයනය හා අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ. අවසන් ඇස්තමේන්තුව රජයේ අයවැයේ අතිරික්තය හෝ හිඟය පෙන්නුම් කරයි. පසුගිය දශක කිහිපය මුළුල්ලේම සෑම රජයක්ම ඉදිරිපත් කර ඇත්තේ හිඟ අය‍වැය ය. මෙම ඇස්තමේන්තු විසර්ජන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවට ඉදරිපත්කරනු ලබන අතර, මෙය ඇත්ත වශයෙන්ම මුදල් අමාත්‍යවරයා සිදුකරන අය වැය පළමු වර කියැවීම වේ.

සාමාන්‍ය ක්‍රමය වනුයේ මුදල් අමාත්‍යවරයා පවත්නා වර්ෂයේ ‍ඔක්තෝබර් මුලදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් ඉක්බිතිව ඊළඟ වර්ෂයේ ජනවාර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වීමයි. මෙම ක්‍රමයෙන් බැහැරවන අවස්ථා ලෙස දැක්විය හැක්කේ මහා මැතිවරණයක් කැඳවා නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කොට නොගත් අවස්ථාවක් හෝ නව රජයක් දිවුරුම් දුන් වහාම, එයට නියමාකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති අවස්ථාවක්ය.

පාර්ලිමේන්තුව එවැනි අවස්ථාවකට මුහුණදීමේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරවා ගැනීමට යොමුවෙයි. මෙම ක්‍රියා පටිපාටිය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳ ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර ‍නියෝගයන්හි සඳහන් නොවේ. පාර්ලිමේන්තුව දැනටමත් කෙරෙමින් පවතින ව්‍යාපෘති හැර, නව ව්‍යාපෘති සඳහා‍ අරමුදල් සම්මත නොකරයි. දෙපාර්තමේන්තු හෝ පොදු ආයතන සඳහා අරමුදල් වෙන් කෙරෙනුයේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට පමණි.

ඕනෑම වර්ෂයක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතක ආරම්භක ඡේදයේදී, පනතේ ප්‍රධාන අරමුණ පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කරනු ලැබේ:

“මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනතකි.”

එළඹෙන මුදල් වර්ෂයට අදාළව සිය වැඩ සටහන් සඳහා ආදායම් උපයාගැනීමේ රජයේ යෝජනා විස්තරාත්මකව ඉදිරිපත් කරන අයවැය කථාවෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ආරම්භ වේ.

විසර්ජන පනත් කෙටුම්පතට විශේෂිත තත්ත්වයක් තිබුණ ද පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම සාමාන්‍ය පනත් කෙටුම්පතක් සඳහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙලම ඒ සඳහා ද අනුගමනය කරනු ලැබේ. එබැවින්, පළමුවර කියවීමෙන් පසුව පුරවැසියෙකුට 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම ප්‍රතිපාදනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ හැකිය.

ස්ථාවර නියෝග මගින් සම්පූර්ණ අයවැය ක්‍රියාවලිය සඳහා දින 26 කට නොවැඩි කාලයක් නියම කර ඇති අතර එයින් දින 7 කට නො‍වැඩි කාලයක් දෙවන වර කියවීම සඳහා ද දින 22 කට නොවැඩි කාලයක් තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථාව සඳහා ද වෙන් කර තිබේ.

අයවැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී සමාජයේ සියලුම අංශ අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය සභා ගර්භයට රැගෙන එයි. අයවැය යෝජනාවල රහස්‍ය බව එමගින් සංකේතවත් වේ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම යෝජනාවන්හි ඇති කරුණු අන් අයට දැනගැනීමට ලැබුණහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ.

අයවැය කථාවේ පළමු කොටසේදී ඔහු රටේ මූල්‍ය තත්ත්වය හා ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරයි. දෙවන කොටසෙහි අඩංගු වන්නේ ආදායම් සහ වියදම් යෝජනා, බදු අයකරන ආකාරය පිළිබඳ විස්තර හා වියදමෙහි ප්‍රමාණය, පොළී අනුපාත, ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සහනාධාර හා සහන ආදිය වේ. රජයේ පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ ආධාර හා විදේශ ආයෝජන, රැකියා නියුක්තිය හා සමාජ ශුභ සාධනය පිළිබඳ තත්ත්වය එමගින් පොදුවේ සඳහන් කරනු ලැබේ.

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරනු ලබන ආකෘතියක් අනුවයි. පළවැනි හා දෙවැනි වශයෙන් එහි කොටස් දෙකකි. පළමුවන කොටසේ අඩංගු වන්නේ විවිධ අමාත්‍යාංශ හා ඒ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවල පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ප්‍රකාශයන්ය. ඒවා වැය ශීර්ෂ යට‍තේ සංවිධානය කර ඇති අතර වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් තව දුරටත් වෙන් කොට ඇත.

දෙවන කොටසෙහි සඳහන් වන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල අත්තිකාරම් ගිණුම් ක්‍රියාකාරකම් වන අතර ලැබීමේ අවම සීමාව හා වියදම් කිරීමේ උපරිම සීමාව එහිදී විශේෂිතව සඳහන් වේ. මෙම සීමාවන් සඳහා වූ ඕනෑම වෙනස්කමක් කළ යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා මෙම සීමාවන් සඳහා සංශෝධිත ඇස්තමේන්තු ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුව විසිනි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු විවාදය සඳහා උපරිම වශයෙන් දින 7 ක් වෙන් වේ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ විට ආණ්ඩුවට හා විපක්ෂයට කථා කිරීම සඳහා වේලාව වෙන් කර දෙනු ලැබේ. අදාළ ප්‍රධාන සංවිධායකවරු කොටස්කාර පාර්ශ්වයන්ට හා මෙම විවාදයට සම්බන්ධ වීමට කැමති ඔවුන්ගේ සාමාජිකයන්ට කාලය වෙන් කර දෙති. වෙන්කරන ලද දින 7 ක කාලය අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ‍ පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ. මෙය විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව හෝ තෙවන වර කියවීම ලෙස හඳුන්වනු ලැබේ.

තම අමාත්‍යාංශ යටතේ ඇති ඒ ඒ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් හි ප්‍රගති වාර්තා සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදාහැරීම සියලුම අමාත්‍යාංශවල සාමාන්‍ය සිරිත වේ.

අයවැය / විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ විවාදය උපරිම වශයෙන් දින 22 ක් වන කාලයක් පුරා පැවැත්වේ. ස්ථාවර නියෝග 75(5) මෙසේ පනවයි: “මෙම නියෝගයෙහි (1) වන ඡේදයෙහි සලසා ඇති අන්දමට හැර විසි දෙකකට වැඩි නොවන දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවධිය පැවැත්වීමට වෙන් කරනු ලැබිය යුතු වන අතර එම දිනවලින් අන්තිම දිනයෙහි අ.භා 06.00 ට, පනත් කෙටුම්පත ඊට පෙර වාර්තා නොකරන ලද්දේ නම්, එවිට සාකච්ඡා වෙමින් පැවති කවර සං‍ශෝධනයක් හෝ පිළිබඳ ප්‍රශ්නයද, ඊට පසු එම ශීර්ෂය යටතේ ඇති ආණ්ඩුවේ සංශෝධන පිළිවෙලින් ගෙන ඒ පිළිබඳ ප්‍රශ්නද ඉන් පසු එම ශීර්ෂය පිළිබඳ වැඩ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය ප්‍රශ්නයද සභාපතිතුමා විසින් විමසනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව එක් එක් අමාත්‍යාංශයේ ශීර්ෂය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයද විමසිය යුතුය.”

එක් එක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා සභාව විසින් වෙන් කරනු ලැබිය යුතු කාලය කොපමණද යන්න විපක්ෂය තීරණය කරයි. ඉන් පසුව විපක්ෂයට කථා කිරීම සඳහා වැඩි කාලයක් ද සහිතව රජය සහ විපක්ෂය අතර කාලය වෙන් කර දෙනු ලැබේ.

එක් එක් ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව අවසානයේදී, සභාවේ අනුමැතිය සඳහා ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ. විපක්ෂය එක් එක් ශීර්ෂය පිළිබඳව බෙදීමක් ඉල්ලා ‍නොසිටින හා සියලු ශීර්ෂ පිළිබඳ විවාදය අවසානයේදී පමණක් ඡන්දය විමසනු ලබන සම්ප්‍රදායක් ඇති වී තිබේ.

බොහෝ විට, මන්ත්‍රීවරුන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන කාල සීමාව තුළදී කථා කිරීම සඳහා මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක් සූදානම්ව සිටින අවස්ථා එළඹේ. එම නිසා එක් එක් පක්ෂයට යම් නියමිත කාල වේලාවක් බැගින් වෙන් කර දෙනු ලැබේ. විවාදය මෙම අවධියේදී ‍මන්ත්‍රීවරයකුට එක් වතාවකට වැඩියෙන් කථා කිරීම සඳහා ස්ථාවර නියෝගවලින් අවසර ලැබේ.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වේ. මෙම අවස්ථාවෙහිදී, සංශෝධන සහිතව හෝ රහිතව අදාළ වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සම්මත කරනු ලැබී යයි කථානායකවරයා නිවේදනය කරයි.

ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන ඊලඟ ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍‍ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

Top