Featured

පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාට පාරාවලල්ලක් වෙයි…. කාදිනල්ගේ කට ජනාධිපති ලේකම් වහයි…. පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව විවේචන එපා… ඡන්දයට දින 4කට කලින් අලුත් නාඩගමකට සුදානමක්!

Published on: Mar 11, 2020- පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන පරික්ෂණ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්‍ට අදහස් පලකිරිම වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු බලපෑම් එල්ල කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබු දේශපාලන හස්තය සම්බන්ධයෙන් අප දිගින් දිගටම සිදුකල අනාවරණයන් හමුවේ කිතුණු බැතිමතුන්ගේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්‍ට එල්ල වු බලපෑම් හමුවේ උන්වහන්සේ වත්මන් ආණ්ඩුවේ පරික්ෂණ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපැම් කිරිම හේතුවෙන් මෙම තර්ජනය එල්ල වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

දිගින් දිගටම මාධ්‍යහමු කැදවමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් පත් කරපු කමිටු ලබාදුන්න තොරතුරු දත්ත පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් හාරයේ සුල මුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව දැන ගතයුතු බවත් ඒ අතර “මේ අයට සල්ලි දුන්නේ කවුද? මෙයාලට මේ තරම් සංවිධානගත වෙන්න දේශපාලන හයියක් ලැබුණද?” යන්න වහාම පරික්ෂණ කර තොරතුරු අනාවරණය කලයුතු බවයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවනු ලැබූ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාරු කිරීමට වත්මන් ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කිරිමත් සමග තත්ත්වය තවත් නරක අතට හැරුනු අතර කිතුණු බැතිමතුන්ගේන් එල්ල වු දැඩි බලපෑම් හමුවේ එයට එරෙහිව දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කිරිමට අගරදගුරු කටයුතු කරනු ලැබුවා.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවනු ලැබූ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මාරු කිරීමක් සිදු වන බවට තමන්ට දැනගන්නට ලැබුණු බවත් එසේ පොලිස් නිලධාරීන් මාරු කිරීම වැරදි බවත් ඊට එරෙහිව ජනතාවත් සමග වීදි බැස විරෝධය පළ කරන බවත් ඡන්දයක් තිබ්බුනත් නැතත් තමනට අදාල නැති බවයි උන්වහන්සේ සදහන් කළේ.

දිගින් දිගටම අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් කිරිම හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බවත් වහාම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරිම නතර කරන ලෙසත් අදාළ ජනාධිපති ලේකම්වරයා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්‍ට බලපෑම් කර තිබේ.

මේ අතර අප්‍රියෙල් 21 ප්‍රහාරය ඉලක්ක කර ගනිමින් තවදුරටත් දේශපාලන වාසී ගැනිම සදහා රාජපක්ෂ කදවුර මේ වනවිට මෙහෙයුමක් දියත් කර තිබේන අතර මහා මැතිවරණයට දින 4කට පෙර යෙදෙන අප්‍රියෙල් 21දින ඉලක්ක කර රටපුරාම දැවැන්ත විපක්ෂයට එරෙහිව වැඩසටහන් රැසක් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.රටපුරා විහාරස්ථාන සියල්ලම භාවිතා කරමින් මියගිය අය සදහා පිං පැමිණවිමේ පිංකම් මුවාවෙන් දේශපාලන වාසී ගැනිමේ සිට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය යොදා ගනිමින් විවිධ මොළ සේදිමේ ව්‍යාපාරයක්ද දියත් කිරිමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අප කල අනාවරණයන් සියල්ලම පහතින් කියවන්න ….

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/20177

http://lankanewsnetwork.org/archives/23283

http://lankanewsnetwork.org/archives/22877

http://lankanewsnetwork.org/archives/20215

http://lankanewsnetwork.org/archives/21124

http://lankanewsnetwork.org/archives/23104

Top