Featured

පිරිප්පු 65යි…… සැමන් 100යි… බයියෝ කපෝතී ….ජනාධිපතිපතිගේ ජාතිය ඇමතිල්ල බයියන්ගේ හීනවලට කෙලවෙයි…. ජිවිතයම බොරුවක් කරගත් රාජපක්ෂලාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

Published on: Mar 17, 2020 – කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ රට රකින විරුවා යනුවෙන් තමන්ම හදුන්වා ගන්නා වැ.බැ ගෝඨාභය රාජපක්ෂ අවධාණය යොමුකර විපක්ෂයට දුම් යන්න දෙයි යනුවෙන් රාත්‍රීයේ ජාතිය ඇමතිල්ල දෙස බලාසිටි බයියන්නට් ටික වේලවක් ගතවනවිට ඇමතිල්ල හැමිනිල්ලක් බවට පත්ව ඇති බව තෙරුම්ගොස් තිබේ.

වෛරසය වසංගතයක් බවට පත්ව භීතියට පත්ව සිටින ජනතාව වෙනුවෙන් මැතිවරණය කල්දමා වහාම් පාර්ලිමේන්තුව කැදවා සාමුහිකව කටයුතු කරනු ඇති බවට මහත් බලාපොරොත්තු තබා සිටි බයියන්ට අවසානයේ ලැබුනේ පරිප්පු සහ සැමන් වල මිල අඩු කරන බවට කරන ලද ප්‍රකාශය පමණී.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද ජනාධිපතිවරයා නියෝග කළේය.අනතුරුව ලැජ්ජාවක් නැති රාජපක්ෂලා ජනතාව කබලෙන් ලිපට වැටි සිටියදි තමන්ට ඡන්දය ලබාදෙන ලෙසට ඉල්ලිමක්ද කර සිටියා.

මුලු රටම ජාතික ව්‍යසනයක ගිලුණු මොහොතක රාජ්‍ය නායකයා එයට මුහුණ දිමට සවියක් මග පෙන්විමක් කරනු වෙනුවට තම නොහැකියාව අතිතයට දොස් පවරමින් වසා ගැනිමට උත්සාහ කිරිම හාස්‍යජනකය.එපමණක් නොව ගෝඨාගේ මුළු කතාව පුරාම රටේ ජනතාවට ඒත්තු ගැනෙඉමට උත්සහ කළේ මැතිවරණ ජයගැනිම කොරෝනාව අතුරුදහන් කිරිමට එකම ප්‍රතිකර්මය බවයි.ඒ අනුව කොරෝනා මුවාවෙන් වත්මන් අසික්කීත රාජපක්ෂ ආණ්ඩුව සහ රජය ඡන්දය ඉලක්ක කර ගේමක් ගසන බවට අප කල අනාවරණයන් තවත් තහවුරු කිරිමට සමත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ (වැ.බැ ) ජාතිය හැමිනිල්ල බලන්න….

Top