Featured

පුංචි ඡන්දේට මෛත්‍රී පිළ අලියාගේ නැට්ටේ එල්ලෙයි-කපුවා සජිත්

පළාත් පාලන මැතිවරණය තනිවම තරග නොකර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග එක්ව මැතිවරණයට තරග කිරිමේ යෝජනාවක් සජිත් පිළෙන් ඉදිරිපත් විමත් සමග එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් දක්වා උග්‍ර වි ඇති බව එජාප අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් අඩපණ කරන තෙක් මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටියද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්ස්මක් පැමිණිමත්,මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමත් කල බලපැමත් සියල්ලටම වඩා එක්සත් ජාතික පක්ෂයට ඇති වාසිදායක තත්ත්වය තවදුරටත් අවම වන බැවින් වහාම මැතිවරණයට පැවැත්විමට කටයුතු කිරිමට මෛත්‍රීපාල සිරිසේනට බලපෑම් එල්ල වෙමින් තිබේන අතර එම හේතුවෙන්ම ඉතා ඉක්මනින්ම මැතිවරණයක් පැවැත්විමට සිරිසේන ජනාධිපතිවරයාට සිදුවන බවයි දැනට අනාවරණය වි ඇත්තේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය ඉක්මනින්ම පැවැත්විමටත් එම මැතිවරණයට ශ්‍රිලනිප+එජාප සහ තවත් සුලු පක්ෂ එකතු කරගනිමින් තරගවැදිම නුවණට හුරු බවත් යම් හෙයකින් මහින්ද පිළ වෙනම තරග කලහොත් ශ්‍රිලනිපයේ අවසානය එම මැතිවරණයෙන් සනිටුහන් වනු ඇති බවද ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළ පෙන්වා දි තිබේ.මේ හේතුව නිසා ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළ,එජාපය ඇතුලු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට තරග වැදිමට කටයුතු කල යුතු බවට මෛත්‍රී පිළේ බත් බැලයන් යොජනා කර ඇති අතර ඒ අනුව අදාළ යොජනාව සජිත් පිළ හරහා එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කිරිමට ජනාධිපතිවරයාම කටයුතු කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

සජිත්ගේ මේම යෝජනාව සම්බන්ධයෙන් රනිල් පිළ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති අතර අදාළ යෝජනාව ගෙන එම පසුපස ඇත්තේ පක්ෂය තුල යලිත් අර්බුදයක් නිර්මාණය කිරිමටත් බවත් ඔහුන් පෙන්වාදි තිබේ.මේ  අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් අගමැතිවරයා මේ දක්වා සාකච්ඡා කර නොමති බවද අනාවරණය වි තිබේ.

Top