Anonymous Reporter

පෙරටම යමු ලංකා….

“තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ”

මේ සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන “ලක් වැසියන් කෙරෙහි නැමී” ගීතයේ කොටසකී.මේ පද පේලිය ඔබ මේ ගෙවෙන අවසන් හෝරා කීපය තුළදී සිහියට ගතහොත් ඔබෙත් මගෙත් නම මව්බිමේ නාමයෙන් සදා දිදුලන බව ස්ථිරයි.

හෙට (17) දැයක ඉරණම තීරණය කරන්නාවූ මහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර අවසන්.ඔබ හෙට ඡන්ද පොළට ගොස් කතිරය ගැසීමට පෙර ඉහත පද පේලිය සම්බන්ධයෙන් සිතා බැලීම රටට කරන යුතුකමකී .

හෙට පැවැත්වෙන මැතිවරණයේදී ප්‍රධාන සටන පවතින්නේ මුළු රටම එක්සේසත් කල මහින්ද රාජපක්ෂ සහ බටලන්දේ රනිල් වික්‍රමසිංහ අතරයි.මව් බිම ත්‍රස්තවාදින්ගෙන් බේරා ගත් ,ජාත්‍යන්තරයට රට පවා නොදෙන ,පෞරෂයක් ඇති මහින්ද රාජපක්ෂ හෝ තරුණයක් දස දහස් ගණන් බටලන්දට ගොස් මරා දමන විට බටලන්දේ සිට බලා ජොලියක් ගත් ,දේශපාලන වේදිකාවට නැග කෙළින් සිට ගැනීමට නොහැකි ,බටහිර අධිරාජ්‍යවාදීන්ට දවසින් දවස දොළපිදෙණිය පුද කරන රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැතිකරනවාද යන්න ඔබ තීරණය කල යුතුයි.ඔබ විසින් ගන්නා මේ නිවැරදි තීරණය මුළු දැයේම ඉරණම සනිටුහන් කරන තීරණයකී.

වසර 30ක් පුරාවටම මේ රටේ පැවති ගිනි දැල් ඔබට අමතකවී නැතැයි අප විශ්වාස කරන්නෙමු.යම් මොහොතකට හෝ ඔබ එය අමතක කරන්නේ නම් ඔබ මේ මව්බිමටද බරකී .උදාරතර රණවිරුවන් විසින් දිවි පරදුවට තබා බේරා දුන් මේ උතුම් මාතෘ භූමිය තව තවත් දිදුළමින් එක රටක් තුළ සිංහල ,දෙමළ ,මුස්ලිම් ,බර්ගර් සියළු ජනතාවට ජීවත් වීමේ නිදහස උදා කරමින් ආසියාවේ ආශ්චර්‍ය කරා ගෙන යෑමට දායක වීම ඔබේත් මගේත් පරම යුතුකම වන්නේය.නැතිනම් එදා මව්බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ ආත්මයේ සැනසීම පවා නැති කරමින් යළිත් රට දැන දැනම අදුරු යුගයකට ඇදගෙන ගොස් මෛත්‍රි ,රනිල් ,චන්ද්‍රිකා සමගින් රට පාවා දෙමින් මාස 60න් උතුර-නැගෙනහිර නැති සිතියමක් නිර්මාණය කරමින් ජාත්‍යන්තරයේ නිදි වදින්නට යන්න ඔබටත් හැකියාව පවතී.ඒ කාරණා දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමක්ද යන්න ඔබ පැහැදිලිව මේ හෝරා කීපය තුළදී තීරණය කල යුතුයි.

2015 ජනවාරි 08 මේ ලක් දෙරණට මූසල ,මුස්පේන්තු දිනයක් විය.එදා සිදුවූ වැරද්ද නැවත නැවත වරක් සිදුකිරීමට තරම් මෙරට ජනයා මෝඩයන් නොවන බව අප විශ්වාස කරන්නෙමු.මව් බිම පිළිබද හැගීමක් ඇත්තේ ගමේ ඉපිද ,ගමේ හැදී ජනතාවගේ සිතුම් පැතුම් හදුනන මිනිසෙකු විනා බටහිරට ලැදී ,හැම්බේකන් ,චීස් බටර් කෑ ළපටි සිපයි රනිල් වික්‍රමසිංහලා නොවන බව යළි යළිත් අප සිහිපත් කිරීමට කැමැත්තෙමු. 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව දේශපාලන දිවියේ අපිරිමිත අත්දැකීම් සමුදාය සමගින් මෙරට දේශපාලනයේ නිරතවූ මහින්ද රාජපක්ෂට රටේ අනාගතය මේ මොහොතේදීද භාර කල යුතු යැයි අප වගකීමෙන් ප්‍රකාශ කරනු ලබන්නේ සුජාත ලක් දෙරණ අවජාතකයින්ට භාරදී ඊළමක් ගොඩ නැගීමට අවශ්‍ය නොවන නිසායි.

Top