Featured

බලයට ආ හැටි පොහොට්ටු කාරයන්ට අමතක වෙලා…. උක් දණ්ඩක් උරලා විසිකළා වගේ භික්ෂුව විසී කළා.. භික්ෂූන්වහන්සේ දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කිරිමටත් කුමන්ත්‍රණයක්!

Published on: Mar 12, 2020-සිංහල බෞද්ධ නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ දිනවිමට මේ රටේ සංඝ පරපුර සිදුකල සියලුම කැපකිරිම් අමතක කරමින් අද වනවිට භික්ෂූ පරපුරට ගැරහිමට පොහොට්ටුව ඇතුලු කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් ඒ හරහා සිංහල,බෞද්ධ ජනතාව ආරක්ෂා කිරිමට දිවිහිමියෙන් කටයුතු කල භික්ෂූන්වහන්සේලා විනාශ කිරිමටත්,දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කිරිමටත් කුමන්ත්‍රණයක් දියත් වන බව සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා.

සුලුතර අන්තවාදී දේශපාලන කණ්ඩායම්වලට ග්‍රහණය වෙච්ච ඡන්ද පදනම නැතුව මේ රටේ නායකයෝ නිර්මාණය කරන්න බැහැයි කියන මතය ජනාධිපතිවරණයේදී ඓතිහාසික ලෙස ඛණ්ඩනය කිරිමට භික්ෂුන්වහන්සේට හැකි වු බව පෙන්වා දෙන එම හිමියන් සදහන් කළේ භික්ෂුන් වහන්සේ මර්දණය කිරිමට වත්මන් රජය කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.

භික්ෂුවගේ දේශපාලන අයිතිය දියකර හැරිම සදහා රාජපක්ෂලා සමග සිටින අන්තවාදී කණ්ඩායම් කුමන්ත්‍රණය කරමින් සිටින බවත් එහි ප්‍රතිපලයක් ලෙස අද භික්ෂුවගේ ඡන්ද අයිතිය අභියෝගයට ලක් කරමින් සිටින බවද උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

රාජපක්ෂලා… උක් දණ්ඩක් උරලා විසිකළා වගේ භික්ෂුව විසී කළා..

මහා මැතිවරණයට අදාළව ශ්‍රි ලංක පොදුජන පෙරමුණෙන් තරග කිරිම සදහා බද්දේගම සමීත හිමිට හැරෙන්නට වෙනත් කිසිදු භික්ෂුන්වහන්සේ නමකට අවස්ථාව ලබා නොදිමට බැසිල් රාජපක්ෂ ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව යලි යලිත් අවධාරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අවස්ථා ගණනාවක් සිය ස්ථාවරය වෙනස් කරමින් කටයුතු කල අතන – මෙතන මම රතන ලෙස ප්‍රසිද්ධ රතන හිමියන්ටද මෙවර නාමයෝජනා නොලැබෙන තත්ත්වයක් උදා වි ඇති අතර පසුගිය කාලයේම නාමයෝජනා ලබා ගැනිම සදහා අනවරථ සටනක යෙදි සිටින රතන හිමියන්ට මහින්ද ලබාදුන් පිළිතුරද සාර්ථක එකක් නොවන බවයි වාර්තා වන්නේ.

පසුගියදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හමුවු රතන හිමියන් තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙසට කල ඉල්ලිමට මහින්ද සදහන් කර ඇත්තේ තරග කිරිමට අවස්ථාවක් ලබාදිමට නොහැකි බවත්, ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදිමට හැකියාවක් ඇද්දැයි සොයා බලන බවයි.

රාජපක්ෂලාගේ සිංහල බෞද්ධ විරෝධි ගමනට එරෙහිව වෙනම තරගයට!

ගෝඨාභය රාජපක්ෂ,ඇතුලු රාජපක්ෂ කදවුරේ සිංහල බෞද්ධ විරෝධි  ගමන් මගට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කොටගත් නව ජාතික සන්ධානයක් බිහිකිරිම සදහා මෙ වනවිට සාකච්ඡා ආරම්භ වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු  පසුගිය පෙබරවාරි 15 වැනිදා අනාවරණය කළ. ඒ අනුව ඉදිරි මහා මැතිවරණය සදහා සිංහල බෞද්ධ බලවේගය වෙනම තරග කිරිමට කටයුතු කරයිද?

http://lankanewsnetwork.org/archives/23013

 

Top