Featured

බල ලෝභි රාජපක්ෂලාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය ජාතියේ නාමයෙන් පැරදවිය යුතුමය.

Published on: Apr 10, 2020 – දිනෙන් දින ජනතව සහ රට අගාධයට පත් කරමින් රට තුළ කොරෝනා වසංගතය ඔඩු දුවද්දි හා ආණ්ඩුවේ කොරෝනා සෙප්පඩ විජ්ජාව ක්‍රියාත්මක වෙද්දි තව තවත් රටේ මුදල් විනාශ කිරීමේ වෑයමක් රාජපක්ෂ සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවති.

එනම් මේ වන විට නාමයෝජනා කැඳවා ඇති මහමැතිවරණය දිස්ත්‍රික්ක මට්ටමින් විටින් විට පවත්වා රාජ්‍ය මිලීටරීකරණය යොදවා ගනිමින් 2/3 සිහිනය යථාර්ථයක් කර ගැනිමට ජනාධිපතිවරයා සටනක යෙදි සිටින බව දැන් ඉතා පැහැදිලිය. අගමැතිවරයා පවා පාර්ලිමේන්තුව යලි කැදවිමට යම් කැමත්තක් දක්වද්දී ගෝඨාභය මේ උත්සහ කරමින් සිටින්නේ අන්ත පරාජයක් ලබන පාර්ලිමේන්තු මැතිවරණය තමන්ගේ මිලිටරී බලය යොදවා දිනා ගැනිමට බව නොරහසකි.

පසුගිය ජනාධිපතිවරණයේදි ඡන්දය භාවිතා කල බහුතරයක් මේ වනවිට ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලාගේ කෙරුවාව ඉදිරියේ විලම්භීත වි සිටිම නිසා කිසිම අයුරකින් 2019 නොවැම්බරයේ කල මොඩකම යලි නොකිරිමට වහලුන්ද සුදානම් නැති බව රාජපක්ෂලා හොදින්ම දනී.

රටේ මුදල් පරිපාලනය අයිති පාර්ලිමේන්තුව ඉතාම ඉක්මනින්ම කැඳවා ජනතා පරිමාධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ඇත්තය. නමුත් රටේ ජනතාවට ලබා දෙන සහනාධාරයද පොහොට්ටුවේ නාමයෙන් පාලනය කරමින් කොරෝනා වසංගතය දේශපාලන වාලපුරියක් බවට පත් කොට ගෙන සිටින රාජපක්ෂවරුන්ට මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ මරා දැමීමට ඉඩ දිය නොහැක.

2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති හෙයින් නැවත නව පාර්ලිමේන්තුවක් පත් කිරීම හෝ ප්‍රකාශ කරනු ලැබු ගැසට් පත්‍රය නැවත කැඳවමින් පෙර පාර්ලිමේන්තුව රටේ ව්‍යසනකාරි වාතාවරණය මග හැරි යන තුරු ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම බව ජනතා පරමාධිපත්‍යය බලය විශ්වාසය කරන ඔනෑම අයෙකු දනී.(වහලුන්ට අදාල නැත)

මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති වකවානුවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින එනම් පසුගිය මාර්තු 02 වන දින සිට මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බැවින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය 2020-03-31 සහ 2020-04-01 දිනවල ජනාධිපතිවරයාට යවන ලද ලිපි මගින් ඉල්ලා තිබුණි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යාන්ත්‍රණය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් වන අතර මැතිවරණ කොමසාරිස්වරයාට පිළිතුරු ලිපියක්  2020-04-06  යවමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ලැබි ඇති උපදෙස් මත මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව මැදිහත් වීමට ජනාධිපතිවරයා තීරණය කර නොමැති බවයි.

ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවනු ලැබු ලිපිය,

මහින්ද දේශප්‍රිය මහතා
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.(ලේකම් වරයා මවිතයට පත්වීමෙන් යොජනා කරන්නේ කොමිසමේ යම් වංක සහයෝගීත්වයක් පිලිබඳව ලේකම් වරයා අනුමිතියක් යෝජනා කරන බවකි.)

පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

1-     2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.

2-     එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.

3-     ඉන් අනතුරුව,

(අ)  දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය  අභිලාෂය පළ කළහ.,

(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ  15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,

(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්

(අ)       පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
(ආ)     මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
(ඇ)      නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
(ඈ)      අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

ලිපිය අවසන්…

මහ මැතිවරණයකට නාමයෝජනා කැඳවා තිබියදි මැතිවරණයට කල් දැමීමක් ලංකාවේ සිදු පළමු වතාව මෙය වේ. ඒ අර්ථයෙන් ගත් විට මැතිවරණ කොමිෂමට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තිරණය කිරීම  ට පූර්ව අත්දැකීමක් හෝ නොමැත. නාම යෝජනා කැඳවීම වෙනුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, රජයේ බැංකු, තැපැල් සේවය හැර සෙසු රජයේ සේවකයන්ට කොරෝනා වෙනුවෙන් නිවාඩු ලබා දුන්, ඒ වෙනුවෙන් රටේ ඇදීරි නිතිය සිතුසේ පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සමාගම මෙලෙස දැන් මැතිවරණ කොමිසමට බෝලේ පාස් කිරීම පුදුමයට කරුණක් නොවන්නේ ඒ ඔවුන්ගේ සහජ බලලෝභි කුණු දේශපාලන භාවිතයම වන බැවිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට නොහැකි නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය නැවත කැඳවීමය. පොහොට්ටු යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ගමේ සම්පකාරයේ බඩු මුට්ටු පවා පොහොට්ටුවේ ප්‍රාදේශිය මන්ත්‍රිවරුන්ගේ ඕනෑ පිරිසට පමණක් බෙදා දීම ක්‍රියාත්මක කරමින් කෑදර බයියන්ට අවශ්‍ය පරිදි කඩින් කඩ මැතිවරණයට පැවැත්වීමට වඩා අවශ්‍ය වන්නේ ඉදිරියේ රට මුහුණ දෙන දරුණු ආර්ථික අවපාතයෙන් රට ගලවා ගැනීමට ක්‍රියා කිරීම ය.

එවැබින් කොරෝනා වසංගතය රටින් තුරුන් වන තුරු නැවත මැතිවරණයක් අවශ්‍ය නොවන බව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ ඒකායන ඉල්ලීම වේ. කඩින් කඩ මැතිවරණය පැවැත්වීම ට මැතිවරණ කොමිසම පවා එකඟනොවන්නේ ඒ හරහා මතුවන සෞඛ්‍ය හා සමාජ ගැටළු ඔවුනටද හදුනා ගත හැකි බැවිනි. දිනෙන් දින කොරෝනා ආසාදිත ප්‍රමාණය වැඩි වෙද්දි රටේ සම හරක් වගකීම විරහිතව ක්‍රියා කරද්දි මැතිවරණ ප්‍රචාරක කටයුතු නිසා රටේ ජනතාවට කොරෝනා පැතිරීම වේගවත් නොවන්නේද?

එදාවේල හම්බකරගන්නා අසරණ කම්කරුවාට, පෞද්ගලික අංශයේ සේවකයන්ට, මහ බැංකුවට මුවා වෙලා රජය විසින් සිය සහන කප්පාදු කළ රජයේ සේවකයන්ට, නිසි මිලක් ලබා ගැනීමට නොහැකි වීම නිස හේන් වලම සිය වගාව කුණු වීමට අත හරින ගොවින්ට ආර්ථික සහනය සැපයීම වෙනුවට, ගොවින්ගේ අස්වනු නිසි පරිදි මිලයට ගෙන ඒවා රට පුරා බෙදා හරිමින් සාධාරණ මිලකට මිලයට ගැනීමට ජනතාවට ඉඩ ප්‍රස්ථාව සැලසීම වෙනුවට මරි මෝඩ දේශපාලන බල ලෝභි රාජපක්ෂලාගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය ජාතියේ නාමයෙන් පැරදවිය යුතුමය.

Top