Featured

බූරු ගැසූ කර්තෘ සහ ගොන් බණ්ඩා ලේක්හවුස් ගිලගත්තා ……

රජයේ මාධ්‍ය හොරණෑව ලෙස ලේක්හවුස් ආයතනය හංවඩු ගසා එහි සිදුවන කිය‍්‍රාවලියන් දැඩි විවේචනයට ලක්කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව තුළ සී/ස එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමට සිදුව ඇතී ඛේදනයී ඉරණම දෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමු කරමින් ලේක්හවස් ආයතනයේ දුෂණ සහ අක‍්‍රමිකතා මැඩලීමට මැදිහත් වෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා සුරැකීමේ සංවිධානය ලේක්හවුස් ශාඛාව ලිපියක් යොමුකර තිබේ.

බූරු ගැසූ කර්තෘ සහ ගොන් බණ්ඩා

එමෙන්ම ලේක්හවුස් ආයතනයේ වගකිම් රහිත පුද්ගලයන්ට දී ඇති වගකීම් සහිත පත්වීම් තව දුරටත් ආයතනයේ විනාශයට හේතු වී ඇති බව පෙන්වා දෙමු.

ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාගේ පත්වීම්ද වාර ප‍්‍රකාශන ප‍්‍රධාන කර්තෘගේ පත්වීම්ද හාස්‍ය ජනක පත්වීම් ලෙස පෙන්වා දිමට කැමැත්තෙමු. මන්ද කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා 2001 දී දිණමිණ පුවත්පත් කතුවරයා ලෙස පත්වීම් ලැබු මාස ගණනාවක් තුලදී පුවත් පත සීඝ ‍්‍ර ඇද වැටීමකට ලක් කොට එවකට හිටපු සභාපති නලින් ලද්දුවහෙට්ටි මහතාගේ උදහසින් ඔහු නිල කාමර අඩස්සියේ තැබු එකම කතුවරයා ලෙස ගිනස් වාර්ථාවකට ඇතුළත් විය.

සමන් වගආරච්චි වන ඔහු තම කර්තෘ ධූරකාලය තුළම සිදු කළේ නිල කාමරයකට වී පරිඝනකයෙන් බූරුවා සෙල්ලමය. අමාත්‍යාංශ පවරා ගැනිමෙන් පසු ඔහු ඇමෙරිකාවේ සුපුරුදු රැකියාවට ගියේය. යහපාලනයේ ආශ්චර්ය නම් එවන් හිස් මිනිසෙකු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ධූරයට පත්කරනු ලැබීමය. අනෙක් හාස්‍යජනක සිද්ධිය වනුයේ ‘ගොන් බණ්ඩා’ ලෙසින් මාධ්‍යවේදීන් හදුන්වාලනු ලබන ගාමිනි බණ්ඩාරණායකට අමාත්‍යාංශයේ සහකාර ලේකම්ධූරයක්ද ලබා දී තරුණි පුවත් පත ඇතුළු සියලූ වාර ප‍්‍රකාශනවල පුවත් කර්තෘ ධූරය ලබා දී ඉහළ වැටුප් තල සහ වරදාන වර ප‍්‍රසාද ලබා දීමය. අවම වශයෙන් මිහිර පුවත් පතටවත් උපදේශයක් ලබා දීමට තරම් ප‍්‍රායෝගික දැනුමක් නොමැති මෙම පුද්ගලයා මේ වනතුරු කිසිදු වාර ප‍්‍රකාශනයක රැස්වීමක් සාකච්ඡාවක් හෝ පවත්වා නැත්තේ ඔහුගේ මට්ටම ඔහු දන්නා නිසාමය.

dusana-1 dusana-2 dusana-3 dusana-4 dusana-5 dusana-6

Top