Featured

භික්ෂුන් වහන්සේලා සිරගෙට දාන පනත හැදුවේ රනිල්ගේ දඹර අමිල ඇබිත්තයා

භීක්‍ෂූන් වහන්සේ සදහා විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පැනවිම සකස් කිරිම සම්පුර්ණයෙන්ම සිදුකළේ කලක් ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදි සටන් පෙරමුණේ සිට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නියොජනය කර පසුව සෝභිත හිමියන්ගේ අභාවයෙන් පසුව කැඳවුම්කරු තනතුර සදහා වලියක්ද දා ගත් රනිල් වික්‍රමසිංහ ක්‍රිස්තියානි නිකායේ ඇභිත්තයා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් බව බුද්ධ ශාසන අමාත්‍යවරයා අප විශේෂ් වාර්තාකරු සමග අනාවරනය කර තිබේ.

භීක්‍ෂූන් වහන්සේ සදහා විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පැනවිම අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලිම මත මහානායක හිමිනමකගේ සහ දඹර අමිල හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් පනවා ඇති බව අප මිට පෙරද අනාවරණය කර සිටියා.අදාළ කමිටුව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අධික්ෂණය යටතේ දින 20ක කාලයක් තුල අදාළ විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවත සකස් කර තිබේ.

ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම ද ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දිය හැකිය.

එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම භික්‍ෂූන් වහන්සේට කළ නොහැකිය. එමෙන්ම අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌ත වීමට ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාට හැකියාවක්‌ නොමැත.

ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑළීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

එකී වැරදි සඳහා දඬුවමද අදාළ කතිකාවක ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දක්‌වා ඇත.

ඒ අනුව ඉහත වරදට ලැබෙන දඬුවම් මෙසේය.

වැඩ සිටින විහාරස්‌ථානයෙන් එම භීක්‍ෂූන් වහන්සේ තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම සහ භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වරදට දඬුවම්ය.

මෙම පනත් කෙටුම්පතට අනුව එක්‌ එක්‌ ථෙරවාදී භික්‍ෂු නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශවයට අදාළ කතිකාවක්‌ සකස්‌ කර සම්මත කර ගත යුතුය. ඉන් පසු එය එකී නිකායේ හෝ පාර්ශවයේ මහානායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක්‌ සමඟ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය.

බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් එය විශේෂඥ මණ්‌ඩලයත් වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙම විශේෂඥ මණ්‌ඩලය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තුන් නමකගෙන්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුම ඇති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.

විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලබා දුන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් අදාළ කතිකාවත ලියාපදිංචි කළ යුතුය.

ඉන් පසු මෙම කතිකාවතේ විධිවිධාන එකී නිකායට හෝ පාර්ශවයට අයත් සෑම භික්‍ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතුය. එකී කතිකාවතේ විධිවිධාන එම භික්‍ෂූන් වහන්සේ විසින් දැඩිව පිළිපැදිය යුතු බවද, ඊට අනුකූලව හැසිරිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්ය.

මෙම කතිකාවතේ සඳහන් කලින් සඳහන් කළ විධිවිධාන භික්‍ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කළොත් අදාළ නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. චෝදනා ලත් භික්‍ෂූන් වහන්සේටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව හිමි වේ.

චෝදනාවන්ට වරදකරු වන යම් භික්‍ෂූන් වහන්සේ නමකට කාරක සංඝ සභාව විසින් නියම කරන පෙරකී දඬුවම් පිළිපැදීම එම භික්‍ෂූන්වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් පනත යටතේද එම භික්‍ෂුව වරදකරු කර මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයක්‌, හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දිය හැකිය.

යම් කිසි ලෙසකින් වරදකරුවකු වන භික්‍ෂූන් වහන්සේ නමක්‌ වෙනත් නිකායක්‌ හෝ පාර්ශවයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‍ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.

පනත් කෙටුම්පතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේදී හෝ එය බලාත්මක කිරීමේදී ෙත්‍රෙනිකායික මහ නාහිමියන්ගේ තීරණය පරිදි භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරේ වර්ණය නියමිතව දැක්‌වීම සඳහා ද බෞද්ධ විෂය ඇමැතිවරයාට නියෝග සැදිය හැකිය.

මෙම පනත් කෙටුම්පත ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන ථෙරවාදී සම්ප්‍රදායට අනුකූල තුන් නිකාය සහ එම නිකායන් යටතේ පිහිටුවන ලද පාර්ශවයන්ට අදාළ වන බවද සඳහන්ය.

මේ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කිරීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ සිංහල ජාතියට හා බෞද්ධ ආගමට ඇති ප‍්‍රමුඛත්වය අහිමි කිරීමට බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කිරීම ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතාවක් නොව විදේශයන්ගේ අවශ්‍යතාවක් බවද ආචාර්ය නලින් ද සිල්වා මහතා අද පෙන්වා දුන්නා.

 පරණ කතාවක්-අනේ සාදු…..දබර අමිල රුසියානු කාන්තා සම්බාහන මධ්‍යස්ථානයක

Top