Featured

මත්තල වී හරහා පො.හැරිසන්ට සල්ලි මල්ලක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර තිබු වී තොග එහි ගබඩා වලින් ඉවත් කර ගැනිමේ ක්‍රියාවලියේදි පශු සමපත් හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් අමාත්‍යවරයාට එක වී ක්‍රිලෝවක් ඉවත් කිරිම වෙනුවෙන් රුපියලක කප්පමක් ගෙවිමට පොරොන්දු වි ඇති බව අනාවරණය වී තිබේ.

මත්තල ගබඩා කර තිබු වී තොග යහපාලන් රජයේ තිතට මත වැඩසටහන යටතේ මෙන්ඩිස් අරක්කු නිෂ්පාදකයන්ට ඉතා අඩු මුදලට විකිණිමට කටයුතු කර ඇති අතර ඒ අනුව සෑම වී ක්‍රීලෝවට රුපියල බැගින් අමාත්‍යවරයාට ගෙවිමට කටයුතු කර තිබේ.

සැ:යු:- යහපාලනයේ ගණන් කාරයෝ වැහි වැහැලා ඉන්නවා නේ පො.හැරිසන්ට ලැබෙන ගාන ගණන් හදලා හොයා ගනින් (වී ක්‍රිලෝ එකක්කට රුපියල බැගින් *මෙට්‍රික් ටොන් හාරදහසක්= ……) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන් පළිගැනීමේ චේතනාව සහිත යහපාලන රජය පැමිණි විගසම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කල අතර පසුව අවස්ථා ගණනාවකදි දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක අවශ්‍යතාව දැනිමත් එයින් ලැබු ආදායම අහිමි විමත් නිසා යහපාලන අමන රැල යලිත් මත්තල ගුවන් තොටුපල සේවය සදහා එක් කරගෙන තිබේ.

ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර තිබු වී තොග එහි ගබඩා වලින් ඉවත් කර ගනු ලැබීම පසුගිය (14) ආරම්භ වු අතර වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් හාරදහසක් පමණ මත්තල ගුවන් තොටුපොළ ගොඩනැගිලි තුළ ගබඩා කර තිබෙනවා.

මත්තල ගුවන්තොටුපොළේ රජය විසින් වී ගබඩා කිරීම නිසා එහි මීයන් කෘමි සතුන් ආදින් බෝවීමෙන් එහි ඇති අධි සංවේදී උපකරණවලට දැඩි අනතුරුදායක තත්වයක් මතුව තිබුන අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ උපකරණ කිහිපයකට හානි සිදුව ඇති බවට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඉංජිනේරුවරුන් වාර්තා සපයා ඇති බවයි.

Top