Featured

“මම මැරෙන්න බය නෑ…” මැරෙන්න කලින් දියණියට සිදුවු අපරාධයට වගකිවයුත්තන් හොයනවා… පවිත්‍රා පත්කල ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නිහඬයි! “ප්‍රියාන් මැණික් ” රංජන්ට කතාකරමින්  ඉවත්කර ගැනිමට උත්සහ කල පැමිණිල්ල කුමක්ද?

Published on: Feb 27, 2020- පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයක් පිළිබඳ විවිධ පුද්ගලයන් සංවිධාන සහ නීතිඥවරුන් රජයේ ළමා ආරක්ෂක අධිකාරියට සහ ජනාධිපතිවරයා ඇතුළු විවිධ මට්ටමේ බලාධිකාරීන් වෙත පැමිණිලි සහ මෙම වීඩියෝ පටය ඉදිරිපත් කර තිබුණද මේ වන තුරුත් කිසිදු අන්දමේ ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් සමාජ විරෝධයක් පැනනැගී තිබේ.

කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරිම සම්බන්ධයෙන් දේශපාලන බේදයකින් තොරව සමාජයේ විවිධ කණ්ඩායම් අරගල අරම්භ කර තිබේන අතර අද දිනයේද විරෝධතා පැවැත්වුනා.

සමාජ මාධ්‍ය කැළඹු අවුරුදු 6ක දැරිය ලිංගික අපයෝජනය කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට නොගන්නේ ඔහු සතු දේශපාලන බලය නිසා බව ඉතා පැහැදිලිය.

පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් රන්ජන් රාමනායකගේ හඬපට වලද මැණික් ව්‍යාපාරිකයකු වන “ප්‍රියාන් මැණික්” විසින් වයස අවුරුදු 6ක දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට ප්‍රචාරය වූ වීඩියෝවට මසක් ගත වනතුරුත් කිසිදු නීතිමය පියවරක් නොගන්නේ සැකකරුගේ මූල්‍ය හා දේශපාලන බලයට වින්දිත පාර්ශ්වය නතු කරගැනීමකින් දැයිබරපතළ සැකයක් මතුව ඇතැයි ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පෙන්වා දි තිබුනා.

මේ වනවිටත් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති නමුත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ බලධාරීන් ඉල්ලා ඇත්තෙ දැරිය සොයා ගැනීමට ඔවුන්ට සහාය වන ලෙසයි.

සිවිල් සංවිධානවලට එවැනි බලයක් තිබේ නම් පොලිසියක් හෝ ජාතික ළමාරක්ෂක අධිකාරියක් රටට අවශ්‍යදැයි අමුතුවෙන් ප්‍රශ්න කල යුතු කරුණකි.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජනවාරි 8 වැනිදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් පත්කල අතර ඇය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

මුදිත විදානපතිරණ මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්

කෙසේ නමුත් මෙම අපයෝජනය පිළිබඳ තම සංවිධානය ඇතුළුව පාර්ශ්ව කිහිපයක් ජනාධිපතිට, අගමැතිට,පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ජාතික ළමාරක්ෂක අධිකාරියට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට වීඩියෝ පටය හා පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර මසකට වැඩි කලක් ගත වනතුරුත් කිසිදු පියවරක් නොගත්තේ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක් නිසා දැයි මේ වනවිට සැක මතුව තිබේ.

ප්‍රියාන් මැණික් ඉල්ලං කෑවාද?

“චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා” – යනුවෙන් ප්‍රසිද්ධ රාජපක්ෂවාදි ප්‍රියාන් මැණික් නැමත්තා පරල විමත් සමග ඔහු දෙසට එල්ල වෙමින් තිබේන චොදන තව තවත් තහවුරු වන තත්ත්වයක් හටගෙන තිබේ.

රංජන්ගෙන් නිකුත් වුනු මේ හඩපටය කියන්නේ “ප්‍රියාන් මැණික් ” සම්බන්ධයෙන් යම්  අපචාර ක්‍රියාවක් නොවේද?

මට හැමවෙලාවෙම කතා කරනවා .. බෝම්බ ගහපු දවසේත් මට උදේ පාන්දර 6ට ගත්තා – රංජන් 

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් | පියුමි හංසමාලි ප්‍රියාන්ගේ රෙදි ගලවයි | රංජන්ට කතාකරමින්  ඉවත්කර ගැනිමට උත්සහ කල පැමිණිල්ල කුමක්ද? එම විඩියෝව පහතින් බලන්න 

මෙවන් කුඩා දැරියන් අපයෝජනය කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර එබඳු අවශ්‍යතාවක් ඇත්නම් ලොව සුරූපීම කාන්තාවන් තම යහන වටා තබාගත හැකි තරමට ධනස්කන්ධයක් තමන්ට ඇති එම වීඩියෝවේ සිටින්නේ තමා යැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තත්පර තිහක් ඇතුළත රුපියල් කෝටි සියයක චෙක්පතක් අදාළ පුද්ගලයාට ලබාදෙන බවටත් කල ප්‍රකාශ කෙරෙහිද සලකා බැලිය යුතුය.

වනචර දශකයේ කලු පැල්ලම් තවමත් මැකි නෑ….

සියල්ලටම වඩා “ප්‍රියාන් මැණික්” යන නාමය භාවිතා නොකර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙම ළමා අපචාර ක්‍රියාවට සම්බන්ධ බවට ශමිලා ලියනආරච්චි මහත්මිය කල ප්‍රකාශය හමුවේ “ප්‍රියාන් මැණික්” පමණක් පරලවිම හරහා තව තවත් ඔහු කෙරෙහි ඇති සැකය තහවුරු කිරිමට ඔහු විසින්ම කටයුතු කර තිබේ.අනිත් අතට රාජපක්ෂලාට ඇතැමුන් ලංවන්නේ නම් ඒ පසුපස කුමන හෝ ජාවාරමක් තිබේන බවද ඉතිහාසය පුරාම ඔප්පු වි තිබේ.

(24) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු “ප්‍රියාන් මැණික්”

“ශමිලා ලියනආරච්චි කියන, මට චෝදනා කරන කෙනා කියනවා මම සී.අයි.ඩී. යට ඇයි මාව ගන්නෙ නැත්තෙ කියලා. CID දිවැස් නෑ. ඍද්ධි බලය නෑ. ඒ මිනිස්සුන් විමර්ශනය කරන්න ඕනෑ. මගෙ ගෙදරට ඇවිත් මගෙන් කටඋත්තරයක් ගත්තා. ලිඛිත ප්‍රකාශයකුත් ගත්තා.”

“හරි තොරතුරකට ඒ අය එන්න ඕනෑ. මොකද මේක හැංගිච්ච යට වුණු දෙයක්. හොයන එක අමාරුයි. පරීක්ෂණ කරගෙන යනවා. ”

“ශමිලා ලියනආරච්චි (නම වැරදි ලෙස භාවිතා කරයි) එනම් මට චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා. මේ අයට කොන්දක් නෑ. හොර මුහුණුපොත්වලින් මඩ ගහනවා. ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න වීරයන් වෙන්න කතා කළාට රටට කිසිවක් කරලා නෑ. නන්දිමාල් කියලා පුද්ගලයකුත් ඒ අතර ඉන්නවා. ලක්ෂ 63,000ක් මේ රටේ දනට _ පිනට මං වැයකර තියෙනවා. කිසි දෙයක් මම නීතියට පිටින් කරලා නෑ. හරියට ඔප්පු නොකළොත් ප්‍රියාන් මැණික් දකුණෙ කෙනෙක් කියලත් මං ඔප්පු කරනවා.”

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තාවකට මේ අකාරයේ චොදනාවක් කිරිමට “ප්‍රියාන් මැණික්”ට බලය දුන්නේ කවුද?

“ප්‍රියාන් මැණික්” නම ඇය විසින් මේ දක්වා භාවිතා කර නොතිබුණ අවස්ථාවක ඔහු මේ තරම් කලබලයට පත්ව චමිලාට එරෙහිව පහර දෙන්නේ මන්ද?

මේ අතර චමිලා ලියනාරච්චිගේ ලිංගික ඡායාරූප සහ ඇතැම් වීඩියෝ දර්ශනයන් සමාජ මාධ්‍යයට මුදාහරින බවට “ප්‍රියාන් මැණික්” විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය කාන්තා අපයෝජන නිවාරන කාර්යාංශයට පැමිණිල්ලක් සිදුකළා. පසුව ඇය මාධ්‍ය හමුවේ කිය සිටියේ

“ප්‍රියාන් මැණීක්” ගේ නිවසේ දරු පවුලක් නවතාගෙන ඉන්න බවත් එම පවුලේ අවුරුදු 06ක දියණීයක සිටින බවද දැනට තොරතුරු අනාවරණය වි තිබේ.

බරපතල ලිංගික අපයෝජනය පිළිබඳව වීඩියෝව මාධ්‍යයට මුදා හැරියද ඇතැම් මාධ්‍ය ආයතනයන්ට එය නොපෙනුන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පෙන්වා දුන්නා.ඔහු පැහැදිලිවම පෙන්වා දුන්නේ රාජපක්ෂ බලකායට සම්බන්ධ අයෙකු මේ පසුපස සිටින හෙයින් පරික්ෂණ සිදුනොවන බවයි.

වැඩිපුර පන්සල් යන් එවුන් සතපහකට විශ්වාස නෑ..

බාල වයස්කාර දැරිය දුෂණය කල ප්‍රියාන් මැණික් | පියුමි හංසමාලි ප්‍රියාන්ගේ රෙදි ගලවයි | රංජන්ට කතාකරමින්  ඉවත්කර ගැනිමට උත්සහ කල පැමිණිල්ල කුමක්ද?

බැනරය මත Click  කර විඩියෝවට පිවිසෙන්න 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top