Featured

“මලික්” අගමැති බලය අරන් අපිව මර්දණය කරනවා

විදේශ කටයුතු අමාත්‍යංශය සම්පූර්ණයෙන් සියතට ගත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යත මලික් සමරවික්‍රම මහතා අගමැතිට පසුව ආණ්ඩුව මෙහෙයවන නිළ නොවන අගමැතිවරයා බවට පත්ව ඇති බවත් ඒ නිසාම තමන් දැඩි අපහසු තාවයන්ටපත්ව ඇති බවට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අදාළඅමාත්‍යවරුන් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධුර දරණ අයද සිටින බවද දැනගන්නට ලැබේ.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල රනිල් පිළ සහ සජිත් පිළ වශයෙන් පිළ් දෙකක් ක්‍රියාත්මක බවත් රනිල් පිළ මර්දණය කිරිම සදහා මේ වනවිට ඉතා සියුම්ව හා උපක්‍රමශීලීව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් සජිත් පිළ මර්දණය කිරිමේ එම කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මලික් සමරවික්‍රම බවද අදාළ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ.

ඇතැම් අමාත්‍යංශ වල අමාත්‍යවරුන්ට අමතරව රනිල් පිළ නියෝජනය නොකරන ඇතැම් නිළධාරීන් පවා එම තනතුරු වලින් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බවටද ඔහුන් පෙන්වා දි තිබේ.විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රබල වෙනස්‌කම් රැසක්‌ මලික්ගේ ප්‍රධානත්වයෙන් සිදුව ඇති බවත් එම අමාත්‍යංශයේ ඉහළම නිලතල දරන 08 දෙනකු ඇතුළු 13 දෙනකුගේ මෙතෙක්‌ දැරූ තනතුරු වෙනස්‌ කිරීමටද උපක්‍රමශීලීව කටයුතු කර ඇති බවද ඔහුන් අනාවරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යාංශයට අයත් විෂයයන් කිහිපයක්‌ම මලික්‌ සමරවික්‍රම මහතා ඇමැති ධුරය දරන සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයට පැවරිමටද අගමැතිවරයා කටයුතු කරනු ලැබුවා.

Top