Featured

මවුබිම විකුණන්නට එරෙහිව සටනට අප සුදානම්!

ඉතිහාසයේ කිසිදිනෙක නොවූ විරූ පරිදි කුමන්ත්‍රනයකින් දේශමාමක රජයක් පෙරලා දැමිනි. පසමිතුරු ඉන්දියානුවන්ගේ හා බටහිරයන්ගේ කරමතින් ඔවුන්ට හීලෑ පිරිසක් බලයට ‍රැගෙන ආවේය . මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොව එහි සියලු සාරය ‍රැගෙන යාමටය. ජනතාවගේ ඇසට වැලි ගසා බලයට පැමිනි ද්‍රෝහීන් සිය ස්වාමීන්ටණය පියවන හෝරාව එලඹ ඇත. දෙස , ‍රැස , බස පමනක් නොව තමන්ගේ මව වුවද පාවාදීමට මොවුන් සූදානම්ය.

අරාබි වසන්තයේ දිගුවක් වූ ජනවාරි 8 මෙහෙයුමේ පසු පස කථාව ලංකා නිවුස් වෙබ් ‍ටුඩේ සහසුද්දයෙන්ම ජනතාවට වාර්තා කල බව නොරහසකි. ලංකා නිවුස් වෙබ් ‍ටුඩේ මෙහෙයවන එකී දේශප්‍රේමී කර්තව්‍ය නවතා ලීමට ද්‍රෝහීන්ට අවශ්‍ය වී ඇත . මෙකී වෙබ් අඩවිය වෙත අභූත චොදනා නැගීම එහි පලමු පියවරය.

මෙම වෙබ් අඩවිය පසුපස ලුහු බදින කවරෙකුට හෝ අවධාරනය කර සිටින කරුනු කිහිපයකි .

01. කීර්ති රන්ත්නායක වන මා විසින් මීට පෙරද www.raway.net මෙහෙයවා ඇත.
02. ආන්දෝලනාත්මක සත්‍ය  හෙලිකිරීම නිසා එම වෙබ් අඩවිය 2014-08-16 දින එල්ලවූ සයිබර් ප්‍රහාරයෙන් කුඩේ කුඩු විය.
03. අනතුරුව රටයන අත ජනතාවට වර්තා කිරීම්ට www.lankanewsweb.today සමග සටන ආරම්භ කළෙමු.
04. අතින් වියදම් කරමින් ජනතාවට සත්‍ය ගෙන හැර පෑවා මිසක මුදල් ඉපයීමේ කිසිදි පරමාරථයක් මෙකී වෙබ් මෙහෙයුම තුල නොමැත.
05. බොරු චෝදනා වලින් හෝ අන් කවර ප්‍රහාරයකින් වත් දේශප්‍රේමීයෙකුගේ ගමන නවතා ලිය නොහැක .

මා එසේ කියන්නේ ඇයි ,

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මිළ මුදල් ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටු වනු මිස
මගේ දේශය…

බලපන්ති ලුතිනල් කීර්ති රත්නායක 

Rawaya

Top