Featured

මහමැතිවරණයේදී පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්! එක්සත් ජාතික පක්ෂය අනාථයි! බැසිල්ගේ සමීක්ෂණය එලියට එයි..

Published on: May 20, 2020- ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමස්ථ රටේ මහජනතාවගේ හැසිරීම මත පදනම්ව විශේෂ මැතිවරණ සමීක්ෂණයක් බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු කර තිබේන අතර එම සමික්ෂණයට අනුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 125ක් සමග විශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගන්නා බව  බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකර තිබේන විශේෂ මැතිවරණ සමීක්ෂණයක් හරහා අනාවරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එම සමීක්ෂණ වාර්තාවට අනුව රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වන්නේ මන්ත්‍රී ධුර 8ක් පමණක් බව අනාවරණය වි තිබේ.සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 67 ක් ඉක්මවා යැමට හැකි වනු ඇති බවත් අනාවරණය කර තිබේ.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, නුවරඑළිය, පුත්තලම හා කළුතර දිස්ත්‍රික්ක වල එක් මන්ත්‍රී ධුරයක් පමණක් එක්සත් ජාතික පක්ෂයට දිනා ගැනීමට හැකිවන බවත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර දෙකක් හිමිවන බවත් එම සමීක්ෂණය පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණට ගම්පහ, කොළඹ සහ ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවේ. දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රි ධුර 14 ක් හිමිකරගන්නා අතර එම සන්ධානයෙන් ගැලවුණු විග්නේෂ්වරන් කණ්ඩායම මන්ත්‍රීධුර 2 ක් ලබාගනු ඇතැයි සමීක්ෂණය මගින් තහවුරු වී තිබේ.

මන්ත්‍රී ධුර 5ක් සම්බන්ධයෙන් අවසන් නිගමනයක් දක්වා නොමැති එම සමීක්ෂණය, වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒවා රවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් වෙත හෝ පොහොට්ටුව වෙත ආකර්ශනය වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

සියලු දේශපාලන පක්ෂ වල වැඩි අවධානයක් යොමු වන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර බෙදී යාමේදී ඉන් 10 ක් හිමිකරගැනීමට පොහොට්ටුවට හැකි බව සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙයි. සමගි ජන බලවේගයට 7 ක් හිමි වද්දී, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රී ධූරයකට සීමා වී ඇත.

දැනට පවතින තත්ත්වය අනුව පොදුජන පෙරමුණට සමීක්ෂණ වාර්තාවේ නිශ්චිත මන්ත්‍රීධුර 125 ආරක්ෂා කරගනිමින් උපරිම මන්ත්‍රී ධුර 140 දක්වා යා හැකි බව බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබේ.

බත්තරමුල්ල පොහොට්ටු කාර්යාලයේ බැසිල්ගේ තාක්ෂණීක කණ්ඩායම සහ රටපුර පලාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේන අතර කොරෝනා සමයේ රජය ලබාදුන් 5000ක් මුදල සහ විවිධ සහනාධාර බේදාදිම වැඩසටහන් වලදි ජනතාවගෙන් ලැබුන ප්‍රතිචාරයන්ද මේ සදහා භාවිතා කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මින් පෙර  සෑම මැතිවරණයක් අභිමුඛවම බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවැනි සමීක්ෂණයක් සිදුකර ඇති අතර එවායේ ප්‍රතිපල  90%ක්ම නිවැරදි ඒවා විය.

කෙසේවෙතත් මහා මැතිවරණය පවත්වන දිනය ඒ සදහා ප්‍රබලම ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවත් මැතිවරණය අගෝස්තුව පසුව පැවැත්විමට සිදුවුවහොත් මෙම   ප්‍රතිඵලයෙන් භාගයකට ලගා විම පවා දැඩි අසීරූ තත්ත්වයකට පත්වන බවද බැසිල් විසින් සදහන් කර තිබේ.කොරෝනා අවසන් කල විරුවා ලෙස ගෝඨාභය සහ මහින්ද සමාජයේ මතුකලයුතු බවත් ඒ සදහා මේ වනවිටත් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබේන බවත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. මේ වනවිට කොරෝනා රෝගීන් හදුනා ගැනිම සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ නතරකර දමා ඇති අතර පසුගිය කාලසිමාවේ රෝගය පැතීර යෑම සම්බන්ධයෙන් වාර්තා සියල්ලක්මද මේ වනවිට යටගසා ඇති බවද ඔහු සදහන් කළා.(ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න )

2020 Sri Lankan parliamentary election

Sri Lanka Podujana Peramuna (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

Top