Featured

මහමැතිවරණය මැයි 30 වෙනිදා…… රාජපක්ෂවරුන් බදුයුදීන්ට අතවනයි…… 2/3 වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පවා දෙන ලකුණු!!!!!

Published on: Apr 18, 2020 පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් වැරදිකරුවන් සොයා යාම ආණ්ඩුවේ තවත් ජනතාව මුලා කිරීමේ දහන් ගැටයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. ඒ මේ වන විට මහ ජාතියේ සිගිති ආතල් එක වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සඳහා වගකිව යුතුවන්නේ හිටපු අමාත්‍ය රිෂාද් බදුයුඩීන් සහ ඔහුගේ සැකකරු බව පෙන්වා දෙමින් කොරෝනා අස්සේ ජනතාවගේ සියළු සැක සංකා දෝමනස්සයන් අහෝසි කරමින් සිටි ආණ්ඩුව හදිසියේම යූ ටර්න් එකක් අද උදෑසන ගැනීම හේතුවෙනි.

ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ වන විට හිටපු අමාත්‍ය රිෂාද් බදුයුඩීන් අමතා ඇති අතර ලබන මැයි මස 30 වෙනිදා මැතිවරණය පැවැත්වීම ඉඩ ඇති බව දන්වා තිබේ. එහිදි ඔවුන් රිෂාද් හිටපු අමාත්‍යවරයට යෝජනා කොට ඇත්තේ දිනන ආණ්ඩුව හා එක්වී මේ සියලු ප්‍රශ්න විසඳා ගන්නා ලෙසයි. එසේම මැතිවරණයෙන් පසුව රිෂාද් බදුයුඩීන් සහ ඔහුගේ පවුලේ සියලු දෙනාට ඇති චෝදනා අවසන් කරන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ 2/3 ක බහුතරය ලබා ගැනීම රාජපක්ෂවරුන්ට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වන අතර මේ වන විට එයට ඇති විශාල බාධාව වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද රාජපක්ෂවරුන් සමඟ නොවීමයි. ඒ අතරිනුත් මුස්ලිම් ජනතාව කොහෙත්ම රාජපක්ෂවරුන් පිළිනොගන්නා අතරම මෙවන් පසුබිමක් රිෂාද් බදුයුඩීන් රාජපක්ෂවරුන් හා එක්වීම රාජපක්ෂ තුන් බෑයන්ට සිය අනාගත අවුරුදු 5 සුරක්ෂිතව ගත කිරීමට උපකාරි වනු ඇත.

මේ අතර පෙරේදා (16) වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබු අතර එහිදි පැය හතරකට අධික කාලයක් CIDවිසින් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කොට ගෙන තිබේ.  මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ප්‍රශ්න කිරීමේදි හිටපු අමාත්‍යවරයාගෙන් මන්නාරම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

පසුව CIDයෙන් පිටතට පැමිණීමෙන් පසුව බදුයුඩීන් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මේ සියළු චෝදනා පදනම් විරහිත බවත් දේශපාලන වාසි ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් හරහා මෙය සිදුවන බවත් ය. එසේම ඊට දින දෙකකට පෙර අත්තඩංගුවට පත් සිය සහෝදරයා වූ රියාජ් බදුයුඩීන් පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ සිය සහෝදරයා බෝම්බකරුවන් සමඟ සම්බන්ධයක් නැති අහිංසකයෙකු බවයි.

රියාජ් අලුත් pඅවුරුද්දට අසු දින එනම් අප්‍රේල් 14 වෙනි දින පොලිසිය විසින් අත්තඩංගුවට ගනු ලැබූවේ පාස්කු ප්‍රහාරය සිදු කළ බෝම්බකරුවන් සමඟ සම්බන්ධතාවයක් ඇති බවට චෝදනා කරමිනි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු පාර්ශවයන් අත්තඩංගුව ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සමබන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද සිය ප්‍රශංසාව රජයට පල කළ සිටියා.

Top