Featured

මහවිරු දිනය වෙනුවෙන් රාජේෂ්වරන් මරා දුම්රිය මාර්ගයට ගෙනත් දමලා-TNA පොලිස් පරික්ෂණ නතර කරයි

කොටි රැඳවියන්ව නිදහස් කරන මෙන් ඉල්ලා පසුගිය දා දුම්රියට පැන සියදිවි නසාගත් බවට වාර්තා වු කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන පන්ති වලට සහභාගි වන ක්‍රියාකාරි කොටි ත්‍රස්තයෙකු වන රාජේෂ්වරන් සෙන්තුරන් නැමැති පාසල් සිසුවා සියදිවි නසාගෙන නොමැති අතර ඔහු ඝාතනය කර දුම්රිය මාර්ගයට ඇද දමා ඇති බව අනාවරණය වි තිබේ.

රාජේෂ්වරන් සෙන්තුරන් සිසුවාගේ මෘත දේහයේ මූලික පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමට ඔහුගේ හිසේ පිටුපසට වන්නට එනම් මස්තිෂ්කය සහ අනු මස්තිෂ්කය අතර මොට ආයුධයකින් පහර දීමේ තැලීමක් හමු වී ඇති අතර ඒ අනුව සෙන්දුරන් ඝාතනය කර දුම්රිය මාර්ගයට ගෙනවිත් දමා තිබේ.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය කියන්නටත් පෙර උතුරේ දේශපාලකයෝ සිසුවා මිය ගියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න යැයි ලිපියක් ලියා යැයි ජනමාධ්‍ය වලට ලිපියක් ඉදිරිපත් කලද ඒ වන විටත් පොලිසියට එවැනි ලිපියක් හමුවී නොතිබිණ.

අදාල ලිපියේ අත් අකුරු සහ සිසුවාගේ පෙළ පොත් වල තිබූ අත් අකුරු බැලූ බැල්මට සමාන වුවද අකුරු වල පැහැදිළි වෙනස්කම් පවතින බව පොලිස් කණ්ඩායම වෙත පැහැදිළි විය. එසේම එම ලිපිය මාධ්‍ය වෙත පෙන්වීම සඳහාම ලියන ලද්දක් බව පෙනී යයි. 18 හැවිරිදි සිසුවෙක් ස්ව කැමැත්තෙන් ලියන ලිපියක එවැනි පළපුරුදු බවක් පෙනෙන්නේ නැති බව අනාවරණය වි තිබේ.

අදාළසිසුවා ලවා බලහත්කාරයෙන් මෙම සියදිවි නසාගැනිම සිදු කර ගැනිම සදහා යම් කණ්ඩායමක් පොළඹවනු ඇති බවත් පසුව සිසුවා දිගින් දිගටම අකමැත්ත ප්‍රකාශ කල පසු මේ සිසුවා ඝාතනය කර දුම්රිය මාර්ගයට ගෙනවිත් දමා ඇති බවට යුධ හමුදා බුද්ධි අංශ පොලිසියට අනාවරණය කර තිබේ.

යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ මහවිරු දිනය සැමරීමේ කුඩා උත්සවයක් සඳහා ඊට පෙර දා සිසුන් රාත්‍රියේ සූදානම් වෙද්දී ඊට අදාල සිසුවා කටයුතු සහභාගී වී නැති බවද අනාවරණය වි තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසියෙන් ඉල්ලා තිබුණත් එය සිදුකෙරී නොමැත. පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ විග්නේෂ්වරන්ගේ ඉල්ලීම මත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ යුතු පරීක්ෂණය වළකා ඇති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් නමැති පාසල් සිසුවා මිය යැම පසුපස ඇති අභිරහස් සිද්ධිය අනාවරණය කර ගැනිමට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරුට හැකි වි තිබේ.යහපාලනය ඇතිවිමත් සමග සම්පුර්ණයෙන් විනාශකර දමා තිබු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් යලි ක්‍රියාත්මක වෙමින් තිබේන බවට අප අවස්ථා ගණනාවකදි තොරතුරු අනාවරණය කළා.

කියවන්න –දුම්රියට පැන්න රාජේශ්වරන් නව පරපුරේ මරාගෙන මැරෙන සමාජිකයෙක්!

Top