Anonymous Reporter

මහා බැංකු හොරා බෙහෙත් හොරු සමග හෙලුවෙන්

රවී කරුණානායක හා හාර්කෝට් වෙළද ජාලයේ ( Harcourts (Private) Limited ) හිමිකරු කුප්‍රකට බෙහෙත් ජාවාරම්කරුවෙකුවූ අහමද් රියාස් (Ahamed Rheyas) අතර ඇති සම්බන්ධයේ ඡායාරූප සාක්ෂි අපට ලැබී ඇත. කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය ලන්කාවට ගෙන්වා එහි ඇසුරුම් ඉවත් කොට ජනතාව අතර බෙදා හරින වෙළද මාෆියාවේ ප්‍රධානතම ජාවාරම්කරු වන්නේ අහම්ද් රියාස්ය. පසුගිය ඔක්තෝම්බර මස පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂූක් මහතාට තමන්ගේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේද මේ අහමද් රියාස් විසින් පවත්වාගෙන යන කල් ඉකුත්වූ බෙහෙත් ගබඩාවක් දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී වටලා රුපියල් මිලියන 28කට ආසන්න කල් ඉකුත්වූ බෙහෙත් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමයි.

මෙසේ මහාපරිමාණයෙන් ඖෂධ ජාවරමේ නිරතවූවත් අහමද් රියාස් කිසි දිනෙක නීතිය හමුවට ඉදිරිපත් නොවූයේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ අනුහසෙනි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ඔහුගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ තාත්තා ඖෂධ ජාවාරමේ නිරත වුයේද අහම්ද් රියාස් සමග බවට තොරතුරු අනාවරණය විය. එලෙසම වර්තමානයේ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නද මෙම ජවාරමට සම්බන්ධ වන්නේ අහමද් රියාස්ගේ මග පෙන්වීම යටතේය.

පසුගිය සතියේ රවී කරුණානායක රේගුවට ගොස් තහනම් භාණ්ඩ ලන්කාවට ගෙන්ව ඇති කන්ටේනර් 03ක් වැටළු බවට මාධ්‍ය වාර්ථා පළවූවත් එය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් බනට පත් වන්නේ රවී එහි ඇත්තටම ගොස් ඇත්තේ අහමද්ගේ බෙහෙත් ජාවරමේ කල් ඉකුත්වූ කන්ටේනර මුදාගැනීමට බව අදවන විට තොරතුරු වාර්ථා වීම නිසාය.

අහමද් රියාස් රවීව තමන්ගේ නිවසට කැදවා එකී උපකාරය වෙනුවෙන් රුපියල් කෝටි 50ක මුදලක් රවීට ප්‍රධානය කර ඇත්තේ මේ මැතිවරණය සදහා පමණක් භාවිතා කරන ලෙසටද උපදෙස් ලබාදෙමිනි. අහමද් රියාස් විසින් අලෙවිකරනු ලැබූ කල් ඉකුත්වූ බෙහෙත් භාවිතා කිරීම නිසා මේ වනවිට ජීවිතක්ෂයට මත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 29ක් වන අතර සදාකාලික දුබලත්වයට පත්ව ඇති මිනිසුන් ගණන 652කි. මෙම පුද්ගලයා ඖෂධ ජාවරමට අමතරව ප්‍රමිතියෙන් තොර ජාත්‍යාන්තර පාසැල් සමූහයක්ද පවත්වාගෙන යනු ලැබේ. මෙවැනි ජාවාරම්කාරයින් සුරැකීම හා ඔවුන්ගෙන් සන්තෝෂම ලබා ගැනීම යහපාලනය නම් වේ.

Tablet_LNW

Lanka69

Top