Featured

මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්”

Published on: Sep 4, 2015 – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය රටම ආන්දෝලනයට පත් වූ සිදුවීමක් බවට මේ වන විට සමාජගතවෙමින් ඇත්තේ ය.අවසානයේ එම චෝදනාව යුද හමුදාව දෙසට හැරෙන්නට වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහඟු සේවාවක් කළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය වෙත මෙකී චෝදනාව එල්ල වීමය.(සැ:යු -මේ හරහාද ප්‍රගීත් එක්නැලිගොඩ හමුදාව විසින් පැහැරගෙන් ගොස් මරාදමා නැති බව තහවුරු වේ.ඒ අනුව අප දිගින් දිගටම අනාවරණය කල පරිදි ප්‍රගීත්ගේ අතුරුදහන් විම පසුපස සිටින එම පුද්ගලයා වනුයේ කවදත් අවස්ථාවාදි දේශපාලකයෙකු ලෙස කිරුළ හිමිකරගෙන සිටින මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද රනිල්ගේ අගුපිලෙන් ඇමතිකමක් ගත් පාඨලී චම්පික රණවක බව අප තවමත් අවධාරණය කරමු…ඒ සම්බන්ධයෙන් කල අනාවරණයන් පහතින් කියවන්න) 

මේ සමග සන්නද්ධ බුද්ධි බළකාය හෙවත් හමුදා බුද්ධි අංශය ගැටලු ගණනාවකට මැදිවන්නේ ප්‍රගීත්ගේ අතුරුදන් වීමේ සිද්ධිය හරහා සන්නද්ධ බුද්ධි බළකාය වෙනුවෙන් ජාතික ආරක්ෂාවට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ නිලධාරින් රහස් ‍පොලිස් අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගය.

ප්‍රගීත්ගේ අතුරුදන් වීමේ සිද්ධියට මුලින්ම කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් නවත්වන්නට යොදාගත් කොටි සංවිධානයේ බුද්ධි ක්‍රියාකාරීන් දෙදෙනකු වූ තවේන්ද්‍රන් හා ශිවා අත්අඩංගුවට ගැනෙන්නේය. ඉන් පසුව බුද්ධි බළකායට වසර තිහක පමණ සේවාවක් ලබා දී විශ්‍රාම ගිය සැරයන්වරයකු අත්අඩංගුවට ගත්තේ ය.

මෙයින් නොනැවතී සන්නද්ධ බුද්ධි බළකායේ නැගෙනහිර මෙහෙයුම් මූලස්ථානය කේන්ද්‍ර කරගෙන වන්නි මානුෂීය මෙහෙයුමේදීත් සුවිශේෂී මෙහෙවරක් කළ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු හා සෙසු නිලයන් දෙදෙනකු රහස් ‍පොලිසියට කැඳවා අත්අඩංගුවට ගැනීමත් සමග යුද හමුදා බුද්ධි අංශය ගැටලු ගණනාවකට මැදිව තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයේ විදෙස් බුද්ධි අංශ ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් කුමාරරත්න හා ගිරිත‍ලේ පිහිටි තුන්වන සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සිරිවර්ධන ද මේ අතර වූහ.

මෙකී චෝදනාව එල්ල වී ඇත්තේ 2009 දී මෙකී නිලධාරින් දෙදෙනා ගිරිත‍ලේ කඳවුරේ සේවය කරද්දී කොටි ජාත්‍යන්තර ජාලයට එරෙහිව හමුදා බුද්ධි බළකාය ඇරඹූ “ඔපරේෂන් ඩබල් එජ්” නමැති මෙහෙයුමට අණදුන් නිසාය.

එවකට ඔවුන් දෙදෙනා කටයුතු කළේ තුන්වන බළකායේ අණදෙන නිලධාරි හා දෙවන අණදෙන නිලධාරි ලෙසින්ය.
විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් මෙකී නිලධාරින්ට එල්ල වූ චෝදනා ගැන සත්‍ය කරුණු යුද හමුදාපතිවරයා වහාම මේ සම්බන්ධව ඉහළ ප්‍රධානීන් හමුවී පෙන්වා දී තිබුණේ මෙය ජාතික ආරක්ෂාව සඳහා කළ මෙහෙයුමක් බවය. එම මෙහෙයුමේදී අනාවරණය වූ සියලු කරුණු හමුදාපතිවරයා ඉදිරිපත් කර තිබුණේ සියලු මෙහෙයුම් ජාතික ආරක්ෂාව තකා සිදු වූවක් බවටය.

කෙසේ වුවද මෙම බ්‍රහස්පතින්දා වන විට මෙකී නිලධාරින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ පැය 72 ක කාලය නිමවූ අතර ඉන්පසුව තවදුරටත් රඳවා ගැනීමේ නියෝග ලබා දීමට ආරක්ෂක ‍ලේකම් උත්පල බස්නායක මහතාගෙන් රහස් ‍පොලිසිය ඉල්ලා තිබිණි. බ්‍රහස්පතින්දා දහවල් වන විට රඳවා තබා ගැනීමේ කාලය නිමවූ අතර නැවත එදින පස්වරුවේ එය දීර්ඝ කරන ලදී.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධව විමර්ශනය කරන රහස් ‍පොලිස් කණ්ඩායම් මේ පිළිබඳ ලද තොරතුරු අනුව මුලින්ම අත්අඩංගුවට ගත්තේ යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සැරයන්වරයකු හා එල්ටීටීඊ බුද්ධි අංශයේ ප්‍රබලයන් දෙදෙනෙකි.

කොටි බුද්ධි අංශයේ ප්‍රබලයන් දෙදෙනකු වූ මුරලි හෙවත් තවේන්ද්‍රන් හා සත්‍යා මාස්ටර් (ශිවා) නැගෙනහිරින් අල්ලාගත් රහස් ‍පොලිසිය ඉන් පසුව යුද හමුදා බුද්ධි බළකායේ සැරයන් මේජර්වරයකු අත්අඩංගුවට ගත්තේය.

මෙම කණ්ඩායමේ මුරලි හෙවත් තවේන්ද්‍රන් කොටි බුද්ධි බළකායේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කාඩර්වරයෙකි. ත්‍රිකුණාමල තෝරන්කාඩු පදිංචිකරුවකු වූ සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි 1985 ජුනි මාසයේ පටන් තේවේන්ද්‍රන් නමින් කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කොටින්ගේ ටොසී ඔත්තු සේවාවට එක්වූ අයෙකු විය.

2009 මැයි 17 දා තවේන්ද්‍රන් හමුදා බුද්ධි බළකායට කොටුවන්නේ වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් යන අතරේය. සිවිල් වැසියන් අතරේ පලා ආ තවේන්ද්‍රන් ගැන ඒ වන විටත් සන්නද්ධ බුද්ධි බළකාය වෙත තිබූ තොරතුරු මත කොටුකර ගන්නට හැකිවූ අතර එතැන් පටන් මුරලි කල්ගෙව්වේ සන්නද්ධ බුද්ධි බළකාය යටතේය.

කොටින්ගේ ටොසී ඔත්තු සේවාවේ නායක ශිවශංකර් ‍පොට්ටු අම්මාන් යටතේ සිටි කපිල් අම්මාන් හා ඥානවේල් යන දෙවැනි පෙළ නායකයන් දෙදෙනාගෙන් ඥානවේල් යටතේ වූ රජයේ පාලන ප්‍රදේශවල බුද්ධි මෙහෙයුම් භාරව සිටියේ තවේන්ද්‍රන්ය.

තවේන්ද්‍රන් හෙවත් සුමතිපාල සුරේෂ් කුමාර්ගේ පියා සිංහල ජාතිකයකු වන අතර ඔහුගේ මවත්, පියාත් හමුදා ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇත්තේය. වයස අවුරුදු 18 දී කොටි බුද්ධි බළකායට එක්වී වසර විසිහතරක් පමණ කොටි සංවිධානයේ බුද්ධි මෙහෙයුම් භාරව සිටි ප්‍රබලයකු ලෙස තවේන්ද්‍රන් හඳුනාගෙන ඇත.

තවේන්ද්‍රන්ව හමුදා බුද්ධි බළකාය අත්අඩංගුවට ගනිද්දී දේශීය වශයෙන් කොටි බුද්ධි ජාලය මෙහෙයවන කොටි නායකයකුට ඉතිරිව සිටියේ තවේන්ද්‍රන් පමණි. තවේන්ද්‍රන් එක්කරගෙන බුද්ධි මෙහෙයුමක් අරඹන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඔහු අත්අඩංගුවට ගත් දා සිට ‘ඔපරේෂන් ඩබල් එජ්’ (Oparation Double Edge) නමින් මෙහෙයුමක් අරඹන්නේය.

ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් ක්‍රියාත්මක වන කොටින්ගේ බුද්ධි ජාලය හඳුනාගෙන එහි ඉදිරි ක්‍රියාකාරකම් අඩපණ කිරීම හා ජාතික ආරක්ෂාවට හානිකර කොටි ජාලය සමග ක්‍රියා කරන පුද්ගලයන් කොටුකර ගැනීම මෙම මෙහෙයුමේ පරමාර්ථය වූයේය. ගිරිත‍ලේ පිහිටි යුද හමුදා තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ සිට ඇරඹෙන ‘ඔපරේෂන් ඩබල් එජ්’ යටතේ සත්‍යා මාස්ටර් හෙවත් සීවා කොටුකරන්නට ද හැකිවී තිබුණේය. තවේන්ද්‍රන්ගෙන් පසුව හමුදා බුද්ධි බළකායට කොටුවන සීවා හෙවත් සත්‍යා මාස්ටර් කොටින්ගේ සන්නද්ධ බුද්ධි බළකාය තුළ ක්‍රියාත්මක වී අවසාන සටනින් පසුව කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙයවීමට මෙරට තුළ සිටි එකම ප්‍රධානියා වූයේය.

මෙකී කොටි ප්‍රබලයන් හමුදා අත්අඩංගුවේ සිටින බව නොදැනෙන්නට කොටින්ගේ ජාත්‍යන්තර ජාලය හා දේශීය ජාලය යළිත් සක්‍රිය වන සියලු ක්‍රියාකාරකම් සමග එකතුවෙමින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් අරඹන්නේ මේ අනුවය. දිනෙන් දින මේ හරහා කොටින්ගේ ඉදිරි ක්‍රියාකාරකම් ගැන දැනුවත් වන සන්නද්ධ බුද්ධි බළකායේ ඩබල් එජ් මෙහෙයුමේ නිරත නිලධාරීන් යුද්ධය අවසන් වීමෙන් පසුවත් රට තුළ සිදුවන්නට යන ව්‍යසන නවත්වන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ ඉන් පසුවය.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව යළිත් නැගෙනහිරින් රාම් නමැති සන්නද්ධ නායකයා හිස ඔසවන්නේ සන්නද්ධ ප්‍රහාර සමගිනි. රාම් අම්පාර, මඩකලපු ප්‍රදේශවල එකසිය පනහක පමණ කණ්ඩායමක් සමග කුඩා කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ යාල, කතරගම, බුත්තල ඇතුළු ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමිනි.

මේ වනවිටත් ඇරඹී තිබුණු ‘ඔපරේෂන් ඩබල් එජ්’ යටතේ රාම් ඇතුළු නායකයන් කොටු කරන මෙහෙයුම් අරඹන්නේ ඉන් පසුවය. රහසිගත හමුදා මෙහෙයුමට අනුව කොටි ඔත්තු අංශයේ සාමාජිකයන් යොදවා උපක්‍රමික ලෙසින් රාම් ඇතුළු කණ්ඩායම කොටු කරන්නට හැකි විණි.

රාම්ගේ කණ්ඩායමේ ප්‍රහාර මැඬලන්නට නැගෙනහිරට යෙදවූ විශේෂ හමුදා භට කණ්ඩායම්වලට කොටි ක්‍රියාකාරීන්ගේ ඉලක්කගත ප්‍රදේශවල දී ප්‍රහාර දියත් කරන අතරේ හැකි සෑම අයකුම ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා මෙහෙයුම් ද ක්‍රියාත්මක වන්නේය.

2009 ජුනි මාසයේ දී රාම් හෙවත් වින්සන් (එදිරිමානසිංහම් හරිස්චන්ද්‍රන්) නමැති කොටි නායක ප්‍රභාකරන්ගෙන් පසුව හිස ඔසවන්නට ගිය කොටි නායකයා හමුදා බුද්ධි මෙහෙයුමේ නිරත නිලධාරීන්ගේ දක්ෂතාවයෙන් කොටුකර ගත්තේය. 1984 ඔක්තෝබර් 20 දා කොටි සංවිධානයට බැඳුණු රාම් ඉන්දියාවේ දී පාඨමාලා 6 යටතේ කොටි පුහුණුව ලද අයකු වූයේය.

රාම්ව කොටු කිරීම පිටට රහසක් ලෙස තබාගෙන රාම් යටතේ සිටි අනෙක් නැගෙනහිර කොටි නායකයින් රාම් ලවාම ජීවග්‍රහයෙන් කොටුකර ගන්නට හැකිවූයේ ‘ඔපරේෂන් ඩබල් එජ්’ මෙහෙයුමෙනි.

නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා අම්මාන්ගේ සන්නද්ධ අංශය විසුරුවා සමාජගත කරන්නට දායක වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඒ අයුරින්ම රාම් ඇතුළු කණ්ඩායම සමාජගත කිරීමේ මෙහෙයුම අරඹා තිබිණි.

රාම්ව බුද්ධි බළකායේ ග්‍රහණයට ගත්ත ද ඔහු අත්අඩංගුවට පත්ව සිටින බව නොහැඟෙන අයුරින් එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය සමගත්, මෙරට සිට ක්‍රියාත්මක දෙමළ සන්ධාන (TNA) නියෝජිතයන් මෙන්ම දකුණේ අනෙකුත් ක්‍රියාකාරීන් සමගත් සබඳකම් පවත්වා ඉදිරියේ වන්නට යන අනතුරු රැසක් අනාවරණය කරගන්නට හැකි වන්නේය.තවේන්ද්‍රන්ගේ සහායෙන් ඇරඹූ මෙකී බුද්ධි මෙහෙයුමෙන් කොටින්ගේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරීන් රැසක් කටාර් ඇතුළු රටවලින් අත්අඩංගුවට ගැනීමට ද හැකිවන්නේය.

තවේන්ද්‍රන් යටතේ ක්‍රියාත්මක වූ කොළඹ කොටි බුද්ධි ජාලය (Colombo int shell) තවදුරටත් ක්‍රියාත්මක කර දකුණේ ක්‍රියාකාරකම් විමර්ශනය කරන අතරේ සිංහල කොටි ලැයිස්තුව ද එළියට එන්නේය. කොටින්ගේ වැටුප් ලද ක්‍රියාකාරීන් ගැන විමර්ශනය කරද්දී පී. රංජිත් හෙවත් ප්‍රදීප් නමින් කොටි ලැයිස්තුවේ අන්වර්ථ නමකින් සිටි සිංහල වබේ අඩවිවල ක්‍රියාකාරිකයකු ගැන හෙළිවන්නේය. යුද හමුදාවෙන් ඉවත් වී කොටින්ගේ පඩියට වැඩ කරන කපිතාන්වරයකු මාර්ගයෙන් තවේන්ද්‍රන් යළිත් රංජිත්ව සම්බන්ධ කරගත්තේය. මීට පෙර තවේන්ද්‍රන් 2006 වසරේ දී පමණක් වාකරේ, වෙරුගල් ප්‍රදේශවල දී තෙවතාවක් කොටි පාලන ප්‍රදේශවලට ගොස් තවේන්ද්‍රන් හමුවීමට පී. රංජිත් යන අන්වර්ථ නමින් හැඳින්වූ පුද්ගලයා පැමිණි බව තවේන්ද්‍රන් හමුදා බුද්ධි අංශයට අනාවරණය කර තිබෙන්නේය.

කොටි ඔත්තු සේවාවේ නායක ශිවශංකර් ‍පොට්ටු අම්මාන් දකුණේ ක්‍රියාකාරීන් ලවා දකුණේ ජන මතය වෙනස් කරවන මෙහෙයුම් කිරීමට භාර දී තිබුණේ සිය දෙවැනියකු වන ඥානවේල් හටය. ඥානවේල් කොටින්ගේ විශේෂ ප්‍රහාරක බුද්ධි අංශ නායකයකු ලෙස කටයුතු කළේය. මෙකී පී. රංජිත් යන අන්වර්ථ නමින් පෙනී සිටි වෙබ්  ක්‍රියාකරුට මුලින්ම එල්ටීටීඊය සමග සබඳකම් ඇතිවන්නේ හිටපු අමාත්‍යවරයකු වන ජයලත් ජයවර්ධන මහතා සමග වන්නියට ගිය අවස්ථාවේය.

එල්ටීටීඊ බුද්ධි අංශයට මේ වනවිටත් දකුණේ හා විදෙස්ගත අයගේ මතය වෙනස් කිරීමට රාජ්‍ය විරෝධී හා හමුදා විරෝධී සිංහල කණ්ඩායමක් අවශ්‍ය වූයෙන් අවශ්‍ය මොහොතේ පී. රංජිත්ව ඊට එක්කර ගැනීමට කටයුතු සැලසුම් කර ඇත. එල්ටීටීඊය තුළ රංජිත් හෙවත් ප්‍රදීප් අන්වර්ථ නාමය හිමි සිංහලයා 2007 අගෝස්තු මාසයේ වෑන් රථයක් කුලියට ගෙන මඩු පල්ලියට ගොස් එහි දී ඥානවේල් හා තවේන්ද්‍රන් හමු වූ බව තවේන්ද්‍රන් හමුදා බුද්ධි අංශයට හෙළි කරන්නේය.

ඥානවේල්ව වන්නියේ දී හමු වූ මොහොතේ වසන්දන් නමැති කොටි බුද්ධි අංශ සාමාජිකයා කොළඹට රැගෙන ගොස් ප්‍රදීප් නිවසක තබාගැනීමට ප්‍රදීප්ට භාරදුන් බව ද තවේන්ද්‍රන් අනාවරණය කරන්නේය. වසන්දන්ව කොළඹ කොටි ක්‍රියාකාරකම් සඳහා තම නිවසේ රඳවාගත්තේ රංජිත් හෙවත් ප්‍රදීප්ය. වසන්දන් නමැති එල්ටීටීඊ සාමාජිකයා මාස හයකින් පසුව විදේශගත වූ බවත් ඉන් පසුව වසන්දන්ගේ නැගණිය වූ ශාන්ති නමැති කාන්තාව කිලිනොච්චියේ සිට විත් රංජිත්ගේ නිවසේ රැඳී සිට ඇති බවත් හෙළි වී ඇත. ශාන්ති විදේශගත වූ පසුව වසන්දන්ගේ තවත් සොහොයුරියක් ද මෙම නිවසේ රැඳී සිට ඉන්දියාව බලා ගොස් ඇතැයි හෙළි වී තිබේ.

මෙම කාල සීමාවේ දී ඉංග්‍රීසි දැනුම තිබෙන කළු කොටි සාමාජිකයකුව රංජිත් සේවය කළ වෙබ් අඩවියේ පරිගණක ක්‍රියාකරුවකු ලෙස යෙදවීමට ද තවේන්ද්‍රන් හා එකඟ වී ඇතැයි අනාවරණය වන්නේය. මේ බව තවේන්ද්‍රන් තම බුද්ධි අංශ නායක ‍පොට්ටු අම්මාන්ව ද දැනුවත් කර තිබි ඇත.

තවේන්ද්‍රන් යටතේ ක්‍රියාත්මක වූ දකුණේ කොටි ජාලය ‘ඔපරේෂන් ඩබල් එජ්’ මහෙයුමෙන් යළිත් ක්‍රියාත්මක කර දකුණේ කණ්ඩායම් තම ජාලයට කොටුකරගෙන ඉදිරි මෙහෙයුම් දැනගැනීමට හමුදා බුද්ධි අංශය තම මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කරන්නේය.

මේ වන විට වන්නි සටනින් කොටි පරාජයට පත්ව තිබූ නිසා රංජිත් ඇතුළු දකුණේ කණ්ඩායම් තවේන්ද්‍රන් සමග මෙහෙයුම් තාවකාලිකව නවත්වා තිබි ඇත.

වන්නි සටන් නිමාවට පත්වීමෙන් පසු යළි නැගෙනහිරින් නැගී සිටින්නට වෙර දරන රාම්ගේ කල්ලියට සහාය ගන්නා අයුරින් 2009 අගෝස්තු මාසයේ සිට යළිත් ප්‍රදීප් හෙවත් පී. රංජිත් කොටි ඔත්තු ජාලයට එක්කර ගත්තේය. එහෙත් මේ වන විට හමුදා බුද්ධි බළකායේ මෙහෙයුමකට නතුව තවේන්ද්‍රන් ක්‍රියාත්මක වන බව මෙම රංජිත් දැන සිටියේ නැත. 2009 අගෝස්තු මස අග දී බුද්ධි අංශ නායක තවේන්ද්‍රන් හා රංජිත් අතර ගිරිත‍ලේ, වැලිකන්ද ප්‍රදේශවල වූ හමුදාවේ අධීක්ෂණය යටතේ තිබූ වනබද කඳවුරුවල දී හමුවන්නට කතිකා කරගත්තේය. කාලයකට පසුව ඇති වූ හමුවේ දී පැය දෙකකට ආසන්න කාලයක් තිබූ සාකච්ඡාවේ දී දඹුල්‍ලේ පිහිටි රංජිත්ගේ ගොවි‍පොළක් තුළ තවේන්ද්‍රන් ඇතුළු කණ්ඩායමක් දඹුල්ල ගොවි‍පොළේ ආරක්ෂිත ලෙස රඳවා තබාගැනීමට යෝජනාවක් ද කරන්නේය. ආර්ථික ප්‍රශ්න නිසා වසාදමා තිබූ ගොවි‍පොළ යළිත් තවේන්ද්‍රන් එකතු කරගෙන දෙදෙනාම මුදල් යොදවා කරන්නට ද යෝජනා වී තිබුණේය. මෙම ගොවි‍පොළ ඇරඹීමට වගා ළිඳ සකසා ගැනීමට තමාට රුපියල් ලක්ෂ දෙකක් ලබාදෙන ලෙස පී. රංජිත් ඉල්ලා සිටින්නේය.

කොටි සංවිධානය වෙතින් මුදල් ලබාගන්නා පී. රංජිත් දඹුල්ල කොමර්ෂල් බැංකුවේ වූ 8540009039 දරන ගිණුමට තවේන්ද්‍රන් ලවා මුදල් ලබාගන්නට ද කටයුතු කරන්නේය. පී. රංජිත් තවේන්ද්‍රන්ව හමුවීමට ගිරිත‍ලේ වූ ව්‍යාජ කොටි කඳවුරට දුරකථන ඇමතුම් දී පැමිණෙන්නේය. වෙනදා හමුවන ආකාරයට හමුවෙමු යැයි තවේන්ද්‍රන් යෝජනා කරද්දී එයට ද රංජිත් එකඟ වන්නේය. රංජිත්ව මීට පෙර කොටි කඳවුරුවලට ගෙන්වාගෙන තිබුණේ අතරමගට ගෙන්වා ඉන් පසුව දෑස් බැඳ දැමීමෙන් පසුවයි.

ඉන් පසුව හමුවන අවස්ථා කීපයේදීම මෙම රංජිත්ව තවේන්ද්‍රන්ගේ කඳවුරට ගෙන යන්නේ දෑස් වසාගෙනය.
මේ සිදුවීම් අතරේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රභූවරු සමූහයක් ගුවන් යානාවක් පිටින්ම ඝාතනය කරන්නට පී. රංජිත් විසින් තවේන්ද්‍රන්ට කරන යෝජනාව සම්බන්ධ කතාබහට අදාළ හඬපටය හමුදා මූලස්ථානයේ ඇත්තේය. තවේන්ද්‍රන් සමග රංජිත් මුණගැසීමට යන අවස්ථාවල හා දුරකථන ඇමතුම් ලද අවස්ථාවල පටිගත කරගත් හඬපට බොහොමයක් එහි ඇත්තේය.

රටට දැනෙන්නට නම් ජනාධිපතිවරයා ඇතුළු දෙසීයක් ඝාතනය කරන්නට කළ සැලසුමේ දුරකථන සංවාදයේ සටහන්ව තිබේ. එම සංවාදය අනුව කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් ඉලක්ක නොකර ඔහු ඇතුළු අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ක් පමණ ගමන් ගන්නා ගුවන් යානයට මීගමුවේ නිවසක් කුලියට ගෙන මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට රංජිත් කරන යෝජනාවය. මීගමුවේ නිවස කුලියට ගැනීම ඇතුළු මෙහෙයුමට රුපියල් ලක්ෂ 50 ක්, 60 ක් අතර මුදලක් වියදම් කළ යුතු බවත්, මිහින් ලංකා යානයකින් ගමන් ගන්නා නිසාත්, සිවිල් වැසියන් නොසිටින නිසාත් මෙම ප්‍රහාරයට ජාත්‍යන්තර බලපෑම් එල්ල නොවන බවත්, පටිගත කළ රංජිත්ගේ හඬ පටයේ සඳහන්ය. විදෙස් සංචාර සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත මණ්ඩලය පාන්දර ජාමයේ ගුවන්ගත වන අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල කරන්නට යෝජනා කරන රංජිත් එය එල්ටීටීඊ සංවිධානයේ ගිණුමට නොව එවකට රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග වදින්නට සිටින සරත් ෆොන්සේකා මහතාගේ ගිණුමට මෙය බැර කළ හැකි බව ද ප්‍රදීප් හෙවත් රංජිත් තවේන්ද්‍රන්ට කරන ප්‍රකාශය සාක්ෂි සහිතව තවමත් හමුදා මූලස්ථානයේ ඇත.

මෙකී සංවාදය සිදුවන්නේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණ සටනේ මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට සටන් වදින කාල සීමාවේය. තවේන්ද්‍රන් හමු වී මෙකී යෝජනාව කරද්දී තවේන්ද්‍රන් ළඟ කොටියකු ලෙස සිටින පුද්ගලයා හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බව රංජිත් නොදැන සිටි නිසා මෙම කතාබහ සිදුවුණා විය හැකිය.

තවේන්ද්‍රන් හට අවශ්‍ය ‍පොලිස් වාර්තා, හැඳුනුම්පත සකස්කරදීම මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයක සේවය කිරීමට අවශ්‍ය ලියකියවිලි සකස්කර දීමට ද රංජිත් කැමැත්ත පළකර ඇත. කටුනායකින් නිවසක් මිල දී ගෙන ප්‍රභූ ගුවන් යානාවකට පහරදීමට යෝජනා කරන රංජිත්ට මේ වනවිටත් තවේන්ද්‍රන්ට අමතරව එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ අනිකුත් කණ්ඩායම් සමග ද සම්බන්ධතා පවත්වා ඇත.

“ඔපරේෂන් ඩබල් එජ්” යටතේ 2009 ඔක්තෝබර් 06 වැනිදා තවත් කොටින්ගේ මෙවැනි ප්‍රහාරාත්මක සැලසුමක් හෙළි කරගත්තේය. රත්මලාන ගුවන් තොටු‍පොළට පහර දීමට රැගෙන ආ අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු ආයුධ ගබඩාවක් ගල්කිස්ස, අංක 12 දරන ද සොයිසා මාවතේ නිවසකින් හමුවන්නේය. එම නිවසේ සෝෆා සෙටියක යට සුරක්ෂිතව සඟවා තැබූ ස්නයිෆර් අවියක් එම්. පී. එම්. ජී. (මැෂින් තුවක්කුවක්, ටී. 56 අවි 05 ක්, මිලිමීටර් 40 ගේ‍රනේඩ් ලෝන්චර් අවි 02 ක්, ආර්. පී. ජී, අවි 01 ක්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක්, සී. ෆෝ පුපුරන ද්‍රව්‍ය කිලෝ දාහතරක්, ක්‍ලේමෝ බෝම්බ 01 ක්, අත් බෝම්බ 13 ක්, අයිකොෂ් ගුවන් ඵදුලි යන්ත්‍ර 03 ක් හා පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙහිදී සොයාගත්තේ ගිරිත‍ලේ සිට ක්‍රියාත්මක වූ සන්නද්ධ බුද්ධි බළකායේ ඔපරේෂන් ඩබල් රජ් මෙහෙයුමේ නිරත නිලධාරින්ගේ දක්ෂතාවයෙනි. මේ වන විට ගිරිත‍ලේ තුන්වැනි බුද්ධි බළකායේ අණදෙන්නා වූයේ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න වන අතර මේජර්වරයකු ලෙස එවකට සිටි ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඔහුගේ දෙවැනියා ය.

මෙම නිලධාරින් ඇතුළු බුද්ධි බළකා නිලධාරින්ගේ දක්ෂතාව නිසා ෂංකර් නමැති බුද්ධි අංශ ප්‍රබලයකු විදේශ රටක සිට පවත්වාගෙන ගිය මෙම අවි ගබඩාව සොයාගෙන තිබිණි. මෙම නිවසේ කුලිය ලෙස සංකර්ට රුපියල් එක්ලක්ෂ පන්දහස බැගින් කොටි ජාත්‍යන්තර ජාලයෙන් ලබා දුන් බවද හෙළි වන්නේ ය.

රංජිත්ගේ සහාය ඇතිව මෙම අවි ආයුධ සැඟවූ සෝෆා සෙටිය වෙනත් නිවසකට මාරු කිරීමටද මහින්දන් නමැති කොටියකුට පවරා තිබියදී බුද්ධි අංශ කණ්ඩායම් පැමිණ එය සොයාගෙන තිබිණ. මේ සම්බන්ධව ගිරිත‍ලේ කඳවුරින් එවකට බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය, හමුදා නියෝග යටතේ දන්වා එවා තිබුණද ප්‍රසිද්ධියක් ලබා දී නොතිබුණේ සමස්ත මෙහෙයුම ඉන් අවසන් නොවූ නිසාය. කොටින්ට කොළඹ සැඟවෙන්නට නවාතැන් සැපයු රංජිත් සමස්ත හමුදා මෙහෙයුමේ (ඔපරේෂන් ඩබල් එජ්) කොනක සිටි එක් සැකකරුවකු පමණක් විය. සමස්ත මෙහෙයුමට සම්බන්ධ කොටි ක්‍රියාකාරීන් ගැන තවේන්ද්‍රන්ව හබරණ ප්‍රදේශයේ කැලෑබඳ කඳවුර තුළ තබාගෙන නිරීක්ෂණය කරන ලදී. ‍පොළොන්නරුවේ දී රජයේ ප්‍රබලයකු ඝාතනය කිරීමට ගෙන ආ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් මනම්පිටියේ දී 2009 අගෝස්තු 10 දා අත්අඩංගුව ගත්තේත් තවේන්ද්‍රන් හා රංජිත් අතර තොරතුරු හුවමාරුවෙන් පසුවය. කොළඹ තොරතුරු සෙවීමට පැමිණි කොටි ප්‍රහාරකයකු ගැන තවේන්ද්‍රන්හට රංජිත් ලබාදුන් තොරතුරක් මත රහසිගතව එම බෝම්බ කට්ටලය සොයාගෙන තිබිණි.

මනම්පිටියෙන් හමුවන මෙම බෝම්බ ඇඳුම් කට්ටලය එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ‍ලේකම්ව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉලක්ක කරගෙන ආ බවට සැක පහළ වූයේ ‍පොළොන්නරුව ප්‍රදේශයේ ඉලක්කගත ප්‍රභූවරයකු සිටියේ ඔහු බැවිනි.

මේ අයුරින් තවේන්ද්‍රන් මාර්ගයෙන් රංජිත්ගේ තොරතුරු ලබාගත් අතරේ එක්වරක රංජිත් තමාව නාඳුනන කණ්ඩායමක් පැහැරගෙන මුදාහල බව තවේන්ද්‍රන්ට දන්වා තිබිණි. බුද්ධි අංශ මෙහෙයුම යන අතරේ රංජිත්ව ඒ මොහොතේ පැහැරගත්තේ එල්ටීටීඊයේ මොහුගේ කටයුතු ගැන අවධානයෙන් සිටි කණ්ඩායමක්ද එසේත් නැතිනම් වෙනත් කණ්ඩායමක්ද යන්න කාටත් ඇති වූ සැකය වී තිබිණි. රංජිත් එල්ටීටීඊයේ විවිධ කණ්ඩායම් සමග සබඳකම් පැවැත් වූ නිසා ඔහුව පැහැරගෙන මුදාහැරීම ඒ මොහොතේ කාටත් ගැටලුවක් විය.

රංජිත් එල්ටීටීඊයේ මූල්‍ය වරප්‍රසාද ලබමින් පඩිලබන කොටි ලැයිස්තුවේ කටයුතු කරමින් අවශ්‍ය අවස්ථාවන්වලදී තවේන්ද්‍රන් හමුවී තිබිණි. බුද්ධි අංශ මේ සියලු දෙනාගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් තම “ඩබල් එජ්” මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කළේ ය. මෙම මෙහෙයුමට අදාළව හමුදාවේ අධීක්ෂණය යටතේ සිටි රාම්, නගුලන්, තවේන්ද්‍රන් ඇතුළු නායකයන්ව ජාත්‍යන්තර ජාලයට නොදවෛනි සියළු ක්‍රියාකාරකම්වලට ඉඩ දී තිබුණි. ඩයස්‍පෝරාව සමග මොවුන් සබඳතා පැවැත් වූ අතර මේ වන විට තවේන්ද්‍රන් යුද හමුදාවේ වැටුප් ලබන දෙමළ ජාතික හමුදා සෙබළකු ලෙස කටයුතු කළේ ය. රාම් ඇතුළු නායකයන්වද සමාජගත කරන්නට ඔවුනට හැකිවන්නේ මේ අතරය.

තුන්වතාවක් දඹුල්ල, මින්නේරිය, ප්‍රදේශවලට පැමිණ තවේන්ද්‍රන් හමුවන ප්‍රදීප් හෙවත් රංජිත් ඉන්පසුව එක්වරම අතුරුදන් වන්නේ ආගිය තොරතුරක්වත් නොමැතිවය.

එසේ වුවද ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වූ අතර තවේන්ද්‍රන් රාම් හා නගුලන් සෙසු කණ්ඩායම් සමග සබඳතා පවත්වමින් එල්ටීටීඊයේ ඉදිරි ක්‍රියාකාරරකම් ගැන අනාවරණය කර දුන්නේ ය.

මේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වූ අතර තවේන්ද්‍රන් රාම් හා නගුලන් සෙසු කණ්ඩායම් සමග සබඳතා පවත්වමින් එල්ටීඊයේ ඉදිරි ක්‍රියාකාරකම් ගැන අනාවරණය කර දුන්නේය.

එක්වරම මේ මෙහෙයුම අඩාළ වන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධව ඔපරේෂන් ඩබල් එජ්හි ක්‍රියාකාරින් අත්අඩංගුවට පත්වීමත් සමගය.

එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම බුද්ධි අංශ වෙත චෝදනා එල්ල වුවද බුද්ධි අංශ කළ මෙහෙයුමට අනුව සියලු දෙනාගෙන් තොරතුරු රැස් කිරීම හැර කිසිවකුත් අතුරුදන් කර නැතැයි පැහැදිලි වන්නේ ය.

කෙසේ වුවද මෙම මෙහෙයුම අතරතුර කියැවුණ රංජිත් හෙවත් ප්‍රදීප් නමැති වෙබ් අඩවිවල මාධ්‍යවේදියකු ලෙස ක්‍රියා කළ පුද්ගලයා කව්රුන්ද යන්න හා ඔහු කොටි සංවිධානය වෙතින් මුදල් වරදාන ලබමින් කළ පාවාදීම ඉදිරියේ දී හෙළිවනු ඇත. එයට අවශ්‍ය එකම සාක්ෂිය වන තවේන්ද්‍රන් දැන් ඉන්නේ රහස් ‍පොලිසිය භාරයේ ය. එසේ නම් රටට වින කරන්නට තැත් කළ රංජිත්ලාගේ කියුම් කෙරුම් පවා තවේන්ද්‍රන්ගෙන් ලැබෙන තොරතුරු මත අනාවරණය කිරීම රහස් ‍පොලිසියේ වගකීමය.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වූ ඩබල් එජ් මෙහෙයුමට සම්බන්ධ නිලධාරින් ගැන හෙළිවීම, මි‍ලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරින් ගැන හෙළිවූවාට වඩා ඛිෙදවාචකයක් විය හැකි බව හමුදා ප්‍රධානීන් බහුතරය හමුදාපතිවරයාද දැනුවත් කර තිබුණේ ය. මෙකී මෙහෙයුම් සම්බන්ධව හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය, රාජ්‍ය ඔත්තු සේවාවේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ, බුද්ධි අධ්‍යක්ෂවරුන්ව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ඇතුළු නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පැවසුණි.
මෙම මෙහෙයුම කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා සිදු කළ එකක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් රජයේ ඉහළ ප්‍රධානීන් හමු වී විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කර ඇත.

දැනට උද්ගතව ඇති තත්ත්වය මත රහස් ‍පොලිසිය මේ දිනවල යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරින් රැසක් අතුරුදන් වීම ඇතුළු චෝදනා විමර්ශනයට රහස් ‍පොලිසියට කැඳවීමට නියෝග කර ඇත. යම් කණ්ඩායමක් හෝ පුද්ගලයකුගේ වුවමනාවට එක්නැලිගොඩ මහතාව ඝාතනය කර හෝ අතුරුදන් කර ඇත්නම් එවැන්නක් කිසිවකු අනුමත කරන්නේ නැත. ඒවාට සම්බන්ධ යම් අයකු වන්නේ නම් අත්අඩංගුවට ගෙන නීතියෙන් දඬුවම් දීම සාධාරණය. නමුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී මහ මෙහෙවරක් කළ නිලධාරින්ව නිකරැණේ අසරණ තත්ත්වයට පත් කිරීම අනාගතයේ බුද්ධි මෙහෙයුම්වලට කඩාවැටීමටද හේතු වන්නේය.

දෙමළ ඩයස්‍පෝරාවට අවශ්‍ය වූයේත් මෙකී හමුදා බුද්ධි ජාලය බිඳ වැට්ටවීමටය. නිසි ආකාරයට විමර්ශන ක්‍රියාවලිය සිදු නොවුණහොත් සමස්ත බුද්ධි ක්‍රියාවලියම අනතුරට ලක්වන්නේය. තවේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම කොටුවීමත් සමග “ඔපරේෂන් ඩබල් එජ්” හි රහස් පිටතට යාමටද පටන් ගැනීම රට හමුවේ ඇති තවත් අභියෝගයකි. මහත් වූ ව්‍යායාමයකින් පසුව රටට නීතිය හා සාමය ඇති කරන්නට හමුදා බුද්ධි අංශය කළ මෙහෙවර කිසිවකුට අභියෝග කළ නොහැකි තරම්ය.

මෙහිදී රහස් ‍පොලිසියේ විමර්ශන කණ්ඩායම් වල ක්‍රියා පිළිවෙත අනුව රටේ ජාතික ආරක්ෂාව මෙන්ම බුද්ධි අංශ ක්‍රියාවලිය තීරණය වනු ඇත.

ජාත්‍යන්තර බලවේග, එන්ජීඕ නඩ ඇතුළු ඩයස්‍පෝරාවට ආවඩන සියලු දෙනා බලා සිටින්නේ බුද්ධි අංශයේ මළගම වනතුරුය. එවැන්නකට ඉඩ නොතබා ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ, වරදක් නොකළ සියලු නිලධාරින් රැක ගැනීම කාගේත් වගකීමය.

විදෙස් ඔත්තු සේවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ කළ බුද්ධි මෙහෙයුම්

ත්‍රස්තවාදයේ අමානුෂීය බව ලොවට පෙන්වූ එක් උදාහරණයක් ලෙස මියුනිච් ඛිෙදවාචකය ඉතිහාගත වී තිබේ. 1972 වසරේදී ජර්මනියේ මියුනිච්හිදී පැවැත්වුණේ විසි වැනි ඔලිම්පික් උළෙලයි. මේ උළෙලට ඊශ්‍රායලය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක කණ්ඩායමට පලස්තීන ගරිල්ලා ත්‍රස්ත කණ්ඩායමක ප්‍රහාරයකට ලක්වී මියැදෙන්නට සිද්ධ විණි.

1972 සැප්තැම්බර් 05 වැනිදා පෙරවරු 4.30ට පමණ අවිගත් පලස්තීන ත්‍රස්ත කණ්ඩායම පැමිණ ඔලිම්පික් ගම්මානයේ ඊශ්‍රායලය ක්‍රීඩකයන්ගේ කුටිවලට කඩා වැදී, ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොසින් ජීවිතක්ෂයට පත් කිරීමට කටයුතු කළහ. මෑත නව ඔලිම්පික් ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් අතරමග නතර කර දැමූ එකම අවස්ථාව බවට මියුනිච් උළෙල ඉතිහාසගත වෙයි.

මිනිස්කමට නිගා දුන් මේ මහා ප්‍රහාරයේ මහ මොළකරු වූයේ ‘මොහොමඩ් අවුඩේහ්’ නමැත්තෙකි. කළු සැප්තැම්බරය නමින් හඳුන්වන මේ ප්‍රහාරයේ මහා මොළකරුවා ‘අබු ඩාවුඩ්’ යන නමින්ද හඳුන්වනු ලබති. ඔහු ඇතුළුව ඊශ්‍රායල් ක්‍රීඩකයන් මැරීමට කටයුතු කළ ඝාතකයන් විනාශ කිරීමේ අරමුණෙන් ඊශ්‍රායලය බුද්ධි අංශය වන ‘මොසාඩ්’ වෙතින් මීට එරෙහිව ක්‍රියාත්මක වූ මෙහෙයුම හඳුන්වනු ලැබුයේ දේව උදහස හෙවත් ‘බයිනේත්තු මෙහෙයුම’ යන නාමයෙනි. ඊශ්‍රායල බුද්ධි අංශයේ මෙම මෙහෙයුම වසර විස්සකටත් වඩා කාලයක් පුරා රහසිගත මට්ටමෙන් ක්‍රියාත්මක වූ අතර 1981 වසරේ ‍පෝලන්තයේදී ‘අබු ඩාවුඩ්’ ව වෙඩි තබා මරා දැමීමට කළ උත්සාහයේදී ඔහුගේ තැන් දහතුනකට වෙඩි වැදුණද ඔහු ජීවිතක්ෂයට පත් නොවුණි.

ඊශ්‍රායල බුද්ධි අංශය දියත් කළ මෙම මෙහෙයුම ඇතැම් විට පළිගන්නා සුළු ස්වභාවයක් පෙන්නුම් කළ නිසා විවේචනයට ලක්වූ නමුත් ත්‍රස්තවාදියාට ජීවිත කාලය පුරාම සංවිධානය වීමකින් තොරව සැඟවී ජීවත්වීමට සිදුවීම මෙහෙයුමේ හොඳක් ලෙස පෙනෙන්නට තිබුණි. සිරියාවේ ඩැමස්කස් අගනුවර රහසිගත ලෙස ජීවත් වූ ‘අබුඩාවුඩ්’ 2010 වසරේදී මිය ගියේ වකුගඩු අකර්මණ්‍ය වීමෙනි.

චර පුරුෂ සේවයේ මූලාශ්‍ර හා ක්‍රම, රහස්‍ය කාර්යයන් අරමුණු හා ක්‍රමෝපාය සහ බුද්ධි නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය ජනතාවගේ නිරීක්ෂණයෙන් වසන් විය යුතු කරුණු වුවත් වර්තමානයේ ඒ පිළිබඳව මහත් අවධානයක් හා උනන්දුවක් ලෝකයේ සියලු රටවල ඇති වී ඇත.

බුද්ධි නිලධාරීන් තම සේවය ඉටු කිරීම සඳහා භාවිත කරන ක්‍රම සහ විධි සදාචාරාත්මකව කෙතරම් අනුකූලද නැද්ද යන අදහස සම්බන්ධයෙන් නොයෙක් මතිමතාන්තර ගොඩනැගී ඇත.

තවද රටක බුද්ධි අංශ ක්‍රියාකාරකම් එම රටේ රාජ්‍ය තන්ත්‍රය (Statecraft) හා ඉඳුරාම සම්බන්ධ බැවින් වෙනත් අවස්ථාවන්හිදී අසම්මත යැයි හැඟෙන ක්‍රමෝපායන් බුද්ධි රාජකාරීන් ඉටු කිරීමේදී සම්මත යැයි අර්ථ දැක්විය හැක.
නමුත් තර්කානුකූලව සිතීමේදී පැහැදිලි වන්නේ මෙම අසම්මත යැයි සැලකෙන ක්‍රමෝපායන් රාජ්‍ය තන්ත්‍රයට අදාළ වනවදා නැද්ද යැයි සෙවීමට වඩා ඒවා කෙතරම් දුරට අදාළ වන්නේ දැයි සොයා බැලිය යුතු බවයි.

1947 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මධ්‍යම බුද්ධි කාර්යාංශය (Central int Agency/CIA) පිහිටුවීම සබැඳිව එවක ඇමෙරිකා එක්සත් ජනපදය ජනාධිපති අයිසන්හවර් වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ එවකට රුසියානු සමූහාණ්ඩුවේ සමාජවාදී ප්‍රතිපත්තීන් නිසා ඇතිවී තිබූ තර්ජනය නැති කිරීම සඳහා ගතානුගතික ඇමෙරිකානු ප්‍රතිපත්තිය වූ සාධාරණාත්මක ක්‍රියාකාරීත්වයෙන් (Fair play) ඔබ්බට ගිය ‘තම ප්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් යන වඩා බුද්ධිමත් දරුණු හා විනාශකාරී ක්‍රමවේදයක්’ අවශ්‍ය බවයි.

එසේම හිටපු CIA නිලධාරීන් විසින් යෝජනා කර ඇති පරිදි බුද්ධි නිලධාරියෙක් තුළ ඔහුට බලපෑමට සිදුවන තර්ජනයන් හමුවේ ක්‍රියා කිරීමට විශේෂිත වූ දැනුමක්, විශේෂිත ඥානයක් හා අසාමාන්‍ය හා විශේෂිත සදාචාරාත්මක භාවයක් (Specialized Morality) තිබිය යුතුය. වෙනත් වචනවලින් කිව හොත් මහජනතාව වෙනුවෙන් ‘තම දෑත් කිලිිටි කර ගන්නා’ දේශපාලනඥයන් මෙන් බුද්ධි නිලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමේදී ඔවුන් අතින් සිදුවන සදාචාරාත්මකව විරෝධී යැයි සම්මත දේ කිරීමට තමා බුද්ධි නිලධාරියකු වීමම අවසරයක් ලෙස පාවිච්චි කරන බව සමහරු විවේචනය කරති. නමුත් බුද්ධි රාජකාරින් ඉටු කිරීමේදී එම නිලධාරීන්ට මෙහෙයුමේ ආරක්ෂාවත් තමන් ඇතුළු ඊට සම්බන්ධ අන් අයගේ ආරක්ෂවත් තහවුරු කර ගැනීමට සහ විශේෂයෙන් තමන්ගේ ‘ආවරණය’ (Cover) ආරක්ෂා කර ගැනීම සඳහා බොරු කීම, තොරතුරු ලබා දීමෙන් වැළකීම, රහස්‍ය ක්‍රමවේද භාවිතය වැනි කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් CIA නියෝජිතයන් (Agents) ගෙන් බොරු කීම, රැවටීම, සොරකම් කිරීම, මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැනි වෙනත් අවස්ථාවක සිදු කළේ නම් නීති විරෝධී වන දේ කිරීමටත් ඒ සඳහා අන් අය පෙලඹවීමටත් ඉගැන්වීමටත් CIA ආයතනය අපේක්ෂා කරයි. ඔවුන් එය ‘වෘත්තියතන්ත්‍රය’ හෙවත් Tradecraft ලෙස හඳුන්වන අතර ලොව සියලු බුද්ධි ආයතන එය අනුමත කරයි.
සංජීව කරුණාරත්න

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

Top