Featured

මැතිවරණයෙන් “අලියට” ආසන 70ක් ගන්නත් බෑ-එජාප වාර්තාව රනිල්ට අනතුරු අගවයි

සුපුරුදු ලෙස එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණිම මෙවරත් ඉතා පහල මට්ටමකට වැටිමට  ඉඩ තිබේන බවත් එවන් තත්ත්වයක් උදා වුවහොත් ආසන 70 සිමාවට පැමිණිමට අපහසු අන බව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රධානින් විසින් ආසන මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණයේ වාර්තාව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙමින් පවසා තිබේ.

සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයන් මහා මැතිවරණයකදි ඡන්ද භාවිතා කිරිම සියයට 35ක් ඉක්මවා යැම ඉතා අපහසු කාර්‍යයක් බවත් මෙම මැතිවරණයේදිද ප්‍රධාන හේතු කිහිපයක් මෙම වාර්තාව් හරහා එලිකර තිබේ.

ඒ අනුව මේ මැතිවරණයෙන් අගමැති අපේක්ෂකයා ලෙස අවස්ථා ගණනාවක් පරාජයට පත්විම ,රනිල් වික්‍රමසිංහ නායකත්වය සජිත්ට ලබා නොදිමට කටයුතු කිරිම හා පසුගිය ජනාධිපතිවරණයේදි කරු ජයසුරිය වැනි සිංහල බෞද්ධයෙකු හෝ පක්ෂයේ වෙනත් අයෙකු ඉදිරිපත් නොකර මෛත්‍රීපාල වැනි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙකු එකතු කර ගැනිම සහ මහා බැංකු බැදුම්කරය හරහා සිදුවු වංචාව සහ මහින්ද රාජපක්ෂ රජයේ කිසිවෙකු වංචා,දුෂණ චොදනා යටතේ අත් අඩංගුවට නොගැනිම යන කරුණු මෙම තත්ත්වයට බලපෑම් එල්ල ර තිබේන බව එම වාර්තාව හරහා පෙන්වා දි තිබේ.

Top