Featured

මිලියන 600ක් අරන් රටින් පනින්න රාජපක්ෂලා ගහපු ගේම් එක… පවුල් 617ක් අනාථයි… බැංකු වලට අමුතුම ගේම් ගහලා… මෙන්න සියලුම ලියවිලි … MAS Holding CEO සුරේන් වංචාවට උදවු කරලා…

Published on: Feb 22, 2020- දේශපාලනය තුල රාජපක්ෂ නාමය ගැවුන අයෙක් සිටි නම් ඔහු හොරකම් කිරිමට සමත්කම් ඇත්තේකු බවත් එවැනිම නිළකාස හොරෙකු වන නිශාන්ත රුවන් සෙනවිරත්න රාජපක්ෂ හෙවත් කෙටියෙන් මේජර් නිශාන්ත රාජපක්ෂ සම්බන්ධයෙන් අප පෙබරවාරි 8 වැනිදා අනාවරනයක් සිදුකල අතර ඒ අනුව නිශාන්තගේ හොරකමේ හදුනාගත හැකි දළ අගය රුපියල් මිලියන 600කට අධික බවත් මේ වනවිට ඔහු සහ ඔහුගේ පවුලෙ අය රටින් පැන සැගවි සිටින බවද අප අනාවරණය කළා.

එම අනාවරණයන්ට සමගාමිව එම මුදල් ආයෝජනය කරමින් සිදුකරන ව්‍යාපාර සම්බන්ධයෙන්ද අප අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සාක්ෂි සහිතව අනාවරණය කිරිමට අප සුදානමින් සිටි. අප පලමු අනාවරණය සිදුකිරිමට සමගාමිව ඊට අදාළ ලියකියවිලි විශාල ප්‍රමාණයක් රටේ හොරකම් සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය වගකියන ආයතන වලට අප ලබාදිමට කටයුතු කර ඇති අතර බලය හොබවන රාජපක්ෂලා,හොරා කෑ රාජපක්ෂලා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්න අප කල්පනාවෙන් යුතුව බලා සිටින බවද අවධාරණය කිරිමට කැමත්තේමු.

මේජර් නිශාන්ත රාජපක්ෂගේ කොල්ලයට හසුවු පවුල් සංඛ්‍යාව 617 ක් වන අතර ඒ අතර ඔහුගේ ආයතන වල සේවය කරමින් සිටින සේවකයන්ද සිටින අතර මහා පරිමාණයේ මුල්‍ය වංචාවට හසුවු කණ්ඩායම්ද සිටි.

මේජර් නිශාන්ත රාජපක්ෂ නැමත්තා Pan Asia Bank සදහා මිලියන් 70ක පොල්ලක් තබා ඇති අතර එම මුල්‍ය වංචාව සදහා එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සaජුවම සම්බන්ධ වි ඇති බවද අප අනාවරණය කළා. ඊට අමතරව Union Bank වට මිලියන 4ක්,Seylan Bank වට මිලියන 6ක්, HSBC බැංකුවට මිලියන 2ක් සහ Nations Trust Bank සදහා මිලියන 3ක් මෙන්ම රාජ්‍ය බැංකු සියල්ලටම මිලියන් ගණනින් පොලු තැබිමටද මේජර් නිශාන්ත සමත්ව තිබේ.

මේජර් නිශාන්ත factoring frauds

මිට අමතරව මේජර් නිශාන්ත ඉතා බරපතල වර්ගයේ මුල්‍ය වංචාවක් සිදුකර තිබෙන අතර එය නම් factoring frauds ලෙස හදුන්වන මුල්‍ය වංචාවයි.යම් සමාගමක් තමන් ලබාගන්නා සේවාවට අදාළ තවත් සමාගමකට මුදල් ලබාදිම සදහා යම් කාලයක් ගන්නා අතර ඒ සදහා නිකුත් කරන Invoice අදාළ සමාගමට තමන්ගේ බැංකුවට ලබාදි එම මුදලෙන් සියයට 70ක් ලබා ගැනිමට ඇති හැකියාව factoring පහසුකම ලෙස හදුන්වයි. කුප්‍රකට නිශාන්ත රාජපක්ෂ එකම Invoice භාවිත කරමින් තමන් ගනුදෙනු කල සියලුම බැංකු වලින් මුදල් ලබාගැනිමට කටයුතු කර තිබේ.

NSTN Maritime Services සහ STAD යන නමින් ආරක්ෂක සේවාවන් සපයන ආයතන දෙකක් ඔහු විසින් මුල්‍ය කොල්ලය සදහා යොදවා ගත් අතර STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” නමින් නිරෝෂා රන්මිනි ප්‍රේමරත්න හෙවත් නිරෝෂා රජපක්ෂ සහ නිශාන්ත රුවන් සේනෙවිරත්න රාජපක්ෂ නැතහොත් මේජර් නිශාන්ත රාජපක්ෂ නමින් 36/පි කුමාරගේවත්ත පාර, බත්තරමුල්ල ලිපිනයේ 2017 06 07 වැනි මසට ලියාපදිංචි කර ඇති ව්‍යාපාරය භාවිත කරමින් මුදල් කොල්ල කෑ අයුරු අද අප අනාවරණය කිරිමට සුදානම්.

අදාළ වෙළද ලියාපදිංචි කිරිමේ සහතිකය

කොළඹ ලිපිනයක ලියාපදිංචි කර තිබේන නිශාන්තගේ ව්‍යාපාරයේ ගිණුම් පවත්වාගෙන යන අකාරය දෙස බැලු විට යම් අසමානතාවයක් පවතින් අතර ව්‍යාපාරයේ Seylan Bank ගිණුම හික්කඩුව ශාඛාවේ පවත්වාගෙන ගිය අතර ආරම්භයේ සිටම කළු වැඩ සිදුකිරිම ඒ අනුව නිශාන්තලා සුදානමින් සිට තිබේ.මිට අමතරව Union Bank ශාඛාව නාවලත්, ටවුන් හෝල් හි පිහිටි Nations Trust Bank බැංකුව කොල්ලුපිටියේ Pan Asia Bank ප්‍රධාන ශාඛාවේද නිශාන්ත ගිණුම් පවත්වාගෙන ගොස් තිබේ.මීට අමතරව Commercial Credit හිද නිශාන්ත විසින් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබේ.

මේජර් නිශාන්ත රාජපක්ෂ තමන්ගේ STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” ආයතනය හරහා ආරම්භයේම ප්‍රධාන සේවයන් සැපයු ආයතන කිහිපයක් තිබේ.අප පලමුව අනාවරණය කල පරිදිම ලලන්ත වටදුරට අයත් ඇගලුම් ආයතන වලට, MAS Holdings (Pvt) Ltd ආයතනයට සහ හෙළ ක්ලෝතින් යන ආයතනයටද STAD ආරක්ෂාව සැපයිමේ සේවය සපයා තිබේ.

MAS Holdings (Pvt) Ltd ආයතයට සේවාව සැපයිමට නිශාන්තට අවස්ථාව හිමිවන්නේ හිටපු සමූහ අධ්‍යක්‍ෂවරයාව සිටි ඩයන් ගෝමස් මහතා හේතුවෙන් සහ මේජර් නිශාන්ත රාජපක්ෂගේ බිරිද නිරෝෂා රාජපක්ෂ ඩයන් ගෝමස්ගේ සමීපම ලේකම්වරිය ලෙස කටයුතු කිරිම මෙන්ම නිශාන්තගේ සොහොයුරු එවකට MAS Holdings හී CEO ලෙස කටයුතු කල සුරේන් ප්‍රනාන්දු (Suren Fernando) සුරේන් වර්තමානයේ MAS Holdings සමූහ ව්‍යාපාරයේම CEO ලෙස කටයුතු කිරිම සහ නිශාන්ත, රාජපක්ෂ කල්ලියට අයත් අයෙකු ලෙස නිරන්තරයෙන් පෙනී සිටිමයි.

ඩයන් ගෝමස් මහතා MAS Holdings හී ඉවත් ව හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානීයා ලෙස පත්ව ගියද සුරේන් ප්‍රනාන්දු CEO ලෙස සිටිම හේතුවෙන් දිගටම මේජර් නිශාන්තගේ STAD ආයතනයට MAS Holdings තුල රැදී සිටිමට අවස්ථාව උදාවි තිබේ.

මීට අමතරව අධිවේගී මාර්ග පද්ධතියට අවශ්‍ය ආරක්ෂක සේවාව සැපයිමටද STAD ආයතනයට ලැබුන අතර ඊට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයකට මෙන්ම MAS Holdings ප්‍රධානින් සමග නිශාන්ත මොනතරම් සමීප විමට සමත් වුවේද යන්න තහවුරු වන්නේ එම ආයතනය සතු පෞද්ගලික නිළ නිවාස සදහා ආරක්ෂකයන් සැපයිමේ අවස්ථාවද නිශාන්ත විසින් හිමිකර ගැනිමට සමත්විය.

ආයතනය ආරම්භ කර කෙටි කාලයක් තුල නිශාන්ත රාජපක්ෂ සිය කුප්‍රකට මුල්‍ය වංචාව සිදුකිරිම ආරම්භ කර තිබේන අතර ඒ සදහා තමන්ට සමීපම පාසල් මිතුරන් සහ එවකට නිශාන්ත ක්‍රිඩාකල Master Cricket නැමැති අවුරුදු 50ට වැඩි ක්‍රිඩකයන් ක්‍රිඩා කරන Association හී මිතුරන්,හමුදාවේ මිතුරන් සහ NSTN Maritime Services හරහා නිශාන්ත් විසින් අල්ලා ගත් ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් ද ගොනාට ඇන්දවිමේ වැඩේ පටන් ගෙන තිබේ.

ඒ අනුව නිශාන්ත ඔහුගේ සමිපයන්ට පවසන්නේ ආයතන 47කට අධික ප්‍රමාණයක් සතු MAS Holdings හී සියලුම ආයතන වෙනුවෙන් ආරක්ෂාව් සැපයිම තමන්ගේ STAD ආයතනයට හිමි වි ඇති බවත් එය සම්පූර්ණයෙන්නම තමන්ගේ ඥාති සොහොයුරන් සුරේන් ප්‍රනාන්දු හරහ සිදුවන බවද පෙන්වා දි තිබේ. ඒ අනුව තමන්ගේ STAD ආයතනය තවත් පුළුල් කිරිමට අවශ්‍ය බවත් ඒ සදහා මුල්‍ය ආයෝජන කිරිමට අවශ්‍ය බවත් නිශාන්ත uඋපක්‍රමශීලීවපෙන්වා දි තිබේ.ඒ සදහා ඉතා රහසිගත ලියවිල්ලක් සකස් කරන නිශාන්ත එම ලියවිල්ල තමන්ගේ ආයතනයට ආයෝජන කිරිමට කැමැත්ත දක්වන අයට විද්යුත් තැපෑල හරහා යොමුකර තිබේ.

This is a confidential document.only for your eyes. යනුවෙන් සදහන් කර ඇති එම ලියවිල්ල අප සම්පුර්ණයෙන්ම පහත පලකර තිබේ.

මුල්‍ය වංචාවට හසුවු අයෙකුට nishantha@nstnmaritime.com යන විද්යුත් තැපැලෙන් යැවු අයුරුද අප විසින් පහත දක්වා තිබේ.

අදාළ ලියවිල්ල සැදු ආකරයම වංචාවක් වන අතර එම ලියවිල්ල සකස් කිරිමේදි නිශාන්ත තමන්ගෙ STAD ආයතනයම නාමිකව Private Limited Company ලෙසද ලියාපදිංචි කිරිමට කටයුතු කර ඇති නමුත් එම ආයතනයට ලියාපදිංචි සහතිකයක් හැර වෙන කිසිදු ආකාරයේ නෛතික බැදිමක් ඇතිකර නොගැනිමට කටයුතු කර තිබේ.කිසිදු ගිණුමක් හෝ STAD Private Limited සමාගමට නොමැති අතර සියල්ල පවතිනුයේ STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” පමණී.

                      සුදේශ්

අදාල ලියවිල්ල සකස් කිරිම සදහා නිශාන්ත ගණකාධිකාරිවරයෙකු ලෙස භාවිතා කර ඇත්තේ සුදේශ් නැමත්තේකු වන් අතර ඔහු කිසිදු ආයතනයකට වැස්සකටවත් ගත යුතු නැති කුප්‍රකට හොරෙකු වන අතර අප පහත් ඔහුගේ ඡායාරූපය අනාවරණය කර සිටින්නේ අහිංසක මිනිසුන්ගේ ජිවිත විනාශ කිරිම සදහා මුදලට කටයුතු කරන මේ අකාරයේ කුප්‍රකට හොර ගණකාධිකාරිවරුන් රටේ ජනතාව ප්‍රතිකේෂ්ප කලයුතු නිසාය.ඊට අමතරව අප මේ සම්බන්ධයෙන් වගකිවයුතු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේද අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරමු.

නිශාන්ත යනු කුප්‍රකට කපටියෙකු බව අමුතුවෙන් කිවයුතු නැත.දැන් හොරට හැදු තමන්ගේ නාමික ආයතනය සදහා මුල්‍ය ආයෝජන ලබා ගැනිම සදහා එවකට MAS Holdings හී CEO ලෙස කටයුතු කල සුරේන් ප්‍රනාන්දු භාවිතා කරන අතර ඔහු ලවා අදාළ ලියවිල්ල ලබාදුන් පුද්ගලයන්ට දුරකතනය ඔස්සේ සහතික කිරිමක් සිදුකර තිබේ.ඒ අනුව පහත දක්වා ඇති ආකාරයට MAS Holdings හී ආයතන සදහා ආරක්ෂාව සැපයිමේ කොන්ත්‍රාත්තුව නිශාන්තගේ STAD ආයතනයට පවරා ඇති බවත් බය නැතුව ආයෝජනය කරන ලෙසත් සුරේන් ඉල්ලා තිබේ. රටේ කිර්තිමත් ආයතන සමුහයක වර්තමානයේ CEO ලෙස කටයුතු කරන සුරේන් සම්බන්ධයෙන්ද MAS Holdings වහාම පරික්ෂණයක් පැවැත්විය යුතු බව අප අමුතුවෙන් මතක්කර දිය යුතු නැතැයි සිතමු.

නිශාන්තගේ ලියවිල්ල හරහා MAS Holdings සමාගම වංචාවට යොදාගත් අයුරු ..

මීට අමතරව නිශාන්තගේ හොර ආයතනයට ආයෝජකයන් සොයා දිමට කටයුතු කල තවත් අයෙකු වන්නේ හිතෘ ගුවන් තොටුපලේ සිට ශ්‍රි ලංකන් ගුවන් යානා වලට කෙට්‍රින් (catering) කරන දිප්ත දර්ෂණ වටදුරගේ CLS AIRLINE SUPPLIES LIMITED සර්විස් හී හිම්කරු ලෙස පෙනී සිටින රෝෂාන් ගුණරත්න හෙවත් ලන්ඩන් බිජ්ජාය.

ඒ අනුව සුරේන්ගේ නිර්දේශ මත නිශාන්තගේ ආයතනයට මුල්‍ය ආයෝජ කිරිමට පුද්ගලයන් කටයුතු කරන අතර පහත දැක්වෙන්නේ ඒ සදහා නිශාන්තගේ ආයතනය ලබාදුන් Memorandum of understanding හෙවත් අවබෝධතා ගිවිසුමක එක් පිටපතකි.

ඊට අමතරව නිශාන්ත විසින් තමන් ලබාගත් මුල්‍ය ආයෝජන වෙනුවෙන් චෙක් පත් නිකුත් කල අතර නිකුත් කල චෙක්පත් කිහිපයක්ද පහත දැක්වේ.

ආයෝජනයෙන් මාස දෙක තුන ගතවන විට නිශාන්තගේ ආයතනයේ ආයෝජනය කල මුදල් වලට අදාල තමන්ගේ කොටස් ලබා ගැනිමට ආයෝජකයන් කතා කලවිට නිශාන්ත තමන්ගේ ආයතනය කඩා වැටි ඇති බවට පවසමින් ලිපි නිකුත් කර ඇති අතර ඒ වනවිටත් ආයෝජකයන්ට තරු පෙන්නට පටන් ගෙන් තිබේ.

පහත දැක්වෙන්නෙ මුදල් ගේවිම සදහා කෙටි කාලයක් ඉල්ලමින් නිශාන්ත විසින් යවන ලද ලිපියකි.

පාස්කු ප්‍රහාරය විකුණන් කෑ නිශාන්ත රාජපක්ෂ 

MAS Holdings ඇතුලු ආයතන කිහිපයකින් නිශාන්ත මාසිකව මිලියන ගණනක් ඉපැයන නමුත් එම මුදල් මෙම නාමික ආයතනනයට නොලැබෙන අතර එම මුදල් සියල්ලම නිශාන්තලාගේ මුල් ආයතනය වන STAD “සිකියුරිටි ඇන්ඩ් ඉන්විස්ටිගේෂන්ස් සර්විස්” හී ඇති ගිණුම් වලට යැවේ.

සුරේන් ප්‍රනාන්දු (Suren Fernando) සහ නිශාන්ත රාජපක්ෂගේ ඥාතිකම

පහත දැක්වෙන ඡායාරූපය 2019 දෙසැම්බර් මාසයේ පැවැති නත්තල් සාදයකදි ගත් එකක් වන අතර එය සුරේන් ප්‍රනාන්දුගේ ගේදර පැවැතියද නිශාන්ත රාජපක්ෂ හෝ නිරෝෂා රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු සහභාගි නොවු අතර එයට හේතු වුයේ දැවැන්ත මුල්‍ය වංචාවෙන් පසුව නිශාන්තලා රටින් පැන ගොස් සිටිමයි.

නමුත් මෙම ඡායාරූපයේ නිශාන්ත රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත මෙන්ම කුප්‍රකට මුල්‍ය වංචා රැසකට හිමිකම් කියන නලින් රාජපක්ෂ සිටින අතර ඔහු ඡායාරූපයේ අප නම්කර තිබේ.

ඇමරිකාවේ නිව් ජර්සී හී පිහිටි නිවසේ මේ වනවිටත් නිශාන්තගේ බිරිද සහ දියණීය සැගවි සිටින අතර ඡායාරූපයේ  සිටින ඔහුද එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන රුක්ෂාන් පෙරේරා නැමැත්තායි.

මෙම ඡායාරූපයේ රතු හැදගත් වයසක කාන්තාවන් අතර සිටින තද රතු ඇදගත් කාන්තාව අදාල පුද්ගලයාගේ මව වන අතර ඇය නිශාන්ත රාජපක්ෂගේ සමාගමේ ලේකම්වරිය ලෙස සේවය කල කාන්තාවයි.

මෙහි තවත් පුද්ගලයකු සිටින අතර ඔහු රහස් පොලිසියේ සේවය කල හිටපු SSP ගාමිණී සිල්වා,ගාමිණි සිල්වාට පසුපසින් සිටින්නේ සුරේන් ප්‍රනාන්දුයි.ඊට අමතරව NSTN Maritime Services අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිටින නිහාල් රොද්‍රිගෝ Nihal Rodrigo (General Manager) නැමැත්තාය. ස්වර්ණාවාහිනියේ හිටපු බුද්ධික කුලසේකරගේ කලින් බිරිද වන හර්ෂණී පෙරේරාද එම ඡායාරූපයේ සිටි.

පහත ඡායාරූපයේද ඉතා පැහැදිලිව සුරේන් ප්‍රනාන්දුව දැකගත හැක.

ලංකාවෙන් පැන්න නිශාන්තගේ බිරිද සහ දියණීය මේ වනවිට ඇමරිකාවේ පදිංචී නිවසේ ලිපිනය අප මේ වනවිට තහවුරු කරගෙන තිබේන අතර එය 157, Broad street, bloomfield, New jersey,07003

නිශාන්තගේ බිරිද සහ දියණීය සැගවි සිටින  New jersey නිවසේ පදිංචි පවුල ….

157, Broad street, bloomfield, New jersey,07003 නිවසේ පදිංචි වි සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන  රුක්ෂාන් පෙරේරා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්!

මේජර් නිශාන්ත තවත් වටයකින් තමන්ගේ බොරු ආයතනයේ මුදල් ආයෝජනය කල පාසල් මිතුරන් රැවටිමකට ලක්කර තිබේන අතර ඒ සදහා තමන් දැඩි මානසික පිඩනයකින් පෙලෙන බවත් මුදල් ගෙවා ගැනිමට නොහැකිව තමන් සියදිවි හානීකර ගන්නා බවත් පවසමින් ලිපි යොමුකර ඇති අතර ඒ වෙනකොටත් නිශාන්ත සහ පවුල ලංකාවේ පිටව යෑමට ආසන්නව සිට තිබේ.

පහත දැක්වෙන්නෙ තමන්ගේ මිතුරන් ගෝනාට අන්දමින් නිශාන්ත රාජපක්ෂ යැවු ලිපිය

 

නිශාන්තගේ දියණීයගේ විවාහයත් අවසන් ….

මේජර් නිශාන්තගේ දියණීයගේ විවාහය ලියාපදිංචිය (Engagement) එක බත්තරමුල්ලේ Waters Edge හෝටලයේ 400කගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා හෝටලයට පමණක් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවා තිබේ.ඇය විවාහ ගිවිසගෙන සිටියේ ගාමිණී ලෝකුගේ අමාත්‍යවරයාගේ සමීපම ඥාති පුත්‍රයෙකු සමග වන අතර මේ වනවිට එම විවාහය අවලංගු කිරිමට අදාළ නීතිමය කටයුතු ආරම්භ කර තිබේන අතර ඊට හේතු වි ඇත්තේ මේජර් නිශාන්ත ඔහුන්ට කර තිබේන මුල්‍ය වංචාවයි. විවාහ ගිවිසගත් තරුණයාට අයත්,ගාමිණි ලෝකුගේටද කොටස් ඇති සමාගමකටද ආරක්ෂකයන් සපයන්නේ මේජර් නිශාන්තගේ STAD ආයතනයි.

මේජර් නිශාන්තගේ මුල්‍ය වංචාව හරහා උපයාගත් මුදල් කන්ද මේ වනවිට විවිධ ආයතන වල ආයෝජනය කර තිබේන බව අප පසුගිය 16 වැනිදා “රාජපක්ෂලා කොල්ල කෑ මහජන ධනය ලෝවපුරා කැරකෙන හැටි…. නිශාන්ත රාජපක්ෂ,ලලන්ත වටදුර හරහා ලන්ඩන් බිජ්ජා දක්වා විහිදුන ජාවාරම… නිමි ඇදුම් ව්‍යාපාරයට සහ දේශපාලන බලයට මුවාවි ජනතා මුදල් ගිලින හැටි…”යනුවෙන් අප අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිත තොරතුරු රැසක් අප ඉදිරියේදි අනාවරණය කිරිමට අප සුදානම්.

මිලියන් ගණනින් ජනතා මුදල් කොල්ල කැමට නිශාන්ත රාජපක්ෂලා භාවිතා කල  ලියවිල්ල 

මේ අතර මෙම කල්ලියේ වංචාවන්ට හසුවු අයට අපගේ lankanewsweb.today@gmail.com  විද්යුත් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් එවා ඇති තොරතුරු ඉතා වගකිමෙන් මෙන්ම ආරක්ෂිතව,රහස්‍ය භාවය සුරකින බවද දැනුම් දෙමු.

ඔබත් මේ කල්ලියේ වංචාවන්ට හසුවුවෙකු නම් අපට ලියන්න –lankanewsweb.today@gmail.com

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


පළමු අනාවරණය 

http://lankanewsnetwork.org/archives/22857

දෙවන අනාවරණය 

http://lankanewsnetwork.org/archives/23040

Top