Featured

මුහුදු කොටින්ගේ අධිවේගී මෝටර් බෝට්ටු සැදූ ලන්ඩනයේ කොටි ඩයස්පෝරාවේ ක්‍රියාකාරී මහා මොලකරු වූ සිංහල කාර්මිකයාගේ සුළුපියා අතුරුදහන්

මේ දිනවල අන්තර්ජාතික සහ යුරෝපීය කොටි ඩයස්පෝරාව යලි පණගැන්වීමේ සහ නැවත ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමේ කාර්යයේ යෙදී සිටින කොටි ජාලයට සම්බන්ධ කිරිබත්ගොඩ මහර ප්‍රදේශයේ සිංහල නිවසක වසර ගණනනාවක් තිස්සේ රහසිගතව හමුදා බුද්ධි අංශවල තියුණු ඇස් වලට වැලිගසා ඉතා සුක්සම ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සිංහල කොටි ජාලයේ නිවසක් ගැන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කල මෙහෙයුමකදී වර්තමාන කොටි සංවිධානයේ ශ්‍රී ලංකාව තුල කරගෙන යන සංකීර්ණ ක්‍රියා ගැන මේ දිනවල හමුදා බුද්ධි අංශයේ විශේෂ අවධානය යොමුවී ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

කලින් කල මෙරටට පැමිනිනෙන කොටි ක්‍රියාකාරීන් ට නවාතැන් දෙමින් ශ්‍රී ලංකා ව තුල නැවත කොටි හිතවාදීන් ප්‍රති සංවිධානය කිරීමට උදව් කල දැනට එක්සත් රාජධානියේ කොටි ඩයස් පෝරාවේ ක්‍රියා කාරී සාමාජිකයෙකු වන මහ මොලකරු වූ මෙම මෝටර කාර්මිකයා සහ ඔහුගේ පියා ඇතුළු කොලබ ප්‍රදේශයේ කොටි හිතවාදී තවත් සිංහල තරුණයින් පිරිසක් ගැන මේදිනවල හමුදා බුද්ධි අංශ වල උකුසු ඇස යොමුවී තිබේ.

මෙසේ මෙරටට පැමිණෙන කොටි ක්‍රියාකාරීන් විසින් කාලයක් තිස්සේ පාවිච්චි කරන ලද ත්‍රි රෝද රථයක් සහ නවීන වර්ගයේ අධි සුඛෝපභෝගි වාහනයක රියදුරෙක් ගැන මේදිනවල එම අංශ දැඩි අවදායනේ පසුවන බව ද අප ආරක්ෂක වාර්තාකරු අනාවරණය කළා.

මෙම නිවසතුල තිබී මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන ලෙස නවීන චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි ටොම් ටොම් උපකරණ කොටස් බාවිතා කරමින් නව නිර්මාණයක් ලෙස නිපදවා ඇති යන්ත්‍ර කීපයක්ද අධි වේගී මෝටර් එන්ජින් වල හමහර කොටස්ද මෙම එන්ජින් කොටස් එකිනෙකට සම්බන්ධ කොට මෙරට තුල නාවික හමුදාවටත් මෙතෙක් නොමැති ආකාරයේ අධිවේගී මෝටර් බෝට්ටු නිර්මාණය කල හැකි ආකාරයේ දළ සටහන් කීපයක්ද හමුවී ඇතැයි තවදුරත් වාර්තාවේ. මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන කණ්ඩායම කියා සිටින්නේ මෙම සිංහල මහ මොලකරු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබද විශේෂ ඥ වරයෙකු විය හැකි බවය.

මේ අතර කාලයක් තිස්සේ වසාදමා තිබු මෙම නිවෙසට වරි වරන් වර පැමිණෙන ඔහුගේ සුළු පියා දැනට සුමාන කීපයක සිට ආගිය අතක් නොමැති බවත් අන්තිම වරට ඔහු එම නිවසට   මෙම මස  6 වෙනි දින ගොස් නැවත ඔහු තම බිරිද සමග පදිංචි වී සිටි නිවසට මේ දක්වා නොපැමිණි බවත් ඔහු කිසිම ත්‍රස්ත වාදී සංවිධානයකට සම්බන්ධ අයෙකු නොවන බවත් ඔහු සොයා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටින බවත් ඉතා මානසික ව්‍යාකුල භාවයෙන් සහ අධි මානසික පීඩනයෙනට පත්ව සිටින ඔහුගේ මහලු බිරිද ඉල්ලිමක් කර තිබේ.

Top