Featured

මෛත්‍රීගේ ගූ බට්ටා බෝපගේ දෙරණ නාලිකාවෙන් මිලියන සියයක කප්පම් ගන්න හදලා

ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය ඔක්තෝබර් මස 12 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති වන ආකාරයට සංස්කරණය කොට එදින විකාශනය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය ඔක්තෝබර් 25 වන දින ලිපියක් මගින් දන්වා ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙරණ මාධ්‍ය ජාලය වෙත මෙලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව අද දෙරණ වාර්තා කිරීමෙන් එහි අන්තර්ගතයට හානියක් සිදුවී නොමැති බවට පුළුල් පැහැදිලි කිරීමක් ඔහු වෙත ලිඛිතව යවා ඇති පසුබිමකදීය.

අදාළ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 11වනදා අත්සන් තබා පසුව එම ලිපිය දෙරණ ආයතනයට නොයවා ඔහුගේ සහචරයන් යොදවා අදාළ ලිපිය ගැන බිය වද්දමින් දෙරණ නාලිකා හිමිකරු අන දිලිත් ජයවිරගෙන් මිලියන 100ක කප්පමක් ඉල්ලා පණිවිඩ යවා ඇති අතර් අදාළ මුදල ලබාදිමට කටයුතු කරන්නේ නම් ලිපිය ලැබිම වැලැක්වීමට තමන්ට හැකි බව බෝපගේ ගේ සහචරයන් පවසා තිබේ.කෙසේවෙතත් අදාළ තර්ජනයන්ට බිය නොවු දෙරණ හිමිකරු ඇතුලු කණ්ඩායම එම් කප්පම් දිගින් දිගටම ප්‍රතිකේෂ්පකර ඇති අතර ඒ හෙතුවෙන් අදාළ ලිපිය දින 06කට පසුව එනම් ඊයේ 18 දින සවස දෙරණ ආයතනයට ලැබෙන්නට සලස්වා තිබේ.

අදාළ කප්පම් ඉල්ලිමට සම්බන්ධ තොරතුරු රසක් අප සතුව් ඇති අතර එවා ඉදිරියේදි අප අනාවරණය කිරිමට සුදානමින් සිටි.

තර්ජනාත්මක ලිපිය පිළිබඳව දෙරණ කල අනාවරණය …….

http://www.sinhala.lnwtoday.com/archives/10076

http://www.sinhala.lnwtoday.com/archives/10110

Top