Featured

මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින් නීතියෙන් බේරාගැනිමට අහිංසක රියදුරන් බිල්ලට දුන් මෛත්‍රී!

මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් රැගෙන යමින් සිටියදි තමන්ගේම වරදකින් අනතුරට පත්ව මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායාමේ 5 දෙනා සහ තුවාල ලැබු 5 දෙනා බෙරා ගැනිම සදහා ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරය අනතුරට පත් වීම නිසා ඉදිරියෙන් පැමිණි බස් රථයේ රියදුරාව විධායක ජනාධිපති සිරිසේනගේ නියෝගයෙන් අත් අඩංගුවට ගෙන තිබේ. එම රියදුරාට අනතුරේ වරද තමන්ගේ බව පිළිගන්නා ලෙසට බලපෑම් කරමින් සිටියි.

අපකල අනාවරණය කියවන්නExclusive:මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

CCTV දර්ශන අනුව තනි ඉර කපා ඉස්සර කළ ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරය පැදවූ රියදුරා පැහැදිළිවම වරදකරු ය. එ බැවින් ඔහුට විශ්‍රාම වැටුප් හෝ වන්දි හිමි නොවේ. නමුත් බස් රථයේ රියදුරා වරද පිළිගත හොත් ඔහුට ඒවා හිමි වෙයි.

CCTV දර්ශනය නරඹන්න 

එසේම අනතුරේ වගකීම විධායක ජනාධිපතිවරයාටත් බැර වෙයි. එනම් නොපුහුණු ආරක්ෂක නිලධාරීන්ව තමන් යටතේ තබා ගැනීමයි. එවන් නොපුහුණු ආරක්ෂක නිලධාරීන් සුළු කලබලයකදීත් හතර අතේ වෙඩි තියමින් ලේ විලක් කිරීමට ඉඩ ඇත. එබැවින් විධායක ජනාධිපති සිරිසේනගේ රැස්වීම් වලට යන අය මරණය අතේ තියන් යන බව සැලකිය යුතුය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටියේ ශ්‍රී ලංකාවේ අති දක්ෂතම කමාන්ඩෝ සෙබලුන් ය. උතුරු නැගෙනහිර යුධ භූමියේත් විශිෂ්ට දස්කම් දක්වා ඇති ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “රණවිරුවන්” ය. එහෙත් රණබිමේ සටන් කළ රණවිරුවන් ගැන බිය වූ විධායක ජනාධිපති සිරිසේන කමාන්ඩෝ සෙබලුන්ගෙන් සමන්විත වූ අති දක්ෂ ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර STF සෙබලුන්ව තම ආරක්ෂාව භාර දුනි. විශ්වාස නැතිනම් මෙන්න කියවල බලන්න.

කියවන්න –එජාප පාතාලයෙන් මෛත්‍රීටත් තර්ජනයක්!ජනාධිපති ආරක්ෂක ඒකකය විසුරුවයි!

අත්දැකීම් බහුල STF සෙබලුන් කපා හැර, එක්සත් ජාතික පක්ෂයේ පවුල් වලින් පැවතෙන STF සෙබලුන්ව ජනාධිපති ආරක්ෂාවට බඳවා ගති. මාර්ග නීතිවත් නොදැන මහ පාර තමන්ගේ කියා සිතමින් ඩිෆෙන්ඩරය පදවන හැටියෙන්ම එය පෙනෙයි. එසේම විධායක ජනාධිපතිවරයාගේ බිරිඳගේ ආවතේව කටයුතු භාරව සිටියේ යන්තම් අවුරුද්දක පළපුරුද්දක් ඇති පොලිස් නිලධාරිනියකි. ඇයද අවාසනාවන්ත ලෙස මරු දුටුවා ය.

දක්ෂයන්ව කපා හැර පළපුරුද්දක් නැති අයට තැන දීමෙන් අවසානයේදී අහිංසකයින් 4 දෙනෙක් මිය ගියෝය. ඔවුන් ගැන අප හදවතින්ම කණගාටුව පුද කරමු. අත් දැකීම් බහුල කමාන්ඩෝ සෙබලුන්ව දිගටම තියා ගත්තානම් හෝ අඩුම තරමින් අත්දැකීම් බහුල STF සෙබලුන්ව දේශපාලන බේධයකින් තොරව ජනාධිපති ආරක්ෂාවට බඳවා ගත්තානම් එම අහිංසකයින් මිය යන්නේ නැත.

ඉදිරියෙන් ආවේ බස් රථයක් නිසා ඩිෆෙන්ඩරයට එවන් අනතුරක් සිදු වුණි. නමුත් ඒ බස් රථය වෙනුවට ඔබ මාර්ග නීති පිළිපදිමින් මොටෝසයිකල් එකකින් ආවානම් අද ඔබ එලොව ගොස් ය. විධායක ජනාධිපති සිරිසේනගේ සට්ටැඹියන් මහ පාරේ යද්දී කානුවට බැස ජීවිතය බේරා ගැනීමට සිදුව තිබේ.

Top