Featured

මෛත්‍රීගේ සක්විති කොලු ගැටයා

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ගේ බුදලයක් කරගත් මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට සහ සිය පවුලට ලංකා ඊ නිවුස් හරහා මඩ ගසන ලදයි චොදනා කරමින් අංක එකේ කපටියෙකු වන මොබිටෙල් හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොළුව ඉවත් කිරිමෙන් පසුව මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කල වෑගපිටිය මහතාගෙන ව්‍යාපාරික සහකරුවකු වන හෙෂාන් ද සිල්වා බිලියන ගනනක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්ද වගකිවයුතු මෙන්ම තවත් සක්විති ගණයේ පොරක් බව අනාවරණය වි තිබේ.

හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට ‘බිලියන්’ පතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර 17,000 ක පමණ මුදල් ආයෝජය කර ඇති බව පැවසේ. එසේම අමරිකාවේ නිව්යෝක් නුවර හෙජ් අරමුදල් දෙකක ඩෝලර් බිලියන 2කට ආසන්න මුදලක් ආයොජනය කර ඇති බවද පැවසේ. මෙරට ලාෆ් ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙසද ඔහු කටයුතු කරයි.

ඔහුගේ ව්‍යාපාර ආරම්බය හා එය වසර 7 ක තරම් කෙටි කාලයක් තුලදී මෙතරම් දියුණු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා අවධානය යොමු කර ඇත.

මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ දූරයට අළුතෙන් පත්වූ අති දක්ෂ ව්‍යාපාරිකයෙකු යයි පවසන හෙෂාන් ද සිල්වාගේ වයස අවුරුදු 26 කි. ඔහු තමාව හඳුන්වාගන්ගේ බිලියනපතියෙකු ලෙසයි. ඒ ද රුපියල් වලින් නොවේ ඇමෙරිකානු ඩොලර් වලිනි.

ඔහු පවසන පරිදි ඔහු විසින් කෙන්යාව ප්‍රමුඛ නැගෙනහිර අප්‍රිකානු රටවල්වල ආයෝජනය කොටඇති මුදල ඩොලර් බිලියන දෙකකි. එමෙන්ම ඔහු පවසන ආකාරයට ඔහු කෙන්යාවේ ව්‍යාපාර 17,000 ක පමණ මුදල් ආයෝජනය කර තිබේ. එමෙන්ම මෙම ආයෝජනයන්ගෙන් 70% ක් ම අති සාර්ථක බවද ඔහු ප්‍රකාශකරයි. නමුත් මේ ව්‍යාපාර මොනවාද යන්න සම්බන්ධයෙන් විමසීමේ දී ව්‍යාපාර 10-15ක නම් හෝ පැවසීමට ඔහුට හැකියාවක් නොමැත.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකය තුල නැගෙනහිර අප්‍රිකානු රටවල ආයෝජනය කිරීම එතරම් ඵලදායී කටයුත්තක් ලෙස සලකන්නේ නැත. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඇති අනෙක් ප්‍රධානතම ගැටළුව නම් ලොකයේ ප්‍රධාන පෙලේ ආයෝජකයෙකු වන චීනය 2013 දී කෙන්යාවේ ආයෝජනය කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 474 කි. තත්වය මෙසේ පවතිද්දී හේෂාන් විසින් ඩොලර් මිලියන 2,000 ක් හෙවත් බිලියන 2 ක් කෙන්යාවේ ආයෝජනය කර ඇති බව ඔහු ප්‍රකාශකරයි. එමෙන්ම හෙෂාන් ද සිල්වා සිය ව්‍යාපාරය සඳහා ඇමෙරිකානු ජාතිකයෙකු මුදල් ආයෝජනයකොට ඇති බවක් ප්‍රකාශකරන නමුත් ඒ කවුරුන්ද යන්න පිළිබඳ ඔහු හෙළිදරව් කරන්නේ නැත.

එමෙන්ම හේෂාන් ද සිල්වාගේ ළමාවිය පිළිබඳව ඔහු පවසන කතාවේ ද පිළිගැනීමට අපහසු කරුණු ගණනාවක් දැකීමට හැක. ඔහු අධයාපනය ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දීය. වයස 16 දී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා සිය අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නා ඔහු එයින් ඇතිවූ පීඩනය හමුවේ සිය දිවි නසා ගැනීමටද උත්සාහ කොට තිබේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබන සායනයක් තුල දීර්ඝ කාලයක් නතර වී ප්‍රතිකාර ලබාගන්නා ඔහු බිලියනපතියෙකු බවට පත්වන්නේ සිය පියාගෙන් ලැබුන ඩොලර් 200 ක මුදලක් ප්‍රග්ධනය ලෙස යොදාගනිමිනි.

ඔහු සිය ප්‍රථම ව්‍යාපාරය ලෙස සිදුකරන්නේ දුර ගමන් බස් රථවල ටිකට් සඳහා රක්ෂනාවරණයක් ලබාදීමයි. මීට අමතරව තමා වැඩිදුර අධයාපනය ලබාගෙන නොතිබුන නමුත් විශ්ව විද්‍යාල සිසුන් සඳහා ශාස්ත්‍රීය නිබන්ධණ ලිවීම තුලින් ද මුදල් උපයා ඇත. මේ ව්‍යාපාර දෙක හරහා බිලියනපතියෙකු බවට පත්වන මොහු කෙන්යාවට පැමින ඩොලර් බිලියන දෙකක මුදලක් කෙන්යාවේ ආයෝජනය කරයි.

නමුත් මේ කියන කතව තුල ගැටළු රාශියක් පවතින බව බැලූ බැල්මටම ඕනෑම අයෙකුට පෙනී යයි. මොහු හා සමඟ කරන ලද සම්මුඛ සාකච්චා ගණනාවක් අන්තර්ජාලයේ ඇති අතර ඒවා දෙස බැලීමේ දී මොහු සැබෑ බිලියනපතියෙකුට වඩා අති දක්ෂ රැවටිලි කාරයෙකු යන හැඟීම ඕනෑම අයෙකු තුල ඇතිවීම වැලැක්විය නොහැක.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පවුලේ සල්ලි මල්ල තරකර ගැනිම සදහා මෙම මජර කොලු ගැටයා අධ්‍යක්ෂක වරයෙකු කල බව දැන් අනාවරණය වෙමින් තිබේ.ඒ අනුව ඉදිරියේදි මෛත්‍රීගේ දහම් පුත්‍රයා සමග එක්ව රටේ මුදල් යහපාලනය මුවාවෙන් සක්විති ගණයේ ව්‍යාපාර සදහා යෙදවිමට මෙ වනවිටත් පිඹුරුපත් සකසා අවස්න් බවද අනාවරණය වි තිබේ.

Top