Featured

මෛත්‍රී,ජනාධිපතිතුමා මගේ තාත්තා වගේ -අල්ලයි මගේ නැට්ට

කවුරු මොනවා කිව්වත් තමන්ව එක මොහොතකටවත් අත් අඩංගුවට ගැනිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉඩ නොතබන බව පසුගියදා තරුණයෙකු පැහැරගෙන ගොස් මරණ තර්ජනය කර පහරදිමේ සිද්ධියේ ප්‍රධානම සැකකරු වන කොළොන්නාවේ කුඩු රැජින ලෙස ප්‍රසිද්ධියට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරුන් සමග පවසා තිබේ.

“ඔයාලා බයවෙන්න එපා ජනාධිපතිතුමා මගේ තාත්තා වගේ ….මම කියන දෙවල් එතුමා අහනවා…කවදාවත් මාව අත් අඩංගුවට ගන්න ඉඩ තියන්නේ නෑ….” එතුමාගේ දුවලා කියන දෙටත් වඩා මම කියන දෙ අහනවා…මට මේ ප්‍රශ්ණය උන ගමන් ජනාධිපතිතුමා කතා කළා….දුව ඔයා බය වෙන්න එපා…මම ඉන්නවානේ…කියලා එතුමා කිව්වා ….

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එල්ල වෙමින් තිබේන චොදනා එකින් එක තහවුරු වෙමින් පවතින බවත් අදාළ චොදනාවන්ට අනුව මේ වනවිටත් තමන්ගේ සේවාදායකයා වන මන්ත්‍රීවරිය සිටිය යුත්තේ ගෙදර නොව හිර ගෙදර බවද අදාළ නීතිඥවරුන් පවසා තිබේ.

hirunikar_lnwමේ අතර මන්ත්‍රිවරියගේ කාර්ය මණ්ඩල සේකයෝ පස්දෙනෙක් හා තවත් අයෙක් කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ජනවාරි 4 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුවා.දෙමටගොඩ රෙදි කඩ සේවකයකු පැහැර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

ඩිෆෙන්ඩර් රියකින් ආ නාඳුනන පිරිසක් දෙමටගොඩ ලකී ස්ටාර් රෙදි සාප්පුවේ සේවකයකු පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය අධිකරණයට දැන්වීය. මේ ගැන ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසු විට ඇය එවැන්නක් ගැන නොදන්නා බව කීවේ යැයි පොලිසිය උසාවියට දැන්වීය. පසුව ඇය ජිප් රිය හා සැකකරුවන් පොලිසියට බාර දුන් බව ද පොලිසිය කියා සිටියේය.

සිද්ධිය ඇසින් දුටු සිව් දෙනෙකුගේ සාක්කි සටහන් කර ගත් බවත් අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අමිල ප්‍රියංකර අමරසිංහ පැහැරගැනිම් ,පහරදිම හා නිති විරෝධි ලෙස රඳවා ගැනිම හා ඔවුනට නඩු පවරන බව පොලිසිය අධිකරණයට දැන්විය.

 

Top