Featured

මෛත්‍රීපාල කොටින් ලවා කොස් ඇට බාවයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි විම වර්ජනය කරමි මෛත්‍රීගේම ඉල්ලිම මත ප්‍රංශයේ දෙමළ ඊළාම් ජනතා සංසදය හරහා නිවේදනයක් නිකුත් කර ගැනිමට කටයුතු යොදා තිබේ.දෙමළ ඩයස්පොරාවෙන් කටන ලද ඉල්ලිමකට අනුව එම නිවේදනය නිකුත් කිරිමට කටයුතු කර ඇති බවද අප ප්‍රංශ විශේෂ වාර්තාකරු සදහන් කළා.අදාළ නිවේදනය නිකුත් කිරිම සදහා යහපාලන ආණ්ඩුවේ සමීප මිතුරෙකුව සිටින දෙමළ ඩයස්පොරාවේ ප්‍රධානී සුරේන් සුරේන්ද්‍රන් හරහා මෙම නිවේදනය නිකුත් කර ගැනිමට කටයුතු කර එති බවද අනාවාරණ වි තිබේ.

උපුටා ගැන්ම -දෙමළ ඊළාම් ජනතා සංසදය

“ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සමුළුවට සහභාගිවීම පිළිබඳ විස්තර මේ දක්වා අපට ලැබී නොමැත. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කල විමර්ශන වාර්තාවේ, ශ්‍රී ලංකාවේ සැලසුම් සහගතව මානුෂ්‍යත්වයට එරෙහි වරදවල් සිදුකර ඇති බව සඳහන් කර ඇත. ජාත්‍යන්තර වශයෙන් දඬුවම් ලැබිය යුතු වරදවල් ශ්‍රී ලංකාවේ හමුදාව විසින් සැලසුම් සහගතව සිදුකර ඇති බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.”

“මෙවැනි පසුබිමකදී, ප්‍රංශයේ අගනගරය වන පැරිස් නගරය හිදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීම සඳහා ජාත්‍යන්තර නීති රීති වලට පටහැනිව වරදවල් සිදුකල ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණීම අප දැඩිලෙස හෙළාදකින්නෙමු. මෛත්‍රීපාල සිරිසේන එම රටේ ජනාධිපතිවරයා පමණක් නොව, පසුගිය මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේ පැවැති යුද්ධයේ අවසන් දින කිහිපයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ඒ අනුව, ඔහු යුද අපරාධකරුවෙකු වේ.”

උපුටා ගැන්ම අවසන්  

යනුවෙන් කරුනු කිහිපයක් එහි සදහන් කර ඇති අතර එම නිවේදනය ශ්‍රීලංකාවේ මාධ්‍ය හරහාද වැඩියෙන් නිවේදනය කරන ලෙසට නියෝග කර තිබේ.දිගින් දිගටම රට පාවාදිම හේතුවෙන් මෛත්‍රීට එල්ල වි ඇති සමාජ විරෝධය හේතුවෙන් එය වෙනස් කර ගැනිම සදහා මේ අකාරයට නිවේදනයක් නිකුත් කර ගැනිමට කටයුතු කර තිබේ.

Top