Featured

මෛත්‍රී,රනිල්ට කැවු අවසන් කේක් කැල්ල

නව ව්‍යවස්තාවක් සම්පාදනය කිරීම හරහා අගමැතිධූරයට පත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කර තිබේ.එක්සත් ජාතික පක්ෂයේ කුලි හමුදාව වන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාතලේ දී පැවැති ජන හමුවක් අමතමින් පවසා ඇත්තේ නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරනු ඇති බවත් ඉන් අනතුරුව ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා බවට පත්වීමට සැලසුම් කර සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ සිරිසේන ජනාධිපතිවරයා අතර පවතින අසාමාන්‍ය සබඳතාවයක් සම්බන්ධයෙන්ද එජාපය රනිල් පිළ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ඊයේ අනාවරණය කළා.

කියවන්න –සිරිසේනට එජාපයෙන් තනතුරක්! සජිත්ගෙන් යොජනාවක්

මේ අතර එම මෙහෙයුමේම කොටසක් ලෙස ලංකා ඉතිහාසයේ අපකිර්තිමත්ම ජනාධිපතිවරයා වි සිටින සිරිසේන සිය සුනඛ පොතකයා වන දුමින්ද දිසානායකගේ “පචහඩ” පුවත් පත හරහා ගොඨාභය රාජපක්ෂ මහතාට දැමු මුට්ටියට ගෝඪා කුඩුවෙන්නටම පහර දි තිබේ.

“හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලබා දීම කෙරෙහි ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් ගෙන යමින් තිබෙන ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ඇති හොඳම විසඳුම මෙය බව එම ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරුන්ගේ අදහස වී ඇත. මේ වෙනුවෙන් මන්ත‍්‍රී ධුරය ප‍්‍රදානය කිරීම සඳහා මෙවර පාර්ලිමේන්තුවට මුල් වරට පත් කරන ලද නවක මන්ත‍්‍රීවරයකු ඉදිරිපත් වී සිටින බව ද දැන ගැනීමට ඇත.”යනුවෙන් කසිකබල් වෙබ් කාරයෙකු පචපුවත් පතට අමු කෙප්පයක් ලියා තිබුනේ හයිඩ් පිටියේ රැව් දුන් ජනතා හඩ මහින්දට මෙන්ම රාජපක්ෂලා වෙනුවෙන් පෙනි සිටින නිසා ඇතිවු භිය නිසාමය.දුමින්දයා දෙන කියක් හරි සාක්කුවේ දා ගන්නා පචහඩ පත්තර කඩේ එවුන් මොනවා හරි ලියා දමන්නට දෙවරක් සිතන්නේ නැත.

කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ඒ මහතාට යෝජනා වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී පවසා සිටියේ නිකමුන් මෙන් පාර්ලිමේන්තුවට ගිය උන්ට කණේ පහරක්ද ගසමින් ය.

Top