Featured

මෛත්‍රී,රවී ගොනාට අන්දයි -අයවැයේ පිටු කිහිපයක් මෛත්‍රී මාරු කරයි

යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනයේ පිටු කිහිපයක්ම ගලවා දමා ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මත සැකසු පිටු කිහිපයක් එකතු කිරිමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනවා.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ අයවැය ලේඛණය සකස් වි ඇති අතර අද දහවල් හදිසියේම අයවැය ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන්වාගෙන ඇති අතර එහි පිටපත් කිහිපයක් මාරු කිරිමට කටයුතු කර තිබේ.

අදදහවල් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ අයවැය ලේඛනය රැගෙන ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඇති අතර එහිදි මෙම වෙනස්කම් කර තිබේ.බදු සංශෝධනය කිරිම සම්බන්ධයෙන් අගමැතිවරයා කර තිබු පිටු කිහිපයක් මේ අකාරයට වෙනස් කිරිමට ලක්කර තිබේන බවද මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති වී ඇති අර්බුදය භාවිතා කරමින් මෛත්‍රී මේ දිනවල රවී කරුණානායක දිනාගෙන ඇති අතර මෛත්‍රී පිහිටුවන ඔනෑම ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරය රවීට ලබාදිමට පොරොන්දුවක්ද දි තිබේ.

ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට ඇති වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති රවී කරුණානායක අතර අර්බුදය ගුටි කෙලි දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස මුදල් ඇමතිවරයා විසින් පත්කර තිබූ ඔහුගේ ඥාතියා ඉවත් කොට අගමැතිවරයා විසින් පත්කළ කීත් බර්නාඩ් වැඩ භාර ගැනීමට ගිය වෙලාවේ මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් විසින් පහර දී එළවා දැමීම හේතුවෙන් රවී-රනිල් ගැටුම ආරම්භ වි තිබේ.

එජාප ජයග්‍රහණය සඳහා කිසිදු මෙහෙයක් සිදු නොකළ අසලකවත් නොසිටි පුද්ගලයෙකු වන කීත් බර්නාඩ් නැමැත්තෙකු අගමැතිවරයාගේ නිර්දේශය මත රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස පත්කිරීම පිළිබඳව උරණ වී ඇති මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් ඔහුට මෙසේ පහර දී එළවා දමා තිබේ.

Top