Featured

මෛත්‍රී ඉන්නේ පණ බයේ

නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් සමග ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද (26) පෙරවරුවේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන් විට ලන්ඩනයේ සිටින අගමැතිවරයාගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි ඔහු මේ බව අවධාරණය කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායකද රනිල් කල ප්‍රකාශය තහවුරු කර තිබේ….මිට දින කිහිපයකට පෙර අගමැතිවරයා මුණගැසුණු ජනාධිපතිවරයා …”පවතින තත්ත්වය මත මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රිලනිපය සුදානම් නෑ “යනුවෙන් ප්‍රකාශ කල බවද අමාත්‍යවරයා අනාවරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සියයට 22ක් ඉක්මවා ඡන්ද ලබා ගැනිම පවා ඉතා අසීරු බව පසුගිය දින 40ක් පුරා බුද්ධි අංශ විසින් සිදුකරන ලද සමීක්ෂණයෙන් පසුව ලබාදුන් වාර්තා හරහා අනාවරණය කර තිබුනා.

Top