Featured

මෛත්‍රී කුක්කන්ගෙන් ප්‍රවේශම් වනු!

යහපාලනය වෙනුවෙන් කඩේ ගිය පිරිස් ආණ්ඩුවෙන් ඉවත් විමත් ආණ්ඩුව තැන තැන විවේචනය කිරිමත් ,යහපාලනය ඇති වෙන බවට පාරම්බැ ජ්‍යොතිෂය කාරයන් සියලුම දෙනා කනපිට ගැසිමත්,ජනතාව මුලාවේ දමමින් ඉදිරිපත් කල අජූත අයවැය හමුවේ ආණ්ඩුව කඩාවැටිමේ අවදානමකට ලක්ව තිබේන බව වාර්තා වේ.ජහපාලන ආණ්ඩුවේ අය-වැයත් සමග ආණ්ඩුවෙ දෙදරා යැම සිඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ එකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් බවයි මෛත්‍රීපාල සිරිසේනගේ බත් බැලයන් පෙන්වා දි ඇත්තේ.

මේ හේතුවෙන් කලබලයට පත්ව සිටින යහපාලන මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහගේ ගිලිහි ගියහොත් තමන්ට බලය රැක ගැනිම කිසිසෙත්ම පහසු නොවන බව මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් සමග පවසා ඇති අතර ඒ අනුව මෛත්‍රීගේ පැරෂුට් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පත්තර කඩමලු සහ වෙබ් අඩවි භාවිතා කරමින් මහින්ද ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ප්‍රවෘතියක් නිර්මාණය කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ඇති සබදතාවයන්ට සහ එයට සහය දෙන්නන්ට උපක්‍රමශිලිව පහරදිමට මෙම වෙබ් මාෆියා කරුවන් සහ පත්තර කඩමලු කාරයන්ට භාරදි ඇති අතර ඒ සදහා මුදල් සැපයිමට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටද පවරා තිබේ.

ඒ අනුව අද දුමින්ද දිසානායකගේ සත්හඩ පත්තර කඩමල්ල වාර්තා කර ඇත්තේ

“ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහතික වී ඇත.සිය ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර නොච්චියාගම, සමන් කන්ඩම්බි මහතාට අයත් සමනල රෙස්ටුරන්ට්හි පසුගිය 18 වන දින පැවැති දිවා භෝජන සංග‍්‍රහය අතරතුර දී රාජපක්ෂ මහතා මෙසේ පවසා ඇත.” යනුවෙනී.

මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලිමේදි හිටපු ජනාධිපතිවරයා ඒ වැනි ප්‍රකාශයක් ඔය කියන ස්ථානයේ සිදුකර නැති අතර සැබෑවටම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කැලි වලට කඩා දමා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන බව බත් කන ඔය හරකුන්ට නොතෙරුනද රටට සහ පක්ෂයට ආදරය කල ජනතාව් හොදින්ම දනී.

“නොච්චියාගම පැවැති උත්සවයේ දී මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි අය අමතා විපක්ෂයට සම්බන්ධ වී වෙනම සන්ධාන පෙරමුණු හදාගෙන ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට තමන් හවුල් නොවන බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ‍්‍රීලනිපය ඉදිරිපත් විය යුතු බවත් තමන් ඒ සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් පැවසූ බව රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට මහතා පවසයි.”

“රාජපක්ෂ මහතාට පක්ෂපාත කොටස් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කළත් මැතිවරණයක දී ශ‍්‍රීලනිපයට සහාය වීම තමන්ගේ අපේක්ෂාව යැයි ඔහු පැවසූ බව ද රොහාන් වැලිවිට මහතා පැවසීය.”

“රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එදින උදෑසන කොළඹ, අභයාරාමයේ පැවති උත්සවය සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී සිටි නමුදු නොච්චියාගම උත්සවය සඳහා සහභාගී වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සඳහා සම්බන්ධ කර නොගත යුතු බවට දැඩි මතයක් ද එම කණ්ඩායම තුළ පවතී.”

මේ අතර සිය සුපුරුදු පච ෆැක්ටරිය වත්මන් සම්මුති රජය ජනතා අප‍්‍රසාදයට පත්කිරීමට හා ඒ මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ගෙන ඒමට සංවිධානාත්මක සැලසුමක් දියත්ව පවතින බවත් මේ සදහා හිටපු ජනපතිට සමීප ඥාතීන් , දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් පිරිසක්ද සම්බන්ධව සිටින බවටද පච පුවත් පලකර තිබේ.

Top