Featured

මෛත්‍රී පත්කලාට මම දන්නේවත් නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඌව, මධ්‍යම, හා වයඹ යන පළාත් සදහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති නිලධාරියෙකු පත් කිරිම හරහා අදාළ පළාත් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන්ට දරුණු ලෙස බලපෑමක් එල්ල වෙමින් ඇති බවට එජාප ඇමති මණ්ඩලය අගමැතිවරයාට කරුණු පැහැදිලි කර තිබේ.

සමස්ත ලංකවෙහිම සංවර්ධන කටයුතු සඳහා කැබිනට් ඇමැතිවරුන්ද ඒ ඒ පළාත් සඳහා පළාත් සභා ඇමැතිවරුන්ද පත කර සිටියදී මෙම පත්විම් හදිසියේම ලබා දි ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පළාත් සදහා වෙන් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සදහා බලපැම් කිරිමට බවත් එම හදිසි පත් කිරිම් පසුපස හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද සිටින බව එජාප ඇමති කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දි තිබේ.

මෙම පත් කිරිම් එක අතකින් පළාත් සභා බලතල කප්පාදුවක් වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන ඇමැති මණ්ඩලය ඉක්මවා යෑමක් ද වන බව ඇමති කණ්ඩායම පෙන්වා දි තිබේ.

ඌව පළාත සඳහා ජගත් පුෂ්පකුමාර, මධ්‍යම පළාත සඳහා එරික් ප්‍රසන්න වීරවර්ධන, වයඹ පළාත සඳහා ශාන්ත බණ්ඩාර, යන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් ද පොලොන්නරු දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරී ලෙස ප්‍රේමසිරි මුණසිංහ මහතා ද මෙළෙස පත්කර ඇති අතර මේ වනවිටත් ඔහුන් පළාත් මට්ටමින් සිදුකරන සංවර්ධන වැඩසටහන් සදහා බරපතල ලෙස බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර අදාළ සාකච්ඡාවේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දි ඇත්තේ අදාළ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් හෝ ව්‍යාපෘති නිලධාරින් පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිම අවස්ථාවක තමන් දැනුවත් නොකල බවත් තමන්ද එම පත් කිරිම් දැන ගත්තේ මාධ්‍ය හරහා බවයි.

“මෛත්‍රීයි බයයි…..එයාට් මිනිස්සු නැති නිසා…ඔය වේලෙන් එයාගේ මිනිසුන්ට එයා තනතුරු දෙනවා…ඔය විදියට තව කී දෙනෙකුට කියලා දෙන්නද…..අයවැය නිසා මට කතා කරන්න වෙලාවක් ලැබුනේ නෑ…අනික කතාකළා කියල වැඩකුත් නෑ…”යනුවෙන් අගමැති වරයා සිය ඇමති කණ්ඩායමට පවසා තිබේ.

Top