Featured

මෛත්‍රී පිළේ 5 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට -ඇමතිකම අත්හරී

යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී පිළේ බත් බැලයන්ගේ අර්බුදය උග්‍ර අතට පත්කරමින් මෛත්‍රීගේ බලපෑම් මත මේ දක්වා ජනතා විරෝධී ආණ්ඩුවේ ඇමතිකම් කරන ශ්‍රිලනීප මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම අමාත්‍යධුර අතහැර දමා ඒකාබද්ධ විපක්ෂය සමග එක්විමට සුදානම් බව දැනුම් දි තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් හයිඞ් පිටියේදී මාර්තු 17 දින සංවිධානය කරන ලද දැවැන්ත “ජන සටන”විරෝධතා රැළියේන් පසුව තවදුරටත් එජාපය සමග ආණ්ඩු කිරිම කිසිම වැඩකට නැති වැඩක් බව එම ඇමතිවරුන් පවසා තිබේ. “ජන සටන” දෙවන විරෝධතා රැළියට සමගාමිව තමන්ද ආණ්ඩුවෙන් එලියට බහින බවත්,ජනතා විරෝධී එජාප ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආණ්ඩුව අන්තයටම පිරිහි ඇති බවත් එහි එම නිසා තවදුරටත් මේ ආණ්ඩුව සමග ගමන් කිරිමෙන් සිදුවන්නේ නැවත් කිසිදිනක මැතිවරණයකට ඉදිරිපත් වි ජනතාවගේ කැමත්ත ලබා ගැනිමට තමන්ට අවස්ථාවක් නොලැබි යැම බවද එම ඇමතිවරුන් කණ්ඩායම පෙන්වා දි තිබේ.

කියවන්න –ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළ දෙකඩ වේ….

ඒකාබද්ධ විපක්ෂය විසින් හයිඞ් පිටියේදී මාර්තු 17 දින සංවිධානය කරන ලද විරෝධතා රැළියට සහභාගි නොවන ලෙස ශ්‍රිලනිප මහලේකම්වරයා විසින් කිහිප වතාවක්ම දැනුම්දී තිබියදී ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 46 දෙනකු ඇතුළු විශාල ශ්‍රීලනිප සාමාජිකයන් පිරිසක් ඊට සහභාගිවීම හේතුවෙන් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණදී ඇතැයි වාර්තා වෙයි.

එම අනාවරණය කියවන්න – හයිඩ් පිටියේ වේදිකාවේදි මහින්ද මෛත්‍රීගේ බත් බැලයන්ගෙන් ඇමතුම්-ශ්‍රිලනිප ටොමියා කූජිත වේ

ශ්‍රිලනිප මහ ලේකම් හේවත් මෛත්‍රීගේ ටොමියා දුමින්ද දිසානායක, රැලියට සහභාගි වන සාමාජිකයන් සම්බන්ධ යෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව කිවද අප පසුගියදා අනාවරණය කළ පරිදිම මන්ත්‍රීවරුන් 46 දෙනා සම්බන්ධයෙන් විනය පරික්ෂණ පැවැත්විම නතරක් කිරිමට මෛත්‍රීට සිදුව ඇති අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවෙන් කල විමසිමට පිංගුත්තර එස්.බි දිසානායක,ටොමියා සහ තවත් දෙදෙනෙකු හැර අනිකුත් සියලුම දෙනා විනය ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂප කර තිබිමයි.

Top