අප රටට මහ ස්වභාවික විනාශයක් සිදු වූයේ 2004 වර්ෂයේ දෙසැම්බරයේ දීය. එය මුහුද ගොඩ ගැලීම හෙවත් සුනාමියයි. සුනාමි සිදු වීම අප හදවත් තුළින් තවමත් මැකි ගොස් නැතිය. ඒ තරමට ම එම සිදුවීම ජනහදවත් හි ප්‍රබල කම්පනයක් ඇති කළේය. මෙම වර්ෂයේ මැයි මස ද ස්වභාවික අනතුරක් අප රට තුළ සිදු විය. එය නම් රට පුරා ඇද හැලූනු අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයයි. සුනාමියත් ගංවතුර තත්ත්වයත් අප රටේ සමහරුන්ට රත්තරං අවස්ථාවන් බවට පත්වූයේ එම තත්ත්වයන් නිසා ලැබුණු ආධාර නිසාය. සුනාමිය හැදින්වූයේ රත්තරං වතුර ලෙසය. සුනාමියට බොහෝ සෙයින් ආධාර ලැබුණේ ජාත්‍යන්තර වශයෙනි. මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයටත් ජාත්‍යන්තරයෙන් සුළු වශයෙන් ආධාර ලැබුණද ඉන් විපතට පත් වූවන්ට බොහො සෙයින් ගම් නියංගම්වල සිට මෙරටෙහි ම සහොදර ජනතාව අධාර උපකාර කළෝය.
මෙම ලිපියේ අරමුණ සුනාමියට හෝ ගංවතුර තත්ත්වයට ජාත්ත්යන්තරයෙන් හො දේශීය වශයෙන් ලැබුණු ආධාර උපකාර ගැන කතා කිරීම නොවේ. ගංවතුර තත්ත්වය මුල්කරගෙන යහපාලන ආණ්ඩුව සිය ගජ මිතුරන්ට බීර නිපදවීම සඳහා ලබාදුන් බදු සහන පිළිබඳව කතා කිරීමයි. මතට තිත යනුවෙන් උදේ හවා පාරම්බාමින් මත් පැන් හෝ මත් ද්‍රව්‍ය මෙරටින් පූර්ණව තුරන් කළ යුතුබව ද කියමින් ලයන් බීර පමණක් මෙරටට අත්‍යාවශය භාණ්ඩයක් වූයේ කෙසේද? අප මේ දිග හරින්නේ ඒ ඛේදවාචක්යේ කතාවයි.
අත දිගහැර දුන් සහන
ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා කැපී පෙනෙන බදු සහනයක් ලබා දී තිඛෙන බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා පළකර තිබුණි. ඉකුත් මැයි මාසයේ රට තුළ සිදු වූ ගංවතුර ට බීර සමාගම යටවීම නිසා ආණ්ඩුව මෙම සහනය සළසා දී තිබුණි. ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන මධ්‍යසාරවලට අය කරන බදු මෙම සහනයෙන් එම සමාගමට ලැබේ. මෙම සමාගම නිශ්පාදනය කරන ලයන් සහ කාල්ස්බර්ග් බීර කම්පූචියාව, ලාඕසය මලයාසියාව සහ ඉන්දියාවද නිශ්පාදනය කරයි.සියයට 5කට අඩු මධ්‍යසාර අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අය කරන රෙගු බද්ද රපියල් 500 සට 129 දක්වාද, සියයට 5ට වැඩි මධ්‍යසාර අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් 500 සිට 246 දක්වාද අඩු කර ඇත. මෙම සහනය දී ඇත්තෙ ලයන් බීර නපදවන බෘෘවර් සමාගමට පමණි.
අනෙකුත් බද්ද වරාය හා ගුවන්තොට සංවර්ධන බද්ද ඇතුළුව ආනයන බීර ලීටරයක් වෙනුවෙන් අය කරන බද්ද රුපියල් 582කි. පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස් දිමට රෙගු ආඥා පනතින් මුදල් ඇමතිට බලය හිමි වී ඇත.
යහපාලන අරමුණු
(1) වත්මන් ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ යහපාලනය වෙනුවෙන් දකින සිහිනයක් තිබේ. එම සිහිනය සැබෑ කරගැනිම සඳහා දකින දැක්මක් මෙන්ම ඒ උදේසාවන මෙහෙවරක්ද තිඛෙයි. ඒවා ඉතා පැහැදිළි ලෙස ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අතරට 2014 වර්ෂයට සාපේක්ෂව 2020 වසර වනවිට ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රවය නිශ්පාදනය, ප්‍රවාහනය හා අලෙවිය, අවම වශයෙන් 80%කින් අඩු කිරීම.
2014 වසරට සාපේක්ෂව 2020 වසර වනවිට මධ්‍යසාර භාවිතය නිසා ඇතිවන රිය අනතුරු සංඛ්‍යාව අවම වශයෙන් සියයට 50කින් අඩු කිරීම.
දුම්කොළ මධ්‍යසාර සෘජු හෝ වක්‍ර ප්‍රචාරය සහ එම සමාගම්වල සමාජ සත්කාරක වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කර දැමීම සහ නිවසේදී සේවා ස්ථානවලදී හා පොදු ස්ථාන වලදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් භාවිත නොකරන්නන්ටවන හානිය අවම කිරීම හා එබඳු ගැටලුවලින් තොර පරිසරයක ජීවත්වීමට භාවාතා නොකරන්නන්ට ඇති අයිතිය තහවුරු කිරීම.
මද්‍යසාර භාවිතය නැරඹීමට හෝ තම භාවිතය වැඩි කිරීමට බලපෑම් නොකරන සමාජ පරිසරයක් ඇති කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සෘජු හෝ වක්‍ර බලපෑම් නිසා රොහල් ගතවීම අවම කිරීම මෙන්ම දුම්කොළ මධ්යාර ඇතුළුව මත්ද්‍රව්‍ය සුලබතාවය ඇති කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන්වන සෘජු හා වක්‍ර හානිය පිළිබඳව නිවැරදිව හා විධිමත්ව ජනතාව දැනුවත් කිරීම ආදිය යහපාලන ආණඇඩුවේ අරමුණු අතර වෙයි.
අත්‍යාවශය භාණ්ඩයක්
රජය ජනතාවට කියන්නේ බදු ආදායම රාජ්‍ය ණය ස`දහා වනපොලිය ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බවයි. එසේ කියමින් මෙතෙක් බදු අය නොකළ භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට ක්‍රියා කර අපේ වැට් බදු අනුපාතය ද ඉහළ දැමීමට ක්‍රියා කළේය. ජනතාවට පාන් කියා ගැනීමට නොහැකිවන තරමට බදු බර ඉහළ ගිය ද ලයන් බියර් නිපදවන බෘෘවරි සමාගමට විශ්මය දනවන බදුසහන ප්රදානය කිරීමට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කටයුතු කොට ඇත.
මෙරට බියර් බියර් ඒකාධිකාරිය පවත්වාගෙන යන මෙම සමාගමට සියයට 64ක බදු සහනයක් ලබා දෙමින් බීර ආනයනය කිරීමට ඉඩ දී තිඛෙන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ගේ මැදිහත්වීම යටතේදී ය. මෙවැනි බදු සහනයක් ප්රදානය කිරීමේදී කැබිනට් අනුමැතියක් හෝ ලබාගෙන නොමැත. සාමාන්‍යයෙන් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවන් සඳහා විශාල බදු සහනයක් ප්රදානය කිරීමේ දී සැලකිල්ලට ගනු ලබන සාධක ගණනාවකි.
එනම් එම භාණ්ඩය හෝ සේවාව කොයිතරම් දුරට ජනතාවට අත්‍යවශ්‍ය ද එම භාණ්ඩය හෝ සේවාව ට කොපමණ සෘජු හා වක්‍ර රැකියා බිහිවී තිබේද? රටේ අවශ්‍යතා වෙනුවෙන් කොයිතරම් දුරට එය වැදගත් ද යන කරුණු කෙරේ අවධානය යොමු කරනු ලබයි. එහෙත් ”බියර්” ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන්නේ කෙසේද?
අදිසි හස්තය කාගේද
වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්තිය වී තිඛෙන්නේ මතට තිත තැබීමය. ජනාධිපතිවරයා හැම විටම කියා සිටින්නේ තමන්ගේ ප්‍රතිපත්තිය මත් පැන් හා දුම්වැටිවලින් ලැඛෙන ආදායමින් (සුරාබදු)රජයේ අයවැය හිඟය පියවීම නොවන බවයි. රජයේ ප්‍රතිපත්තිය එසේ වී තිබියදීත් බියර් සමාගමක් වෙනුවෙන් මෙතරම් බදු සහනයක් ප්රදානය කරමින් දැවැන්ත බදු ආදායමක් අහිමිකර ගන්නේ කුමන බලපෑමක් මතද? සේවකයින් 180ක් සිටින ලයන් බෘෘවරි සමාගම පිටුපස සිටින අදිසි හස්තය කවුරුන්ද?
බියර් ලීටරයක් ආනයනය කිරීමේදී රුපියල් 211කි. එඇ අනුව රජයට බියර් ලීටරයකින් අහිමිවන ආදායම රුපියල් 371කි. දැනටමත් මෙම සමාගම බියර් ලීටර් ලකෂ 2ක් ආනයනයකොට ඇති අතර එමඟින් රජයට අහිමි වී ඇති පාඩුව රුපියල් මිලියන 74කි. මේ වනවිට තවත් බියර් කන්ටේනර් 2000ක් ශ්‍රී ලංකාවට එමින් පවතින අතර එම බියර් සඳහා ද අය කරනුයේ ලීටරයකට රුපියල් 211ක සහන බද්දකි. මෙම බදු සහනය ඉදිරිමාස 04 දක්වා පැවතිය හොත් එමගින් රජයට අහිමි වී යන බදු ආදායම දළ වශයෙන් රුපියල් කෝටි 600කි.
සුරාසොඬුන්ට බියර් පෙවීම
පසුගිය දා ඇති වූ ගංවතුරින් බියගම පිහිටි ලයන් බෘෘවරි සමාගම ද ජලයෙන් යටවිය. මේනිසා දේශීයව බියර් නිෂ්පාදනය අත්හැර දැමු‚. නමුත් ඔවුන් ගේ සමාගම රකෂණය කොට තිබූ හෙයින් ආදායමට හෝ භාණ්ඩ වලට සමාගමක් ලෙස පාඩු විඳීමට සිදවී නොමැත. එඇ බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විසින් කර තිඛෙන ප්‍රකාශය මගින් මනාව හෙළිවෙයි. එම ප්‍රකාශය මෙසේය.
”මාස තුනක පමණ නිෂ්පාදන කටයුතු අඩපණ වුවත් අපවත්කම් ගංවතුර නිසාවන විපත් සඳහා මෙන්ම එමගින් ඇතිවන ව්‍යාපාර පාඩුව සඳහාද රකෂණ හිමිකම් ඔප්පු ලබා ඇති අතර එඇවා නැවත ප්රතිරකෂණයකර ඇත. එඇ නිසා සමාගමේ මූල ප්රවාහයට කිසිම ආකාරයකට බලපෑමක් නොවේ”.
තත්ත්වය එසේ නම් මත්පැන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් පෙනී නොසිටිනවා යැයි කියන වත්මන් යහපාලන රජය ලයන් බෘෘවරි සමාගම සුපිරි බදු සහන ප්‍රමාණය යට සැඟවීඇති ගනුදෙනුව කුමක්ද?
සමාගමේ කොටස්වලින් සියයට 24ක් සුප්‍රකට කාස්බර්ග් බහු ජාතික සමාගම සතුය. සියයට 64ක් සෙල්ව නාදන් සහෝදරයින් සතුය. සෙසු කොටස් කොටස් හිමියන් සතුයි. හරීසෙල්වනාදන් යනු රජයේ සංචාරක කටයුතු පිළිබඳ උපදේශක වරයෙකි. ගංවතුරින් විනාශ වූ හෝ කොස්ගම සාලාවේ විනාශ වූ කිසිදු ව්‍යාපාරික ආයතනයකට නොලැබුණු සුපිරි බදුසහනය පිටුපස මෙමබලවේග ක්‍රියාත්මක නොවේද?
සෙල්වනාදන් සහෝදරයින්ගේ ”කාර්සන්ස් කම්බබැ”ජ්සමාගමේ වාර්ෂික වාර්තාවලට අනුව 2015/16 වර්ෂවල රුපියල් කෝටි 470ක ශුද්ධ ලාභයක් ලබා ඇත. එඇ අතුරින් ලයන් බෘෘවරි සමාගම පමණක් රුපියල්කෝටි 200ක ශුද්ධ ලාභයක් ලබා ඇත. ගත වු වසර 10 ඇතුළත කාර්සන්ස් කම්බබැජ් සමාගම රුපියල් කෝටි 6788ක ශුද්ධ ලාභයක් හිමි කරගෙන ඇත. (කොටස්වෙළෙඳපොළ 2015/16 වාර්ෂික වාර්තාව)මෙවැනි අති විශාල ලාබ ලබන සමාගමකට මාස 02ක් 03ක් වැනි සුළු කාලයකට, රකෂණ වන්දිද ලැබී ඇති පසුබිමක ව්‍යාපාරය පවත්වාගෙන යා නොහැකිද?
තත්ත්වය එසේ නම් රුපියල් කෝටි 600ක් අහිමිකර ගනිමින් ආණ්ඩුව මේ කරන්නේ ගජ මිතුරන් රකිමින් බියර් සමාගමක ලාභය තව දුරටත් වැඩි කිරීමටඋපකාරී වීමක් නොවේද? ජනතාව මත බදු බර පටවමින් ඔවුන් ගේ කරපිටින් ඉදිරියට යන ආණ්ඩුව සුරාසොඬුන්ට බියර් පොවන සමාගම්වලට බදු සහන දීම රජයේ යහපාලන ප්‍රතිපත්තියට කොයි තරම් එකඟදැයි විමසියයුතුය.
රුක්මාල් සිල්වා