Featured

යහපාලනයෙන් මන්ත්‍රීවරුන්ට කෝටි 200 ක අල්ලස්, ඒක වහන්න නාමල්ගේ කාර් එක අදියි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට හීලෑ කරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 200 ක මුදලකට වාහන ලබා දීමට සුදානම් කර තිබේ. මේ බව මේ බව සඳහන් වන්නේ ආණ්ඩුවට සහය පළ කරන වික්ටර් අයිවන්ගේ Sunday,28 Aug 2016 රාවය පුවත් පතේ ය.

යහපාලනයට සිදුවෙන එම කළු පැල්ලම වසා දැමීම සඳහා නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාවිච්චි කර විකුණන ලද මෝටර් රථය අත් අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව රජයේ සේවකයන්ටද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ සිට තීරුබදු රහිත වාහනයක් ලැබෙයි.

එලෙස ලැබෙන වාහනය පාවිච්චි කිරීමෙන් අනතුරුව විකුණා දැමීම කවුරුත් සිදුකරන දෙයකි. එසේ නැතිව වාහනයක් ගත් පසුව කිසිවෙක් එය තම ජීවිත කාලය පුරාවටම තමන් සන්තකයේ තබාගන්නේ නැත.

2010 දී ලැබුණ වාහන පර්මිට් එකෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ෆොර්ඩ් මෝටර් රථය මිලදී ගත්තේ බැංකු ණයක් ලබා ගනිමින් ය. භාවිතා කිරීමෙන් පසුව එය ව්‍යාපාරිකයෙකුට විකුණා ඇත.

ආණ්ඩුවේ වුවමනාව වෙනුවෙන් FCID එක කාලයක් තිස්සේ නාමල්ගේ ලැම්බෝගිණිය, රත්තරං අශ්වයින්, හෙලිකොප්ටර් 6, බකිම්හැම් මාලිගා, හෝටල් සොයමින් සිටියේය. ඒවා හොයාගැනීමට නොහැකි වූ තැන සියලුම මන්ත්‍රීවරුන්ටම ලැබී පසුව විකුණන ලද මෝටර් රථ අතුරින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත්ව තිබූ මෝටර් රථය පමණක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පමණක් නොව වත්මන් රජයේ මැති ඇමතිවරුන් අතුරින් සාතිශය බහුතරය ආණ්ඩුවෙන් ලැබෙන මන්ත්‍රී පර්මිට් වාහන මිලදී ගෙන පසුව විකුණා තිබේ.

– අසන්ත ගොඩකවෙල –

Minister_CAR (1)

Minister_CAR (2)

Top