Featured

රටට ආදරේද?ජනතාවට ආදරේද? එහෙනම් පාර්ලිමේන්තුව කැදවමු! විධායකය,ව්‍යවස්ථාදායකය හරහා රට ශක්තිමත් කරමු! පාර්ලිමේන්තුව කැදවනවානම් මෙන්න ක්‍රමය!

Published on: Mar 20, 2020 – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම අප සැමගේ මූලික යුතුකමයි. යමෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේනම් එයට එරෙහි වීමත් එකී උල්ලංඝනය නිවැරදි කිරීමත් නීතියේ පාලනය සහ යහපාලනය වෙනුවෙන්වන පුරවැසියන්ගේ වගකීම බවත් යුතුකම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාව අනුව පැහැදිලි මූලධර්මයකි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැන වූ සමයේ එහි 62.2 අනුව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 06කි. (නීතියක් නොවූ 19න් පාර්ලිමේන්තුවේ ධූරකලය වසර 05ක් කර ඇත)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය දා එනම් 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33(2)ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවනු ලැබුයේ පාර්ලිමේන්තුවට වසර 4 1/2ක් ගිය තැනය. ඒ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස සළකමින් ය. එනම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවනු ලැබූයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති 33.2.(ඇ) සහ 70වන ව්‍යවස්ථාවල විධිවිධාන පරිදිය.

මෙම ලියම්කරු විසින් 19වන ව්‍යවස්ථා සංශෝධනය මේ දක්වා නීතියක් වී නැති බව අවධාරණය කරමින් ජනාධිපතිවරයාගේ එකී පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුවට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාටත්, නීතිපතිවරයා ඇතුලු තවත් ආයතන වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කළ ගැසට්ටුව වැරදි වන්නේ මේ දක්වා 19ය නීතියක් වී නැති හෙයිනි. එනම් 2015 දී 19යට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනෙකු විසින් ඒකමතිකව ලබා දුන් තීරණය උල්ලංඝනය කරමින්‍ වේ.

2015 දී 19යට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනෙකු විසින් ඒකමතිකව ලබා දුන් තීරණයක් උල්ලංඝනය කරමින්‍ බව පැහැදිලි කිරීම

පනත් කෙටුම්පතක් සම්මත වූ පසු ඒ බවට කථානායකවරයා සිය අත්සන සහිත සටහනක් මගින් පනත් කෙටුම්පතේ දැක්විය යුතු ආකාරය 79වන ව්‍යවස්ථාවේ දැක්වේ. සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත වීම, විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වීම, ජනමත විචාරණයකට යොමුකළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3ක ඡන්දයෙන් සම්මත වූ පනත් කෙටුම්පතක් ආදී අවස්ථාවකදී කථානායකවරයා සිය අත්සන ඇතිව සටහන තැබිය යුත්තේ කෙසේද යන්න 79 වන ව්‍යවස්ථාවේ පැහැදිලි කරයි.

ජනමත විචාරණයකට යා යුතු බවට නියම කර ඇති විධිවිධානයක් හෝ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත වී ඇති අවස්ථාක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවද ඒ සහතිකයේ සදහන් විය යුතු බව 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයේ දක්වා ඇත.

ඒ අනුව 2002 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයා වළක්වන විධිවිධානය 2015 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද ඇති හෙයින් එකී විධිවිධාන පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වූ අවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකයක් එවකට සිටි කථානායකවරයා විසින් යෙදිය යුතුව තිබුණි.

79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව කථානයකවරයා 2015 පාර්ලිමේන්තුවට ගෙන ආ 19යට සිය සහතිකය (“ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට”) යොදා නැති බවත් සහ 80.2 ව්‍යවස්ථාව අනුව 19ය නීතියක් වී නැති බවත් රට හමුවේ එළිදරව්වූයේ 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු  7 දෙනාගේ තීන්දුව සමගය.

එතෙක් එනම් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තෙක් 19යේ තිබූ 33.2.(ඇ) අනුව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාවේ ඇති පාර්ලිමේන්තුව ව්සුරුවිය නොහැකි වසර 4 1/2 සීමාව යටපත්වන බව ජනාධිපතිවරයාට සහ ජනතාවට උපකල්පනය කරමින් සිටීමට අවස්ථාව තිබුණි. එහෙත් ඒ උපකල්පනය වැරදි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ

2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් 2018.12.13 දිනැති මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙන් සනාථ වේ.

එනම් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට අමතර බලතල ඇති 33.2.(ඇ) අනු ව්‍යවස්ථාව 70 වයවස්ථාවට යටත්ව කියවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු ජනාධිපතිට හෝ ජනතාවට තව දුරටත් සිය උපකල්පනවල සිටිය හැකි නොවේ.

2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අවලංගු කිරීමත් සමග 2015 දීකථානායකවරයා 19 ට සහතිකය යොදා අත්තේ 33.2.(ඇ) ව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාව යටපත් නොකරන අවස්ථාවකය. එනම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී කථානායකවරයා 19යට 79 ව්‍යවස්ථාට සහ 80 ව්‍යවස්ථාවට පටහැනිව සහතිකය යොදා ඇත.

ඒ අනුව 2018.12.13 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු කිරීමත් සමග එවකට ධූරය දරමින් සිටි කථානයකවරයාට කිරීමට තිබුණේ 2015 සිටි කථානායකවරයා සිදු කළ වැරැද්ද නිවැරදි කරමින් එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි සහතිකය යොදා එනම් “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකය යොදා 80.2 අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට 19වන ව්‍යවස්ථා සංශෝධනය නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමය.

එනම් 2015 සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට

80.2 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දීමෙන් පසු ජනාධිපතිගේ සහතිකය තබා නීතියක් බවට පත් කිරීමට අවස්ථාව ලබා දීමය.

2015. 12.13 ධූරය දැරූ කථානායකවරයා ඒ යුතුකම ඉටු නොකළ අතර එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයෙක් ඒ පිළිබද කථානායකවරයාගේ අවධානය යොමු කිරීමද සිදු නොකළේය.

19යට දැන් කළ යුත්තේ කුමක්ද?

2015 කථානායකවරයා විසින් 19යට සහතිකය යෙදීමේදී සිදු කර ඇති වැරැද්ද නිවැරදි කිරීමට තවමත් අවස්ථාව ඇත. ඒ 19 ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට කියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් නොව 19යට සහතිකය යෙදීමේදී කථානායකවරයා සිදු කර ඇති ව්‍යවස්ථානුකූල වැරැද්ද නිවැරදි කිරීමෙනි.

එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුගමනය කරමින් ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බව” ට වන සහතිකය තබා 80.2 අනු ව්‍යවස්ථාව අනුව නීතියක් බවට පත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවස්ථාව සැළසීමය. එය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට පහසුවෙන් කළ හැකිය.

එකී නීතිමය තත්ත්වය සම්පූර්ණ වීමත් සමග 2020 පාර්ලිමේන්තුව මැතිවරණට සිදුවන දේ..

කථානායකවරයා විසින් 19යට නීත්‍යානුකූල සටහන යෙදීම හෝ ජනාධිපතිවරයා විසින් එකී සටහන යොදන ලෙස කථානායකට දැනුම්දීමත් සමගම මොහාන් පීරිස් අගවිනිසුරුවරයා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියා කිරීම වැනි තත්ත්වයට 19ද පත්වේ.

ඒ අනුව19 යටතේ සිදුකරන්නට යන එකම ක්‍රියාවක් හෝ ඉදිරියට කරගෙන යා නොහැකි තත්ත්වයට පත් වේ. එනම් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටත් නොහැකි වේ. තවද පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුවද, මැතිවරණට නාම යෝජනා කැදවීමද බල රහිත වේ. එසේම කථානායකවරයා ට පාර්ලිමේන්තුව කැදවීමටද බලය ලැබේ.

වර්තමානයේ පවතින සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය තවත් වසර 1 1/2 කින් ඈතට යන හෙයින් ජනාධිපතිවරයාට රටේ පවතින අයහපත් තත්ත්වය කළමනාකරණය කර ගැනීමටද, රටේ නීතියේ පාලනය ස්ථාපිත කිරීමටද අවස්ථාව සැළසේ.

ගැටළුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19යට කථානායකවරයාගේ සහතිකය වැරදියට යොදා ගත් 19න් අයුතු වසි ගන්නා තැනැත්තන් ජනාධිපතිවරයා අසළත්, විධායකයේත්, පාර්ලිමේන්තුවේත්, අධිකරණයත් ඉන්නා හෙයින් ජනාධිපතිවරයාට 19යේ නෛතික වැරැද්ද තේරුම්ගත හැකි පරිසරයක් තිබේද යන්නයි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.03.20)

arunaunawatuna@gmail.com

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top